භුගෝලීය වශයෙන් සීමාවී නොමැති වීම නිසාවෙන් හා තාක්ෂණික දියුණුව සමග නීතිය අතික‍්‍රමනය කිරීමේ හැකියාවක් අන්තර්ජාලයට ඇත. වර්තමානය වන විට අන්තර්ජාලය සඳහා නීතිමය තත්වයක් ගොඩනැගීමට බොහෝ කරුණු ගොඩනැගී ඇත. එයට අන්තර්ජාලය පමණක් නොව එය භාවිත කරන්නන්ද බොහෝ සෙයින් වග කිව යුතුව ඇත. එහිදී අන්තර්ජාලයෙන් සිදුවන හානි කොටස් 3ක් යටතේ හඳුනාගත හැක.
- පුද්ගලයන්ට එරෙහිව සිදුවන හානි.
- ආයතනයන්ට එරෙහිව සිදුවන හානි.
- සමස්ත සමාජයට එරෙහිව සිදුවන හානි.
මෙහිදී පුද්ගලයන්ට පුද්ගල පෞද්ගලිකත්වයට හා පුද්ගල දේපල වලට සිදුවන හානි පුද්ගලයන්ට එරෙහිව සිදුවන හානි වේ. ආයතන වලට ආයතන වෙබ් අඩවි වලට හොරෙන් පිවිසීම හා එම ජාලයන්ට හානි කිරීම ආයතනයන්ට එරෙහිව සිදුවන හානි වේ. ළමා අසභ්‍ය ප‍්‍රකාශන අන්තර්ජාලයයේ බෙදාහැරීම මගින් සමස්ත සමාජයම හානියකට ලක් වේ. මේ අනූව මෙම අන්තර්ජාලය සඳහා විවිධ නීතිමය තත්වයන් නියාමනයන් ඇති කිරීම අවශ්‍යය වී ඇත.
එහිදී අන්තර්ජාලය ප‍්‍රකාශන සඳහා වැදගත් වන ජාත්‍යන්තර සම්මුතීන් මොනවාදැයි හඳුනාගත යුතුය.
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය.
- එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය.
- ජාත්‍යන්තර ගිවිසුම් ඉලෙක්ට්‍රොනික් සන්නිවේදන භාවිතය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය.
- එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික් අත්සන් පිළිබද සම්මුතිය.
- සයිබර් අපරාධ සම්බන්ධයෙන් වූ යුරොපා සම්මුතිය.
වැදගත් වේ.
අනෙකුත් ජනමාධ්‍ය කෙරෙහි බලපාන අදහස් පල කිරීමේ නිදහස, තොරතුරු දැනගැනීමේ නිදහස, අපහාසය පාර්ලිමේන්තු වරප‍්‍රසාද, අධිකරණට අපහාස කිරීම, අසභ්‍ය ප‍්‍රකාශන නීති වැනි නීතිමය තත්වයන් මීට බලපානු ලබන අතර විශේෂයෙන්ම සම්පාදනය කරන ලද පනත් 4ක්ද දක්නට ලැබේ.
- 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පනත.
- 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත.
- 2007 අංක 24 දරන පරිගනක අපරාධ පනත.
- 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත මෙහිදී වැදගත් වේ.
තවද මෙම අන්තර්ජාල නීතිමය තත්වය හා බැඳුනු සුවිශේෂීතාද හඳුනාගත හැක. එහිදී අන්තර්ජාලය භුගෝලීය වශයෙන් සීමාවී නොමැති වීම නිසාවෙන් ඒ තුල සිදු කෙරෙන සන්නිවේදනයන්ද කිසිඳු සීමාවකට යටත් නැතැයි කෙනෙකුට සිතීමට හැක. පුද්ගලයෙකු අන්තර්ජාලය තුල සිදුකෙරෙන සන්නිවේදනයකදී බොහෝවිට එකිනෙකට වෙනස්වු නීති පද්ධති පවතින රටවල් 3ක බලපෑමට ලක්වේ.
- අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගන්නා පුද්ගලයා පදිංචි රටේ නීති තත්වය.
- අදාල වෙබ් අඩවියේ දත්ත සමුදාය පවතින රටේ නීති පද්ධතිය.
- අන්තර්ජාලය වෙත තොරතුරු මුදාහරින පුද්ගලයන් පදිංචි රටේ නීති තත්වය.
මේ සඳහා බලපෑම්කාරී වේ.
උදා : ස්විට්සර්ලන්තයේ දත්ත සමුදායක් සහිත වෙබ් අඩවියක් එංගලන්තයේ සිටින පුද්ගලයෙකු මෙහෙයවනු ලබය.ි එම වෙබ් අඩවිය ලංකාවේ පුද්ගලයෙකු පරිශීලනය කරයි.
මෙහිදී මෙම රටවල් තුනෙහිම නීති හා දේශපාලන අභිලාශයන් මෙම සන්නිවේදනයට සෘජුව බලපෑම් ඇති කරයි.
තවද මෙම අන්තර්ජාල ප‍්‍රකාශන හා බැඳුනු නීතියේ නව ප‍්‍රවනතා හඳුනාගැනීමේදී පනත් කිහිපයක් යටතේ මෙය හඳුනාගත හැක.
- මාර්ගගත ප‍්‍රකාශන සොරකම වැළැක්වීමේ පනත ( ස්ටොප් ඔන්ලයින් ප‍්‍රයිවසි ඇක්ටි*
මෙය අන්තර්ජාල නිර්මාණ කළ අයගේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කිරීම හා ව්‍යාජ නිර්මාණ වලට එරෙහි ආරක්ෂකයෙක් වශයෙන්ද ඇමරිකානු නියෝජිත මන්තී‍්‍ර මන්ඩලය විසින් හඳුන්වා දී ඇත. නමුත් තවමත් සම්මත කරගැනීමට නොහැකිව ඇත.
- බුද්ධිමය දේපල ආරක්ෂා කිරීමේ පනත (ප්‍රෝටෙක්ටි අය පීි ඇක්ටි*
- වෙබ් අඩවි වාරනය හා අවහිර කිරීම.
මේ අනූව අන්තර්ජාල ප‍්‍රකාශන හා බැඳුනු නීතිමය තත්වයන් විටින් විට වර්ධනය වන ආකාරය හඳුනාගත හැක.
No comments:
Post a Comment