Thursday, June 11, 2015


පුරාණ පොකුණ ප‍්‍රතිසංස්කරණය ව්‍යර්ත වූයේ පෞද්ගලික බලපෑමක් නිසාද?


ශතවර්ශයක් වැනි කාලයක් පුරා වැලිගම කූඩළුමුල්ල ග‍්‍රාමයේ ප‍්‍රදේශ වාසීන්ගේ අවශ්‍යතාවයන් සැපිරූ පොදු නාන පොකුණ මේ වන විටත් බොහෝ අබලන් තත්වයේ පවතී.18වන ශතවර්ශයේ ප‍්‍රතම භාගයේදී පමන ගම්වාසීන්ගේ මූලිකත්වයෙන් ඉදිකර ඇති මෙම පොකුණ කූඩළුමුල්ල ග‍්‍රාමවාසීන් පමනක් නොව අවට ගම්වල වැසියන්ද පරිහරනය කරති.එහෙත් මෙම පොකුණ බොහෝ කාලයක පටන් කඩා වැටී ඉතාමත් අබලන් තත්වයකට පත්ව ඇත.මේ පිළිබදව ප‍්‍රදේශවාසීන් කිහිප විටක්ම වැලිගම ප‍්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කර ඇත.
එමගින් විසඳුමක් නොලැබු නමුත් පසුව මෙම පොකුණ ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සහය ලැබෙන්නට විය.මේ සදහා ඇස්තමේන්තු කල මුදල රුපියල් දෙලක්ෂ හැටදෙදහස් හැත්තෑ පහකි.නමුත් මේ සදහා 2013.09.20 දින ගරු ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමන්ගේ විමධ්‍යගත ප‍්‍රතිපාදන තුළින් රුපියල් ලක්ෂයක මුදලක් වෙන් කරනු ලැබීය.එමගින් ප‍්‍රදේශවාසීන් තමන්ගේ ශ‍්‍රමදායකත්වයෙන් කෙසේ හෝ එම මුදල් මගින් පොකුණ තැනීමට සිතුවේය.නමුත් හිටිහැටියේම එය ව්‍යර්තවී ගොස් ඇත.මේ වන විටත් මෙම පොකුණ එම අබලන් තත්වයේම පවතී.






මේ පිළිබඳව කරුනු විමසා බැලීමේදී හෙළිවූයේ පෞද්ගලික මැදිහත් වීමක් මත මෙම පොදු පොකුණ ප‍්‍රතිසංස්කරණය වැළකී ඇති බවයි. මෙම පොකුණ පිහිටා ඇති භූමිය අයිතිකරුවන් විසිතුන්දෙනෙකුට අයත්වන නොබෙදුන ඉඩමක් බවයි.මෙම ඉඩමේ වැඩි අයිතිවාසිකමක් ඇත්තේ ගමගේ ධර්මසිරි කාරියවසම් නමැති මේ වන විට මහරගම ප‍්‍රදේශයේ වාසය කරන පුද්ගලයෙකුටයි. ඔහු මෙම පුරාණ පොකුණ ප‍්‍රදේශවාසීන්ට කැමති අයුරකින් ප‍්‍රතිසංස්කරනය කර ගන්නා ලෙසද එයට තමන්ගෙන් කිසිදු බලපෑමක් නොවන බවද පෞද්ගලිකව වැලිගම ප‍්‍රාදේශීය ලේඛම් කාර්යාලයට දන්වා එවා ඇත.
ඒ අනූව වැලිගම ප‍්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් පැමින මෙම පොකුණ සෑදීම සඳහා ඉඩමද මැන බලා පොකුණ ප‍්‍රතිසංස්කරනය ආරම්භ කිරීමට කටයුතු සිදුකළ ද හිටිහැටියේ එය අඩාල වී ඇත.එයට හේතු විමසු කල පැහැදිලි වූයේ මෙම ඉඩමට අයිතිවාසිකම් ඇති එක් පුද්ගලයෙකු මෙම පොකුණ සෑදීමට ඇති විරොධතාවයයි.ඔහු මැදිහත් වී මෙලෙස ප‍්‍රදේශයකම අවශතා සපුරන්නා වූ පොකුණ සෑදීම අඩාල කර ඇත. එලෙස එක් පුද්ගලයෙකුගේ විරුද්ධත්වයට මුළු ග‍්‍රාමයේම ජනතාවගේ අවශ්‍යතාවන් සපුරන්නා වූ පුරාණ පොකුණ ප‍්‍රතිසංස්කරන කටයුතු ඇන හිටින. මේ පිළිබදව ප‍්‍රදේශවාසීන් නොයෙකුත් දෙනාට නොයෙකුත් විට පැම්නිලි කර ඇත.පෙත්සම් ගොනු කර ප‍්‍රාදේශීය ලේඛම් කාර්යාලට නැවත නැවතත් පැමිනිලි කර ඇතත් ග‍්‍රමවාසීන්ට තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැත.
මහීශා සේරසිංහ - මාතර













No comments: