යහපත් බලපෑම්
සංචාරක කර්මාන්තයේ පදනම පරිසරයයි.පරිසරය ආරක්ෂා කළහොත් සංචාරක කර්මාන්තය ආරක්ෂාවේ.මේ කරුන මූලිකකොට ගෙන වර්තමානයේ පරිසර ආරක්ෂණය සදහා බොහෝ පියවර ගෙන ඇත.
ශ‍්‍රී ලංකාවේද දැනටමත් පරිසර හිතකාමි සංචාරක සංවර්ධනයකට අවතීර්නවෙමින් සිටී. විශේෂයෙන්ම 1980 දශකයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙින්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත වීමත් සමග මුහුදු වෙරළ සංරක්ෂණය හා පරිසර සංරක්ෂණය පිළිබදව අදාල බලධාරී ආයතන දෙක විශේෂ අවධානයක් යොමු කරමින් සිටී.
තවද වර්තමානයේ කවර හෝ පරසරයක විශාල සංචාරක හෝටලයක් හෝ මහා පරිමාන ව්‍යාපෘතියක් ඉදිකරන්නේනමි එ සදහා අනිවාර්යෙන්ම පරිසර ඇගයිමි වාර්තාවක් ලබාගත යුතුය. මධ්‍යම පරිසර රෙගුලාසි වලට අනුකූලව එසේ ඉදිරිපත් කරනු ලබන පරිසර ඇගයිමි වාර්තාවන් මහජනතාවගේ දැනගැනීම සදහා විවෘතව තැබිය යුතුය. මෙි නිසා මහජනතාවට යමි ව්‍යාපෘතියක් පරිසරයට හානිකර බව පෙනීයන්නේ නමි ප‍්‍රබල මහජන විරෝධතාවයක් ගොඩනැගීමට ද අවස්ථාව සැලසේ කන්ඩලම හෝටලය හා යොජිත නොරොක්චොලෙයි තාප බලාගාරය සමිබන්ධයෙන් උද්ගතවු මහජන විරෝධතා මෙයට හොදම උදාහරණය වේ.
උදා : කන්ඩම වැව් තාවුල්ලේ කන්ඩලම හෝටලය ඉදිකිරීම පිළිබඳව පාරිසරික වේදීන් හා මහජනතාව ප‍්‍රබල විරොධතා මතුකළද එය ඉදිකිරීමෙන් පසුව කන්ඩලම හෝටලය පරිසර හිතකාමී හෝටලයක් ලෙස වසර දෙකක්ම හරිත ලෝක තිලිනය දිනා ගැනීමට හැකිවිය. මෙි ආකාරයට කල්වර් ක්ලබ්, ඇල්ලේ ඇඞ්වෙන්චර් පාක්, කුඩාඔය මැජික් සෆාරි කෑමිප,් උල්පොත ආදිය මෙලෙස පරිසර හිතකාමී අයුරින් සෑ¥ ව්‍යාපෘතිීන්ය.
තවද මෙහිදි සංචාරකයන්ගෙන්ම සංචාරක කර්මාන්තයට යහපතක් සිදුවන අයුරු හදුනාගත යුතුය. මෙහිදී සංචාරක ක‍්‍රියාකාරකමි නිසා විනාශයට පත්වෙමින් පවතින වනාන්තර නැවත ස්ථාපනය කිරිමටත් සංචාරකයන්ගේ දායකත්වය ද ඇතුව සතුටුදායක අන්දමින් ගස් වැල් සිටුවා ඒවා නඩත්තු කිරීමටත් උනන්දුවක් ඇතිවී තිබේ. සංචාරක ව්‍යාපාරයේදී පරිසරයට පිටකෙරෙන කාබන් ප‍්‍රමානය අවම කිරීමෙි පිළියමිද මෙහිදි ක‍්‍රියාවට නැංවෙමින් පවත.ී මෙි නිසාම තුන්වන ලෝකයේ බොහෝ සංචාරක ගමනාන්තවල පරිසරයට හානිකර තාක්ෂණික හා යාන්ත‍්‍රික උපකරණ මෙන්ම සංචාරක මෙවලමි වෙනුවට පරිසරයට එතරමි හානියක් නොමැති පැරැුණි දේශීය ගතානුගතික උපකරණ හා මෙවලමි සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගැනීමට පෙළඹීතිබේ.
උදා : ඉන්ධන දහනය වන මොටර් රථ මොටර් බොට්ටු අවම වශයෙන් යොදාගනිමින් ඒ වෙනුවට බැටරි බලයෙන් ක‍්‍රියාකළ හැකි වාහන හා යාත‍්‍රා සුළං රුවල් බොට්ටු කකුලින් පදවාගෙන යා හැකි බොට්ටු අශ්ව කරත්ත ගොන් කරත්ත වැනි විකල්ප දෑ සංචාරක
ආකර්ශන වශයෙන් භාවිතයට යොදාගනු දැකිය හැකිය. එපමණක් නොව සංචාරකයන් විසින් සංචාරක ගමනාන්ත බොහෝමයකටම පරිසර සංරක්ෂණ ව්‍යාපෘති රැුසක් සඳහා ආධාර උපකාර ලබාදෙන අවස්ථාද සුලබව නිරීක්ෂණය කළ හැකිය.
ලෝකයේ වඳවීයාමෙි තර්ජනයට ලක්වී ඇති ශාක හා සත්ව විශේෂ අද සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇති නිසාම එම වඳවීයාමෙි තර්ජනයට ලක්වී ඇති ශාක හා සත්ව විශේෂ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සංචාරක ව්‍යාපාරයේ තිරසාරභාවය උදෙසා එ්වා රැුකගැනීමෙි ප‍්‍රයත්නයට සංචාරක ක්ෂේත‍්‍රයේ පාර්ශවකරුවන් දායකවන බවද පෙනී යය.ි ශ‍්‍රී ලංකාවේ දකුණු වෙරළබඩ ප‍්‍රදේශයේ දක්නට ලැබෙන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති මෙන්ම දිවයිනේ අලිඇතුන් රැුකබලා ගැනීමෙි ව්‍යාපෘතිද අද සංචාරකයන්ගේද අනුග‍්‍රාහකත්වය යටතේ නඩත්තුවන බවද රහසක් නොවේ. එසේම පින්නවල අලි අනාථාගාරය හා උඩවලව ඇත් අතුරු සෙවන වැනි ස්ථානද මෙලෙස නඩත්තු වේ.
ශ‍්‍රී ලංකාවේ ජාතික උද්‍යාන 21ක් දැනටමත් ප‍්‍රකාශයට පත්කර ඇති අතර ඉන් 19 වනුයේ ශාක හා ජෛව විවිධත්වයෙන් ඉහළ අගයක් උසුලන වනාන්තර පරිසර පද්ධතීන් වේ. එම ජාතික උද්‍යානවලට ඇතුලූ වීමෙිදී සංචාරකයන්ගෙන් අයකරනු ලබන ප‍්‍රවේශපත‍්‍ර ගාස්තු නිසා සෑහෙන ආදායමක් ඉපයීමට රජයට හැකිවී තිබේ. පේරාදෙනිය, හෙනරත්ගොඩ හා හග්ගල පිහිටි උද්භිත උද්‍යානවලට ඇතුල්වීම සඳහා ද සංචාරක ප‍්‍රවේශ ගාස්තු වශයෙන් සතුටුදායක අදායමක් රජයට ලැබේ. මෙි නිසාම එම වනෝද්‍යාන හා උද්භිත උද්‍යාන මැනවින් පවත්වාගෙන යාමටත් නඩත්තු කිරීමටත් රජයට හැකිවී තිබේ. මෙයද සංචාරක ව්‍යාපාරය නිසා පාරිසරික වශයෙන් උදාවී ඇති යහපත් ප‍්‍රතිලාභයකි.
එමෙන්ම හරිත සමුළුව නමි නැවුමි සංකල්පයක්ද මෑතකදී සිට සංචාරක ව්‍යාපාරික ක්ෂේත‍්‍රය කෙරේ දැඩි අවධානයට පාත‍්‍ර වෙමින් පවතී. පරිසර හානියෙන් තොර පරිසර සංරක්ෂනය කෙරේ දැඩි අවධානයක් දක්වන දේශයන්හි විශාල පරිමානයේ සමිමන්ත‍්‍රන වැඩසටහන් පැවැත්වීමෙන් එම රටවල පරිසර සංරක්ෂන ක‍්‍රියාකාරකමි සදහා අනුග‍්‍රහය දැක්වීම මෙම සමුළු සංවිධායකයන්ගේ අරමුණ වී ඇත. මෙවැනි සමිමන්ත‍්‍රන ක‍්‍රියාකාරකමි සදහා අනුග‍්‍රහය දැක්වීම මෙම සමුළු සංවිධායකයන්ගේ අරමුණ වී තිබේ.
අයහපත් බලපෑම්
සංචාරක ව්‍යාපාරයේ අවිධිමත් වර්ධනය නිසා පාරිසරික වශයෙන් ඇති විය හැකි අයහපත් ප‍්‍රතිඵල රැුසක.ි විශේෂයෙන් දේශීය සංචාරකයා නිසා පරිසරයට සිදුවී ඇති හානි පිළිබදව හොදම උදාහරණය ශ‍්‍රී ලංකාව තුළින්ම අපට සොයාගැනීමට එතරමි අපහසු නොවේ. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ දේශීය සංචාරකයන් නිසා ස්වභාවික හා සංස්කෘතික පරිසරයන්ට සිදුවී ඇති හානි පිළිබදව හොදම උදාහරණය සංස්කෘතික ත‍්‍රිකෝණය ඇතුළත මෙන්ම බෝපත් ඇල්ල දුන්හිඳ හුම්මානය හා ශ‍්‍රී ලංකාවේ බොහෝමයක් දර්ශනීය දිය ඇලි ආශි‍්‍රතවද හමුවේ.
සෑම පරිසරයකටම අල්ලන ප‍්‍රමානයක් නැතහොත් රදවාගැනීමේ ධාරිතාවක් පවතින අතර එම රදවාගැනීමේ ධාරිතාව ඉක්මවා කවර වූ පරිසරයකට මිනිසුන් ඇතුලත් වීම තුළින් පැන නැගිය හැකි ගැටලූ සුළුපටු කොට සැලකිය නොහැක විශේෂයෙන් පාසල් නිවාඩුකාලයේදී යාල, උඩවලව වැනි ජාතික වනෝද්‍යානවලට සීගිරිය වැනි පැරණි සංස්කෘතික ස්ථානවලට ඇදෙන අසීමිත සංචාරක සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදීම එම පරිසරයන්ට ඇතිවී ඇති පාරිසරික හානිය පිළිබදව නිතැතින්ම වටහාගැනීමට හැකිවේ.සමහර පාසල් නිවාඩු කාලවලදී වනෝද්‍යානවලට ඇදෙන සංචාරකයන්ගේ වාහන සංඛ්‍යාව හා මිනිසුන් සංඛ්‍යාව එහි වෙසෙන ජීවීන් සංඛ්‍යාවද ඉක්මවා යන බවට සැක පහලවේ. එම පරිසරයන්ට දරාගත නොහැකි ආකාරයේ පරිසර දූෂණයන් සිදුවන බව නොරහසකි. සංචාරකයන්ගේ කෑගැසීම්, පරිසරයේ නිහඩතාවයන්ට බාදාකිරිම්, වාහනවලින් නගන ශබ්ද, ආදිය මගින් මෙම පරිසර පද්ධතිවල වෙසෙන ජීවීන්ගේ බෝවීම ඇතුලූ තිරසාර පැවැත්මටද හානිකර ලෙස බලපානු ලැබේ.
මෙහිදී සමහර සංචාරකයන් විසින් සමහරවිට හොර රහසේ වුවද ඉවත ගෙන යනු ලබන හෝ විනාශ කරනු ලබන රටට හෝ පරිසරයන්ට ආවේනික ශාක හා ස්වභාවික සම්පත් ආදියද සුලූපටු නොවන අතර එ් නිසාම එම පරිසර පද්ධතිවල තුල්‍යතාවය බිඳීයාමටද ඉවහල්වී තිබේ. පරිසර පද්ධතියකට ඇතුල්වන සංචාරකයන්ට, ”පා සළකුණු පමණක් තබා එන්න සේයාරූ පමණක් රැුගෙන එන්න ”යනුවෙන් කොතෙක් ඇවටිලි කළද එය පිළිපදින්නේ කීදෙනෙකුදැයි යන්න සැකයකි.
උදා : රෝස තිරුවානා කª වැටියට ඇදෙන දේශීය සංචාරකයන්ගේ කොපමණ දෙනෙකු නාමල් උයනේ නාමලක් නොකඩා එසේත් නැතහොත් රෝස තිරුවානා කැටයක් කඩා නොගෙන එනු නිරීක්ෂණය කළ හැකිද යනු උගහටය.
තවද මීට කාලයකට පෙර සිංහරාජ වනයේ තිබූ ආකර්ෂණීය යෝධ පුස්වැල දේශීය සංචාරකයන් නිසාම මෙි වන විට මිය ගොස් අවසන්ය. ශ‍්‍රී ලංකාවට ආවේණික වෙසක් මල, මහරත්මල, වැනි පුෂ්පයන්ට නිවි සැනසිල්ලේ තමන් වෙසෙන පරිසරය තවදුරටත් සුන්දර කිරීමට අවස්ථාව ලැබෙනුයේද සංචාරකයෙකුගේ නෙත ගැටෙන තෙක් පමණි.
සංචාරක ක්ෂේත‍්‍රයේ පාර්ෂවකරුවන් සම්බන්ධයෙන් සැලකිල්ලට ගැනීමේදීද පරිසර හිතකාමි සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට යුහුසුලූව පෙළ ගැසෙන ව්‍යවසායකයන් සංඛ්‍යාත්මකව ඉතා පහළ මට්ටමක පැවතීමද අවාසනාවකි.විශේෂයෙන් පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ මූලික අභිලාශය වනුයේ උපරිම ආදායමක් ඉපැයීම පමනක් වන නිසා ම පරිසර හානි පිලිබදව සැලකිල්ලක් නොකර තම හෝටල් හා ආපනශාලාවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍යය හා ජලය ස්වභාවික ඇල, දොළ,ගංගා ,ජලාශ, මුහුද වැනි ජල මූලාශ‍්‍රවලට ගලා යාමට ඉඩ සලසා ඇති ආකාරය ශ‍්‍රී ලංකාවේ සංචාරක ප‍්‍රදේශ ආශ‍්‍රිතව දැකගත හැකිය.
විශේෂයෙන් මහා පරිමානයේ සංචාරණය හේතු කොටගෙන සංචාරක ගමනාන්ත බොහෝමයක වෙරළතීරයන් දූෂණය වීම මුහුදු ජලය අපවිත‍්‍ර වීම මුහුදු ඛාදනය වැනි පාරිසරික ගැටලූ රැුසක් උද්ගතවී ඇති අතර සංචාරකයන් විසින් ගංගා හි ජලය ආශ‍්‍රිතව කෙරෙන ජලක‍්‍රීඩා නිසා ගංගා ඉවුරු ඛාදනය වීමද ජලය දූෂණය වීමද දක්නට ලැබේ. සුන්දර වෙරළ තීරයන්ට ඇදෙන සංචාරකයන්ට නවාතැන් හා අනෙකුත් සංචාරක පහසුකම් සැලසීම නිසා අවිධිමත්ව ඉදිවී ඇති සමහර ගොඩනැගිලි හා ඉදිකිරීම් නිසා ඒවා වර්තමානයේ සංචාරකයන්ටද කරදරයක් වී ඇතිබව නොරහසකි
උදා : හවායි වයිකිකි වෙරළ, තායිලන්තයේ පට්ටායා හා පූකට් වෙරළ, මලයාසියාවේ පෙනෑං වෙරළ හා ඉන්දුනීසියාවේ බාලි කුටාර් වෙරළ වැනි සංචාරක ගමනාන්ත.
සංචාරකයන්ගේ ක‍්‍රියාකාරකම් නිසා සංවේදී කොරල් තීරයන්ට සිදුවී ඇති හානි පිළිබඳව ක්වීන්ස්ලන්තයේ මහා බාධක පරය හා විට්සන්ඬේ දූපත ආශ‍්‍රිතව මෙන්ම ශ‍්‍රී ලංකාවේ හික්කඩුව හා කප්පරතොට ආශ‍්‍රිතවද දැකගත හැකිය. බොහෝ සංචාරක ගමනාන්තවල ස්වභාවික කොරල් විනාශය ඉක්මන් කිරීම සඳහා බහුල වශයෙන් එම කොරල් පර ආශ‍්‍රිතව සිදුකෙරෙන සංචාරක ක‍්‍රියාකාරකම් (උදා ස්නෝකින් ස්ටෆින් බෝර්ටින් ආදිය * වර්ධනය විම හේතුවක් වී තිබේ. සමරු භාණ්ඩ වශයෙන් සංචාරකයන් විසින් කොරල් කැබලි කඩාගෙනයාම හා සිප්පිකටු එම මගින් ද සංවේදි කොරල් පර පද්ධතිවලට සිදුවන හානිය පිළිබදව වර්තමානයේ පාසිකුඩා ප‍්‍රදේශයෙන් දැකගත හැකිය.
සුලබව කඳු තරනය කරනු ලබන හා වනමංපෙත් ඔස්සේ ඇවිදයන සංචාරකයන්ගේ පාදයට පෑගීම නිසා පස බුරුල්වීම මගින් සිදුවන පාංශු ඛාදනය පිළිබදව නේපාලය වැනි සංචාරක ගමනාන්තවල අසන්නට ලැබේ. එලෙසම විශාල වශයෙන් එකම ස්ථානයකට ඒකරාශිවීම හා පැමිනීම නිසා එම ගොඩනැගිලි හා භූමිය ආශ‍්‍රිතව ගෙවීම් හා ඉරීම් අවස්ථාද ලෝකයේ ඉතා ජනප‍්‍රිය ලෝක උරුම ආශ‍්‍රිතව ද දකින්නට ලැබේ.
උදා : බි‍්‍රතාන්‍යයේ ස්ටොංන්හෙන්ජ් හා ශ‍්‍රී ලංකාවේ සීගිරියද දැක්විය හැකිය.
බහු පරිමානයේ සංචරණය හේතුවෙන් විශාල වශයෙන් පාලනයකින් තොරව සංචාරකයන් ඇදී ඒ්ම නිසා සමහර සංචාරකයන්ගේ කඩාකප්පල්කාරී ක‍්‍රියා වලට භාජනය වූ ලෝක ප‍්‍රකට සංචාරක ආකර්ෂණද රැුසකි. එලෙස බි‍්‍රතාන්‍යයේ ස්ටොංන්හෙන්ජ් ලෝක උරුම ස්ථානය ආශ‍්‍රිතව සිදුවු කඩාකප්පල්කාරී ක‍්‍රියා නිසා දැන් සංචාරකයන්ට එය නැරඹිය හැක්කේ එක්තරා දූරක සිටය. ගස් ගල් වල නම් කෙටීම, කුරුටු ගී ලිවීම, පුරාවස්තු කඩා බිඳ දැමීම ආදී සිද්ධීන් ශ‍්‍රී ලංකාවේ ස්වභාවික හා සංස්කෘතික ස්ථාන බහුතරයේදීද නිරීක්ෂණය කළ හැකිය.
එලෙස සංචාරක ව්‍යාපාරයේ අවිධිමත් වර්ධනයන නිසා පරිසරයට සිදුවී ඇති අයහපත් බලපෑම් බොහෝමයක් පෙන්වාදිය හැකි අතර එබඳු අයහපත් බලපෑම් සිදුවීමට මූලික වී ඇත්තේ ක‍්‍රමවත් සැලසුම්කරණ හා කළමනාකරණ ක‍්‍රියාවලියකින් තොරව අවිධිමත් සංචාරක ව්‍යාපාරයක් පැන නැගීම නිසා බව කිව යුතුය.
මහීශා සේරසිංහ
1 comment:
අහිතකර බලපැම් වලක්වා ගැනීමට කල හැකි දේ
Post a Comment