සිනමාව...
සිනමාව යනු නූතනම කළා මාධ්‍යයි. චිත‍්‍ර,නැටුම්, සංගීත වැනි ලලිත කලාවන් සේම සිනමාවද ලලිත කලාවක් ලෙසින් අදහස් කරයි.ලෝකයේ සෑම ප‍්‍රදේශයකටම එකසේ ජනප‍්‍රිය අංගය සිනමාවයි.මෙසේ වීමට සිනමාව පිටුපස ඇති රහස කුමක්ද? සිනමාව යනු එකම කලාවක් සහ කර්මාන්තයකි. සිනමාව කතන්දර කීමේ මාධ්‍යකි.කතන්දර ඇසීමේ ආශාව මිනිසාගේ ජීව විද්‍යාත්මක ආශාවකි.මිනිසා යනු සමාජිය සත්වයෙකි.මේ නිසා මිනිසා නිහඬතාවයට, නිශ්චලතාවයට බියවේ. මිනිසාට චලනය නොවී සිටිය නොහැකිය. මන්ද ඕනෑම ජීවී වස්තුවක් චලනය වන බැවිනි.චලනය ජීවයේ පදනමයි.සිනමාවේ පදනම ජීවය හා චලනයයි.
මිනිසාගේ අද කතා රසයේ ලොල් බවට හොදම පිළිතුර ලබාදෙන්නේ සිනමාවයි.වර්තමානයේ ඩිජිටල් සිනමාව දක්වා මේ තත්වය වර්ධනය වී ඇති බව හඳුනාගත හැක. කලාත්මක මාධ්‍යක් ලෙස සිනමාවේ පවතින මූලික ශක්‍යතාවන් සොයාගනු ලැබුවේ ග‍්‍රිෆිත් විසිනි.සිනමාවෙ ඍෂිවරයා වන්නේ ග‍්‍රිෆිත්ය. ඔහුගේ අදහස වූයේ සම්පුර්ණ රූපය සිනමාව ට නැගීය යුතුය යන අදහස නොවේ. අප සාමාන්‍ය ජීවීතයේදී පුද්ගලයෙකු දකින්නේ ඒ ඒ අවස්ථාවට අපගේ අවධානයට පාත‍්‍රවන කොටස් ලෙසය. ඒ හැර අප මනසින් කපන රූප, රූප කෝන ලෙස ඔහු දක්වයි.සමීප,මධ්‍යම, දුර ආදී ලෙස ග‍්‍රිෆිත් විසින් කතා කීමේ කලාව වඩා හොඳින් කිරීමේ ක‍්‍රමවේදයක් තනයි. සිනමාව මේ තරම් ජනප‍්‍රිය වන්නේ අන් කිසිඳු මාධ්‍යකට සිනමාව තරම් කතාවක් කිවනොහැකි නිසයි.දිනෙන් දින සමාජය හැකිලීමකට පරිවර්තනය වේ.මේ හැකිලීම සිනමාවේ ප‍්‍රසාරණයට හේතු වේ. සමාජයේ හැකිලීම යනු දිනෙන් දින සන්නිවේදනයත් සමග සමාජය කුඩා වීමයි. මේත් සමග අපට අහිමිවන දෑ මොනවාද යන කාරනය සොයා යන්නේ මාධ්‍යයි. එහිදී මිනිසාට නිකරුනේ කාලය ගත කිරීමට වේලාවක් නොමැතිවීම නිසා මාධ්‍ය විසින් එයට ලොවක් තනාදී ඇත. එය තවත් හැකිලී ේජැඉදදන කරලියට පැමින ඇත. මේ අනූව ඇතැම් විට ඉතා ගැඹුරින් අපූරු ලෙස අත්දැකීම් කීමේ කලාවක් ලෙස සිනමාව හැඳින්විය හැකිය.
උදා: ඉන්දියාවේ හින්දි චිත‍්‍රපට වල ආදරය පිළිබද ප‍්‍රකාශ කරන චිත‍්‍රපට 100ක් ගතහොත් ඒවායේ ආදරය පිළිබද ප‍්‍රකාශ කරන්නේ සිය ආකාරයකටය.
තවද මේ අකාරයට බොහෝමයක් චිත‍්‍රපට සඳහා කතාව කීමට විවිධ සංස්කෘතින් සංස්කෘතිකාංග උපයෝගී කරගන්නා ආකාරයද දැකගත හැක. එහිදී සිනමා ඉතිහාසයේ සිට වර්තමානය දක්වා සිනමාව තුල සංස්කෘතිය තේමාකරගනිමින් බොහෝ පේ‍්‍රක්ෂක අවධානයක් දිනා ගැනිමට සිනමාවට හැකිවී තිබේ.
No comments:
Post a Comment