Friday, June 5, 2015

පාරිසරික සංචාරක කර්මාන්තය 


































පරිසරය හා සංවර්ධනය සමග බැදුනු ප‍්‍රධානම කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය පෙන්වාදිය හැක.ලංකාව වැනි රටක විදේශ විනිමය ඉපයීමේ ප‍්‍රධාන මාර්ගයන්ගෙන් එකක් ලෙස සංචාරක කර්මාන්තය කැපී පෙනේ. එහිදී පරිසරය වනාහි සංචාරක කර්මාන්තයේ මුදුන් මුල ලෙස හැදින්විය හැක.මෙහිදී සංචාරකයා යනු කවුරුන්දැයි ප‍්‍රතමයෙන් හදුනාගත යුතුය.
”චාරිකාවේ අභිප‍්‍රාය කුමක් වුවද සිය ස්ථිර පදින්චියෙන් බැහැරව වෙනත් රටකට අවම වශයෙන් පැය 24කට යන පුද්ගලයා විදේශීය සංචාරකයෙකි”.
මෙලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සංචාරකයා නිර්වචනය කර ඇත.ඒ අනූව ඈත අතීතයේ සිටම තම ප‍්‍රදේශයෙන් තම රටින් බැහැරව සංචාරය කරන ලදී.පසුකාලීනව මෙය සංචාරක කර්මාන්තයක් වශයෙන් දියුණු වන්නට විය. ඒ අනුව මිනිසුන් පරිසරය මුලික කොටගෙන සංචාරයට වර්තමානයේදී බොහෝ සෙයින් යොමුව ඇත.මෙය පාරිසරික සංචාරක ව්‍යාපාරයක් විකල්ප සංචාරක ආකල්පයක් ලෙස අද වඩාත් පෙරමුනට පැමින ඇත.
 ”පරිසරය සංරක්ෂණය කෙරෙන අතරම දේශීය ජනතාවගේ සුබසාධනය  නගාසිටුවීම පදනම් කරගත් ස්වභාවික හා පරිසර පද්ධතියට වගකීම් සහගතව සංචාරනය කිරීම පාරිසරික සංචාරක ව්‍යාපාරය ලෙස නිර්වචනය කර ඇත.” 
පාරිසරික සංචාරක ව්‍යාපාරය කරුනු කිහිපයක් නිසාම මෙතෙක් ලොව පවතින ගතානුගතික සංචාරක ව්‍යාපාරයට වඩා වෙනස් වේ.ස්වභාවික සහ සංස්කෘතික පරිසරයන්ට අනුකූලවන සේ සම්ප‍්‍රදායානුකූල ගොඩනැගිලි ද්‍රව්‍යය යොදාගනිමින් ඉදිකරන ලද පාරිසරික නිවහන්හි ගත කිරීම මෙන්ම පන්ෂීන් නැරඹීම, ස්වභාවික මං පෙත් අතරින් ඇවිදයාම,හබල්ගාමින් ගංඟා ඇළ දොළ වල සැරිසැරීම වැනි දෑ වලින් යුතුව ස්වභාවධර්මය විඳදරා ගැනීම පාරිසරික සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රධාන අංග කිහිපයකි.
පාරිසරික සංචාරක ව්‍යාපාරය සම්භන්ධයෙන් මෑතකදී ලෝක සංචාරක සංවිධාන විසින් නිකුත් කර ඇති ප‍්‍රකාශයකට අනූව තිරසාර සංචාරක සංවර්ධනය උදෙසා පදනම් කරගතයුතු මූලින කරුනු 4ක් දක්වා තිබේ.එනම්,
x හිතකාරීව හා වගකීම් සහිතව සැළසුම් කිරීම.
x ධරණියතිවයේ සිද්ධාන්ත වලට අනුකූලව සංවර්ධනය හා අදාල ප‍්‍රතිපත්ති හා නිර්නායක ක‍්‍රියාත්මක කිරීම.
x මුළුමණින්ම රජයේ හා පෞද්ගලික අංශාය් කැපවීම සහයෝගය ලබාදීම.
x සිවිල් සමාජයේ හා දේශීය ප‍්‍රජාවගේ සහභාගීත්වය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනටමත් 2002 වර්ෂය ජාත්‍යයන්තර පාරිසරික වර්ෂය ඉන්ටර්නැශනල් ඉයර් ඔෆ් එකො ටුවරිසම් වශයෙන් නම්කර තිබීමෙන් පාරිසරික සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම පැහැදිලිවේ.
මේ අනුව ගත්කළ සංචාරක කර්මාන්තය හා පරිසරය අතර ඇත්තේ නොබිදිය හැකි සබඳතාවයකි. පරිසරයට ස්වභාවිකව හා මානව නිර්මිත පරිසරයන් පමනක් නොව එම පරිසරයන් තුල වාසය කරනු ලබන ජනතාවගේ ක‍්‍රියාකාරකම්ද ඇතුලත් වේ. සංචාරක ව්‍යාපාරය බිහිිවීමේලා සංචාරක කර්මාන්තය මූලික වී ඇති අතර පරිසරයේ විනාශය සංචාරක ව්‍යාපාරයේ විනාශයටද හේතුවන බව පිළාගැනේ.කොටින්ම කිවහොත් සංචාරක ව්‍යාපාරයේ මූලික පදනම පරිසරය ලෙස හැදින්වීම නිවරදිය.  
මෙම පාරිසරික සංචාරනය තුල ස්වභාවික සංචරනය බිහිවී ඇත.ඒ තුළ වනාන්තර ඇතුළු ස්වභාවික ස්ථාන ආශ‍්‍රිත සංචාරනය මුහුදු වෙරළ ආශ‍්‍රිත සංචාරනය  ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන සංචාරනය හදුනාගත හැක.
මෙම සංචාරක කර්මාන්තය සදහා වර්තමානයේ බොහෝ සෙයින් වනාන්තර ආශ‍්‍රිත සංචාරනය දැකගත හැක.ලංකාව තුල ඉතා අඩු භුමියක් තුල විවිධ වු වෘක්‍ෂලතා ගහන සහ වන ජීවීන් ප‍්‍රමානයක් දැකගත හැකි අතර දකුනු ආසියානු කලාපයේ එක් වර්ග මීටරයකට වැඩිම ජෛව විවිධත්වයක් අප රට තුල දක්නට ලැබීම සුවිශේෂි කරුනක් වේ.තවද ලෝකයේම ඉත්රිවී තිබෙන 7%ක වර්ෂා වනාන්තර අතරින් එකක් වන සිංහරාජ වනාන්තරය ද ලංකාවේ පිහිටයි.තවද නිවර්ථන පතනශීලි වනාන්තර, වැසි වනින්තර, තෘණ භූමි, කඩොලාන ආදී ස්වභාවික වෘක්ෂලතා කලාප ලංකාව තුල දක්නට ලැබේ. මේ හේතුවෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය බොහෝ සෙයින් රැුඳී ඇත්තේ පරිසරය මූලික කරගෙනයි.වනාන්තර අතුලු ස්වභාවික ස්ථාන ආශ‍්‍රිත සංචාරනය විවිධ අංගවලින් සමන්විත වේ.
 එනම් ස්වභාවික ස්ථාන ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන විශේෂිත සංචාරක සංචාරක ක‍්‍රියාකාරකම්,
උදා: ත‍්‍රාස්‍යයජනක සංචරනය ස්වභාවික පරිසරයෙ යම් යම් විශේෂිත අංගමත පදනම්වූ සංචාරක ක‍්‍රියාකාරකම් (සෆාරි සහ වන ජීවීන් නැරඹීම-පරිසර සංචරනය,සාමුද්‍රික සංචරනය * ස්වභාවික උරුම ස්ථාන ආරක්ෂා කිරීම සඳහා යොමුවූ සංචරනය(?දෙස් සංචරනය,ජාතික උද්‍යාන,රක්ෂිත ආශ‍්‍රිත සංචරනය*
ශ‍්‍රි ලංකාවේ වනාන්තර ආශ‍්‍රිත සංචාරක කර්මාන්තය ගතහොත් වැදගත්ම සංචාරක ආකර්ශනයක් ලෙස සිංහරාජ වනාන්තරය හැදින්විය හැක. එය 1978දී යුනෙස්කෝ ආයතනය විසින් ”මිනිසා සහ ජෛව ගෝලීය රක්ෂිතයක්” ලෙසත් 1988දී”යුනෙස්කෝ ලෝක උරුමයක්” බවටත් පත්විය. මෙහි සත්වයන් ගත් විට සමනළයන් මත්ස්‍යයන් උරගයන් උභයජීවීන් පක්ෂීන් සහ ක්ෂිරපායින්ගේ ඉතා ඉහළ ආවේනිකත්වයක් දක්නට ලැබේ.මීට අමතරව ශ‍්‍රි ලංකාවේ ජාතික වනෝද්‍යාන වන යාල, බුන්දල, කුමන, උඩවලව, වස්ගොමුව, විල්පත්තු ආදී ජාතික වනෝද්‍යාන වන රක්ෂිත ආදියද තෙත් බිම් වගුරුබිම්ද දක්නට ලැබේ. මේ අනූව ලංකාවේ සෑම ජාතික වනෝද්‍යානයකම හා රක්ෂිතයකම සුඛොපභොගී ජංගම සෆාරි ක‍්‍රියාත්මකවේ. තවද ගුහා සංචරනය පර්වත සංචරනයද මීට සමගාමීව සිදුවේ.
උදා : ලංකාවට පැමිනෙන සංචාරකයන් ශ‍්‍රිපාද තරණය පිදුරුතලාගල රිටිගල වැනි කඳු තරණය ත‍්‍රාස්‍යයජනක ලෙස භාවිතා කරයි.
මේ අනූව වනාන්තර මූලිකකොට ගත් සංචාරක ව්‍යාපාරයන් ලංකාව තුල පමණක් නොව බොහෝ රටවල ක‍්‍රියාත්මක වනු දැකගත හැක.

වෙරළ ආශ‍්‍රිත සංචරනයද පාරිසරික සංචාරක කර්මාන්තය තුල විශේෂ ස්ථානයක් ගනී. විශේෂයෙන්ම ලංකාව වැනි රටක සංචාරක කර්මාන්තය වඩාත් රැුඳී පවතින්නේ වෙරළ ආශ‍්‍රිත සංචරනය හේතු කොට ගෙනය. ඒ ”ිමබලිැ්ලි්බ” යන 3ි සංකල්පය මූලිකකොට ගෙනයි. එනම් හිරු එලිය මුහුද සහ වැලි මූලික කොට ගෙන සංචාරකයන් වැඩි වශයෙන් පැමිනීම සිදුවේ. 
එහිදී ත‍්‍රිකුනාමලයේ නිලාවැලි සිට දකුනු පලාතේ ගාල්ල, උනවටුන, කොග්ගල, වැලිගම, මිරිස්ස, පොල්හේන, තංගල්ල, මෙන්ම ගල්කිස්ස,  බේරුවල, හික්කඩුව, අම්බලන්ගොඩ, විශේෂයෙන්ම මීගමුව ප‍්‍රදේශවල වෙරළ සංචරනයට ප‍්‍රමුඛස්ථානයක් ගනී.මෙම ප‍්‍රදේශවල සංචාරක හෝටල් සහ නිකේතන රාශියක් සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉදිවී තිබේ. 
මේ ආශ‍්‍රිතව සර්ෆ් කිරීම, බෝට්ටු පැදීම, දියයට කිමිදීම ඇතුලූ ජල ක‍්‍රිඩා රැුසක් මෙන්ම අව්ව තැපීම වැනි දෑ කරනකොට ගෙන සංචාරකයන් වෙරළ ආශ‍්‍රිත සංචරනයට යොමුවී ඇත. තවද කඩොලාන නැරඹීම, කොරල්පර නැරඹීම, ජලජ මසුන් නැරඹීම, එ් ආශ‍්‍රිත පක්ෂීන් හා විවිධ ශාක ගහන නැරඹීමද මේ ආශ‍්‍රිතව සිදුවේ. පාරිසරික සංචාරක කර්මාන්තය තුල ආකර්ශනීය සංචාරක විධික‍්‍රමයක් ලෙස මෙය පෙන්වාදිය හැක.

තවද පරිසරය මූලික කොටගත් සංචාරක කර්මාන්තය තුල තවත් සංචාරක විධික‍්‍රමයක් ලෙස ගුහා සංචරනය හඳුනාගත හැක. ලංකාව තුලද මෙලෙස ගුහා සංචරනය බොහෝ සෙයින් සිදුවේ. මෙම ගුහා සංචරනයේදී අතීත පරිසරය ගැන හැදෑරීමට අවශ්‍යය තොරතුරු පිළිබදව අධ්‍යයනය කිරීම බොහෝ සෙයින්ම සිදුවේ. අතීතයේ පැරණි මිනිසා භාවිතා කළ ශිලා මෙවලම්, ආහාරයට ගත් සත්ව අවශේෂයන් ආදිය අධ්‍යයනය කරනු ලබය.ි මෙි තුල ස්වභාවික ගුහා මෙන්ම මානව නිර්මිත ගුහාද දැකගත හැක. 
උදා : පාහියන්  ගුහාව, බටදොඹලෙන, අත්තනගලු අලුලෙන, මානියමිගම බෙලිලෙන, වාරන ගුහාව, පොතාන ගුහාව ආදී ගුහා රාශියක් ලංකාව පුරා දැකගත හැක.මෙවැනි සංචාරනයන් පාරිසරික සංචාරක කර්මාන්තය තුල බොහෝ සෙයින් සිදුවන බව හඳුනාගත හැක.
මීට අමතරව මානව නිර්මිත මානවයා විසින් නිර්මාණය කරන ලද පරිසරය මූලිකකොට ගෙන බොහෝ සෙයින් සංචාරක කර්මාන්තය සිදුවේ. ඒ තුළ ඓතිහාසික උරුම ස්ථාන සීගිරිය, පොලොන්නරුව, අනුරාධපුරය, වැනි ස්ථාන සිදුවන්නාවූ සංචාරක කර්මාන්තය ප‍්‍රධාන වෙි.
ලංකාවේ පමනක් නොව ලෝකයේ අනෙකුත් බොහෝ රටවල සංචාරක කර්මාන්තය සදහා මූලික පදනම වන්නේ පරිිසරයයි. ඒ අනුව ඔවුන් පාරිසරික සංචරනය තුල නවතම සංචාරක වැඩසටහන් ක‍්‍රියාත්මක කරය.ි
උදා : ජල  සංචාරනය නමි වු අලුත් මාදිලියේ සංචාරක වැඩසටහනක් නෙදර්ලන්තය විසින් පසුගිය කාලයේදී හඳුන්වාදෙනු ලැබීය. බෝට්ටු වලින් හා කුඩා පරිමානයේ නෞකාවලින් සමස්ථ සංචාරයම නිම කිරීම මෙහි ඇති සුවිශේෂීත්වයයි .
මෙවැනි ජල සංචාරක වැඩසටහන්  සඳහා සහභාගීවන සංචාරකයින්ගේ ප‍්‍රමානය වැඩිවීම නිසා නෙදර්ලන්ත රජය පසුගිය කාලය තුලදී එරට අභාවයට ලොස් තිබු බොහෝ ඇළ මාර්ග යළි ප‍්‍රතිසංස්කරණය කිරීමට මුල පිරීය. ඉවත දමා තිබූ බොහෝ පෞරානික බොටිටුද නැවත නවීකරනය කොට සංචාරක ව්‍යාපාරයට යෙදවීමටද බොහෝ පියවර ගත්තේය.
එමෙන්ම කෘෂිකාර්මික සංචාරයද  ලෝකයේ සංචාරක ප‍්‍රජාවගේ අවධානට පාත‍්‍රවෙමින් පවතී. විවිධ ගොවිපලවල් නැරඹීම එම ගොවිපලවල්වල කෙටි කාලයක් ගතකරමින් නැවුමි එළවලූ පළතුරු රසවිඳීම මෙන්ම ග‍්‍රාමීය සමාජයේ පිහිටි වනාන්තර වල චාරිකා කිරීම, ඇළ දොළ ආදියෙහි ඔරු පැදිම හා කඳු තරනයද මෙම    කෘෂිකාර්මික සංචාරනයට සාමාන්‍යය වශයෙන් ඇතුලත් අංග වේ.  
අනාගත සංචාරක පරපුර පෘථිවිය මත සාමාන්‍යය ප‍්‍රදේශවල චාරිකා කිරීමෙන් තෘප්තියට පත් නොවෙතැයි සංචාරක සැළසුමි ශිලිපීයෝ දැන් විශ්වාස කරති. එම නිසා අනාගත පරපුර වෙනුවෙන්  අභ්‍යවකාශයේ සහ සාගර පත්ලේ මෙන්ම ධ‍්‍රැවාසන්න ශීත කලාපය කේන්ද්‍ර කරගෙන සුවිශේෂ මාදිලියේ සංචාරක වැඩසටහන්  ක‍්‍රියාත්මක කිරීමට මෙිවනවිටත් කටයුතු කර ඇත. අවශ්‍යය ස්ථානයක පරිසර හානිය අවම වන ලෙස ඉදිකළ හැකි ගලවා හකුලන හෝටල් ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශවල හෝ වැසි වනාන්තරවල හෝ අවශ්‍යය අවස්ථාවක ඉදිකිරීමෙි හැකියාව අත්හදාබලා තිබේ. කාමර සිය ගනනකින් සමන්විත මෙවැනි හෝටල් වලින් පිට කෙරෙන අපද්‍රව්‍යය පවා හෙලිකොප්ටර් මගින් ඉවත් කිරීමට කටයුතු සමිපාදනය කෙරේ. 
සංචාරකයින්ගේ අවශ්‍යයතා මත මෙවැනි ගලවා හකුලන හෝටල්වල කාමරවල ප‍්‍රමානය  කාමරයේ පසුතලය ආදී අංග ද වෙනස් කළ හැකිය. වැසි වනාන්තර පසුබිමක හෝ මුහුදු වෙරළක පසුබිමක හෝ හිම මිදුනු කඳු නිමිනයක වූ හුදෙකලා පසුබිමක් හෝ තමන්ගේ විවේකය ගත කිරීමට තොරාගත් කාමරයේ පසුබිම ලෙස සැලසුමි කරගත හැකිවීම මෙහි විශේෂත්වයයි. සංචාරකයින් මෙම තාවකාලික හෝටල්වලට පැමිණීම සහ ඉවත්ව යාම සදහා හෙලිකොප්ටර් යානා භාවිතා කිරීමට අපේක්ෂා කරන අතර ඔවුන්ගේ පාද ස්පර්ශයවත් මෙවන් සුවිශේෂ පරිසරපද්ධති වලට හානියක් වීම වැළැක්වීම   එම ස්වභාවික පරිසරයන්ට හානියක් නොකරමින් මෙවා සිදු කිරීම අනාගත සංචාරක සැළසුමි ශිලිපීන්ගේ අරමුන වී ඇත.
සාගර පත්ලෙ අනාගතයේ ඉදිවෙන මහා හෝටල් සංකීර්ණවල තම විවේක කාලය ගෙවා දමන සංචාරකයන්ගේ ප‍්‍රමානය සුලුපටු නොවනු ඇත. සියලු අංගවලින් සමන්විත වෙළඳ සංකීර්ණ නාට්‍යයශාලා සහ සිනමාශාලාද ශරීර සුවතා මධ්‍යයස්තානද කෘතීම ක‍්‍රීඩාංගනද සාගර පත්ලෙදී සංචාරකයා ගොඩබිම මතදී මෙන්ම ක‍්‍රියාශීලීව තබනු ඇත. 2006 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයයේ ජුමෙයිරා වෙරළට ඔබ්බෙන් පර්යේෂණ මට්ටමෙි ප‍්‍රතම සංචාරක ජලජ නගරය ආරමිභවිය. මෙම හෝටලය සමිබන්ධ කරන ප‍්‍රධාන ප‍්‍රවේශය සබ්මැරීන අංගන මෙන්ම  ජලය යට ඉදිවී ඇති හෝටලයේ ආපනශාලාව වෙන්වෙන්ව ඉදිකොට ඇති කාමර සංකීර්ණ සහ කඩසාප්පු සංකීර්ණ මෙම තෙකොටසට අයත් වේ.
මෙි ආකාරයට විවිධ තේමාවන් මූලික කරගනිමින් පරිසරය මූලික කොට ගෙන සුවිශේෂි සංචාරක සැළසුමි ක‍්‍රියාත්මක වේ. මෙ අනූව සංචාරක කර්මාන්තයේ ප‍්‍රධාන මූල බීජය ලෙස පරිසරය හඳුනාගත හැක. මේ අනුව ගත්කළ සංචාරක කර්මාන්තය හා පරිසරය අතර ඇත්තේ නොබිදිය හැකි සබඳතාවයකි.

No comments: