Friday, June 5, 2015

සිළුමිණ 70 දශකයේ කතුවැකි භාෂාව

මේ මහා විපතේදී ඔබේ පිහිට ඹ්නෑ
‘අපේ සහෝදර ජනතාවගෙන් විශාල පිරිසක් අද මහා විපතකට පත්ව සිටිති. නොබෝදා ඇති  වූ ගංවතුරින් අනාථ වී සිටින දස දහස් සංඛ්‍යාත ජනකායක් අද ඔබේ පිහිට බලාපොරොත්තුවෙන් සිටිති.කිසිම බලාපොරොත්තුවක් නොමැතිව හදිසියේ මතු වු මෙම පීඩාවට පත් වී සිටින මොවුන්ගේ අනාගතය අද පවතින්නේ ඉතා අවිනිශ්චිත තත්වයක බව ඔබ දන්නෙහිය.
ගංවතුරට බිලිවූ ජීවිත ගණන සුළු පටු නොවේ. ඔවුන්ගේ දරු පවුල් අද ඉතා අසරණ තත්වයකට පත්වී සිටිති. තම පවුලේ අය මියයාමෙන් විඳ දරාගත නොහැකි ශෝකයෙන් පෙළෙන ඔවුන්ගේ විලාපයට තම ගේ දොර බඩු මුට්ටු ඇතුළු තමන් සතු දේපොල විනාශ වී යාමෙන් නැගෙන දුක් අඳෝනා එක්වී රට පුරා දෝංකාරය දෙමින් පවතී.
දෛව දෝෂයකින් දෝ මොවුන්ට මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පාන්නට සිදුවිය.ඇතැම්විට ඔබටත් මටත් එවැනි විපතක් සිදුවුනේ නම් ඔබෙත් මගෙත් හදවත් තුළ ඇවිලෙන ගින්දර ගැන අප සිතා බැලිය යුතුය.
එවැනි අසරණ තත්වයකට පත්වු විට අන්අයගේ සරන පතනු විනා වෙන කළ හැක්කේ කුමක්ද?
එහෙත් අපේ සහෝදර ජනතාවගේන් එක් පිරිසකට වූ විපත ජාතික විපතක් සලකා අප හැමෝම ඔවුන් ඉන් මුදවා ගැනීමට ගතයුතු සෑම පියවරක්ම ගත යුතුය ශ්‍රේෂ්ඨ ආගමික දර්ශනයන්ගෙන් හික්මවන ලද ජනතාවක් සිටින ලංකාව වැනි රටක දරුණු විපතකට පත්වූවන්ට පිහිට වීමේ උතුම් මෙහෙය ගැන නිවැරදි අවබෝධයක් ඇතිකිරිම අපහසු කාරියයක් නොවන්නේය...’

1970 ජනවාරි 07 බදාදා 

රජයේ පොත් පෙළ සහ ගුරු පරපුර
‘පාසල්වල භාවිතය සඳහා ගනු ලබන රජයේ සිංහල පොත් පෙළේ වැරදි ඇතැයි අමාත්‍යංශය පිළිගෙන ඇත. මෙය සිංහල භාෂාවේ සුචරිතභාවයත් දැන් ඉගනුම ලබමින් සිටින ශිෂ්‍ය පරපුරෙ අභිවෘර්ධියත් පතා සෑම දෙනාගේ ම සැනසිල්ලට හේතුවන්නකි. සිංහල පොත්පෙළේ වැරදි ඇතැයි ද එමනිසා ඒවා පාසල්වල භාවිතයට නුසුදුසුයැයි කරුණු පෙන්වාදෙමින් බලවත් උද්ඝෝෂණයක් ගෙනයාමෙන් සරසවි ආචාර්යවරු කළ උතුම් ජතික සේවයට ජාතික පැසසුම් ඔවුන්ට හිමිවිය යුතුය...
එහෙත් දැන් උද්ගත වී ඇත්තේ ඊට හාත්පසින් ම වෙනස් වූ තත්වයකි. රජයේ පොත් පෙළේ අඩුපාඩු හරි ගැස්වීමට පෙර ප‍්‍රථමයෙන් ම ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්ගෙන් කරුණු විමසන්නට අවශ්‍යය. මෙය ජාතිය වෙනුවෙන් විශේෂයෙන් බාල පරම්පරාව වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කිරීමට ගුරුවරුන්ට ලැබෙන කදිම අවස්ථාවකි.’
1970 ජනවාරි 15 බ‍්‍රහස්පතින්දා

බස් මගීන්ගේ දුකට පිළියම් මොනවාද?
‘බස් නොමැති හෙයින් අවශ්‍ය ගමන් බිමන් යා නොහැකිව අපමණ කරදර විදීමට මහජනයාට සිදු වී ඇතැයි කලක පටන් මැසිවිිලි නගනු අසන්නට ලැබේ...
බස් අබලන් වීමත් ඒවා කලට වේලාවට අළුත්වැඩියා කිරීමට නොහැකි වීමත් බස් සේවය අබලන් වීමට හේතුවන බාධකයක් බවට පිළිගත හැක. එහෙත් බස් සේවයේ සියලූම දෑ මේ  හේතුව මත පටවා හැම දෙනාම අත් හෝදාගන්නට සැරසීම දුරුවල බස් සේවයට පිළියමක් නොවන්නේය. හේතුව හරි වුවද වැරදි වුවද ”අපි හේතුව දන්නවා” යයි සෑහීමකට පත්වීම කෙතරම් මෝඩකමක්ද?හේතුව දන්නවානම් එතැනින් නොනැවතී වැරදි හරිගස්සාගත යුතුයි.එයද ප‍්‍රමාණවත් දුරුවල බස් සේවයට හේතුවන වෙනත් කරුනු ඇද්දැයි එසේනම් ඒ මොනවාදැයි සොයාබැලිය යුතුය.
කාර්යක්ෂම බස් සේවයක් මහජනයාට ලබාදීමට නම් අච්චර බස්  ඕනෑ මෙච්චර බස්  ඕනෑ බස් නැත්නම් අපි මොකද කරන්නේ යයි පසුගිය වකවානු වලදී ලංගම වගකිවයුතු නිලධාරීන්ගෙන් අසන්නට ලැබුණු ප‍්‍රශ්නාවලියයි. ඒත් පසුගිය අවුරුදු කිහිපය තුළ වරින් වර අලුත් බස් සැලකිය යුතු සංඛ්‍යාවක් ගෙන්වන ලදී.එහෙත් බස් සේවය සෑහෙන ප‍්‍රමාණයකින් දියුණුවනු වෙනුවට  තවත් නරක අතට හැරෙන්නට විය...’

1970 මාර්තු 22 ඉරිදා

මේ 70 දශකයේ 1970 වර්ෂයේදී සිළුමිණ පුවත්පතෙහි පල වූ කතුවැකි කිහිපයකි.1970 දශකයේ ශ‍්‍රී ලංකා සමාජයේ කතිකාවකට ලක්වු මාතෘකා කිහිපයක් පිළිබඳව මෙලෙස කතුවැකකි ලියවී ඇත. 1970 වර්ෂය තුළ ලංකාවේ සිදුවු ගංවතුර හේතුවෙන් සාමාන්‍ය ජනතාවට සිදු වූ විපත මූලික කොට ගෙන ඉහත පළමු කතුවැකිය ලියවී ඇත. එහිදී ජනතාවට සිදුවී ඇති දුෂ්කරතාවයන් හා පීඩාවන් පිළිබඳව සදහන් කරමින් ලංකාවේ සියලුම ජනතාවගේ අවධානය යොමු කරමින් විපතට පත්වූවන්ට සහනයක් සැලසීමේ අරමුනෙන් මෙම කතුවැකිය පල වී ඇත.
මෙහිදී කතුවරයා මෙම විපත සිදුවූයේ තමන්ගේ සහෝදර ජනතාවට බව දැන්වීමට විවිධ භාෂා ශෛලීන් උපයෝගී කරගෙන ඇති අයුරු හඳුනාගත හැක. එහිදී ඔහු විලාපයට ගේ දොර ,බඩු මුට්ටු දුක් අඳෝනා ,ඇවිලෙන ගින්දර ,අප හැමෝම වැනි සරළ බස් වහරක් උපයෝගී කරගනිමින් විපතට පත්වූවන්ගේ යතාස්වභාවය ජනතාවට වටහාදීමට උත්සාහ කරයි. එමෙන්ම මෙහිදී දෛව දෝෂයකින් දෝ වැනි උපමාද භාවිත කරගෙන ඇති අයුරු හඳුනාගත හැක.  තවද,
එවැනි අසරණ තත්වයකට පත්වු විට අන්අයගේ සරන පතනු විනා වෙන කළ හැක්කේ කුමක්ද?
වැනි ප‍්‍රශ්න ඉදිරිපත් කරමින් සංවාදමය භාෂා රටාවන් උපයෝගී කරගනිමින් එකල  සිළුමිණ පුවත්පත් කතුවරයා ගංවතුරින් අසරණවුවන් වෙත සමාජයේ අවධානය යොමුකරවීමට කටයුතු කර ඇත.එමෙන්ම රජයේ  පොත් පෙළ සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්වය තුල සිළුමිණ කතුවරයා පුථුල භාෂා ශෛලියක් උපයෝගී කරගන්නා ආකාරය දැකගත හැක.
මෙකල ඇති වූ බස් ගැටලුව පිළිබඳවද මෙම කතුවරයාගේ අවධානය යොමුවී ඇත. එහිදී මගීන් පත්ව ඇති අපහසුතාවයන් පිලිබඳව ඔහු කතුවැකිය තුළින් වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරවයි. එහිදී ඔහු භාෂාව ආවේගාත්මකව හසුරුවන අයුරු දැකගත හැක.
හේතුව හරි වුවද වැරදි වුවද ”අපි හේතුව දන්නවා” යයි සෑහීමකට පත්වීම කෙතරම් මෝඩකමක්ද? යනුවෙන් ඔහු මෙලෙස බලධරයන්ගෙන් විමසයි.

තවද අච්චර බස්  ඕනෑ මෙච්චර බස්  ඕනෑ, මැසිවිිලි, අත් හෝදාගන්නට සැරසීම ,වැරදි  හරිගස්සාගත යුතුයි, දුරුවල වැනි කතන භාෂව උපයෝගී කර ගනිමින් සිය මතය සමාජයට කතුවැකිය මගින් ප‍්‍රකාශ කර ඇත. මෙම කතුවැකියේ මාතෘකාවද ප‍්‍රශ්නාර්තයක් ලෙස දක්වා ඇත. බස් මගීන්ගේ දුකට පිළියම් මොනවාද? යනුවෙන් කතුවරයා ඍජුවම බලධාරීන් වෙත කතුවැකිය යොමු කරයි.

ජන කාන්ත 
ජන නායක
‘ලංකාවේ ජන කාන්ත පුද්ගලයන් කිහිපදෙනාගෙන් වෘද්ධතමයා වු ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවය නිසා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් දුක්වන මේ මොහොතේදී,අපගෙන් පිරිනැමෙන ගෞරවාදරය ජන බුුහුමනට එක් වන්නේය.
ඩඞ්ලි සේනානායක මහතාගේ පොදු ජන ජීවිතය සමස්තයක් වශයෙන් ගත්කල ,කැපී පෙනෙන ප‍්‍රධාන ලක්ෂණ දෙකක් විය.
ලංකාවේ ප‍්‍රජාතන්තූවාදයට ඇඳී, බැඳී, වෙලී සිටි හැම දෙනාම පරදා ඩඞ්ලි සේනානායක නම පෙරට පෙරට එයි. එය තාවකාලික වශයෙන් වරින් වර මහජන ප‍්‍රදර්ශනයට තබන්නක් නොවීය. එතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කළේ ඉත සිතිනි,බැති සිතිනි.
එතුමාගේ මිතුරන් එම ගුණය පුන පුනා වර්ණනා කිරීමට පෙළඹෙනු ඇත. එමෙන්ම පස මිතුරන්ද ඩඞ්ලි සේනානායක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇප කැප වු දේශපාලකයෙකු බැව් එකඟ වනු ඇත.
අභාවප‍්‍රාප්ත සේනානායක මහතාගේ ජීවිතයෙහි දිලිසි දිලිසි,පෙනුනු වැදගත්ම ලක්ෂණය වීයේ ගොවිතැනට දැක්වූ දැඩි ආශාවයි. සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු ලෙසින් මෙන්ම පදවි නැති නිකම් සේනානායක මහතා ගතකල ජීවිතයේ මුතු ඇට එකතු කල නුලක් මෙන් නෙකඩවා උරදුන් දෙය ගොවිතැනයි.
ගොවිතැන පිළිබඳව අවුරුදු 30ක් තිස්සේ ඩඞ්ලි සේනානායක මහතා දැරූ අදහස අද රටට කොයිතරම් අවශ්‍යදැයි ජනතාවට අවබෝධ වී අවසානය. ආහාරයෙන් ස්වයංපෝෂිත වීමත් කුසගිනි නිවුනු විට යකඩ විලංගුවට යට නොවීමත් යන කරුනු දෙක ගොවිතැන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන දෙකින් ඔපුපු වේ.
සිරිකත-සරසවි දෙඋරින් දැරූ දෙවියෝ සිටියහ. වගාවත් ප‍්‍රජාවත් ඩඞ්ලි සේනානායක මහතා දෙව්රින් දැරූ දේවතාවෝ වෙති.
යම් ජනනායකයෙකු මියදුන විට ගුණ ගැයීම සිරිතකි. එහෙත් ඩඞ්ලි සේනානායක මහතා වැනි ජනනායකයෙකුට බුහුමනට එය අනවශ්‍යය. එමෙන්ම ගුණ ගැයුමට වඩා යමක් ඉටුවිය යුතුය. එතුමා දිවි දෙවැනි කොට රැුකි ගොවිතැන් දියුණුවට රට වැසියා ඇප කැප වීම ගුණ ගැයුමට වඩා අගනේය.’

1973 අපේ‍්‍රල් 15 ඉරිදා

මෙම ප‍්‍රනාමය  
සදා සලසමු
‘ජනතාවගේ අතිමහත් ගෞරවාරය සත් දිනක් මුළුල්ලේ දක්වා අති උත්කර්ෂවත් ලෙස අවසාන ගෞරවයද ඊයේ දැක්වීමෙන් පසු,ඇති වූ පාළුවත් සමග, දේශබන්ධු ඩඞ්ලි සේනානායක සිරිමතානන් නැතිවීමෙන් රට දැය සමයට වූ පාඩුව අදටත් සිහිකරමු.
පසුගිය සතිය මුළුල්ලේ, අනොරා වැස්සේ, අකුණු ගසද්දී,විදුලි කොටද්දී,නොසෙල්වී සිටි ජනකාය බුහුමන් දැක්වූයේ කවර ජනනායකයෙකුටද, එම ජනනායකයා නැතිවීමෙන් වු පාඩුව, සම කිරීමට, මතු කලෙක ඉතිහාසඥයන්, භාරතයේ අශෝක, තුන් සිංහලයේ දුටුගැමුනු, නැවත භාරතයේ නේරු, බි‍්‍රතාන්‍යයේ චර්චිල්, ප‍්‍රංශයේ ඩිගෝල් ආදී   ජනනායකයන්ද උපකාරයන් වශයෙන් සඳහන් කරනු ඇත.
සත්‍යය හමුවේ පසු නොබා සත්‍යම දක්වමු. පක්ෂයකට දැඩි පාඩුවක් විය. සසුනට දැඩි පාඩුවක් විය. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසට දැඩි පාඩුවක් විය. රටේ ස්වයංපෝෂිත බවටද දැඩි පාඩුවක් විය.
ඩඞ්ලි සේනානායක සිරිමතානන් රට රැුක්මට නැති නිසා රට අසරණ නොවන ලෙස ක‍්‍රියාකිරීමට පසුගිය සතිය මුළුල්ලේ දුක්වූ ජනයා සතු යුතුකමකි.සුසුම් හෙලීමෙන්, දෙනෙත කඳුළු පිරිමෙන් , සුදු කොඩි එසවීමෙන් ,ශෝක ප‍්‍රකාශන ධජ එල්වීමෙන් ,පැමිණ ප‍්‍රණාමය දැක්වීමෙන් හා ආදාහන උලෙළට සහභාගී වීමෙන් දැක්වූ භක්ති ප‍්‍රණාමය රටේ යහපතට, රටේ නිදහසට ,රටේ දියුණුවට යොමු කිරීමට ඒ හැම කෙනෙක්ම  උත්සාහ කළොත් ඩඞ්ලි සේනානායක සිරිමතානන් හට දැක්විය හැකි උසස්ම ගරුත්වය වන්නේය.
පක්ෂ භේදයෙන් තෙරව ප‍්‍රණාමය දැක්වූ පරිදි, පක්ෂ භේදයෙන් තෙරව ඒ ගෞරවයද ජනනායක ඩඞ්ලි සේනානායක සිරිමතානන් හට දැක්වීම රට වැසියන්ගේ පරම යුතුකමයි.’
1973 අපේ‍්‍රල් 22 ඉරිදා
1973 අපේ‍්‍රල් මස 13 දින රාත‍්‍රී 11 15ට පමන මියගිය ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් රටම කම්පාවට පත්වන මොහොතක මෙලස සිළුමිණ පුවත්පතෙහි කතුවැකි සම්පාදනය වී ඇත.මෙහිදී කතුවැකි සදහා මාතෘකා යොදාගෙන ඇති ආකාරයද අපූරුය.

x ජන කාන්ත
ජන නායක
x මෙම ප‍්‍රනාමය
සදා සලසමු

මේ ආකාරයට ලගන්නා සුලූ අයුරින් භාෂාව හැසිරවීමට කතුවරයාට හැකිව තිබේ. කතුවරයා ඩඞ්ලි සේනානායක මහතාගේ ගුණ කතනය සදහා ජන කාන්ත ,ජන නායක, ඇඳී, බැඳී, වෙල,ී ඉත සිතිනි,බැති සිතිනි, දිලිසි දිලිසි වැනි වච විශේෂන පද මෙන්ම සරල වචන රාශියක් උපයෝගී කොටගෙන ඇත.
මෙහි ඇති තවත් විශේෂ ලක්ෂනයක් වන්නේ ඩඞ්ලි සේනානායක මහතා වර්ණනා කිරීම සඳහා උපමා රැුසක් යොදාගෙන තිබීමයි.
‘මුතු ඇට එකතු කල නුලක් මෙන් ’
‘කුසගිනි නිවුනු විට යකඩ විලංගුවට යට නොවීම ’
‘සිරිකත-සරසවි දෙඋරින් දැරූ දෙවියෝ සිටියහ. වගාවත් ප‍්‍රජාවත් ඩඞ්ලි සේනානායක මහතා දෙව්රින් දැරූ දේවතාවෝ වෙති.’
තවද ඉන් පසු සතියේ පල වු කතුවැකිය තුලින් ද ඩඞ්ලි සේනානායක මහතාගේ අවමංගල්‍ය හා ජනතා සහභාගීත්වය පිළිබදව ප‍්‍රකාශ කර ඇත. මෙහිදීද ඩඞ්ලි සේනානායක මහතාහට අවසාන් ගෞරව දැක්වීමට පැමිනි ජනතාවගේ සිතේ පැවති ශෝකය පිළිබදව කතුවරයා මෙසේ දක්වයි
‘පසුගිය සතිය මුළුල්ලේ, අනොරා වැස්සේ, අකුණු ගසද්දී,විදුලි කොටද්දී,නොසෙල්වී සිටි ජනකාය බුහුමන් දැක්වූයේ කවර ජනනායකයෙකුටද, එම ජනනායකයා නැතිවීමෙන් වු පාඩුව, සම කිරීමට, මතු කලෙක ඉතිහාසඥයන්, භාරතයේ අශෝක, තුන් සිංහලයේ දුටුගැමුනු, නැවත භාරතයේ නේරු, බි‍්‍රතාන්‍යයේ චර්චිල්, ප‍්‍රංශයේ ඩිගෝල් ආදී   ජනනායකයන්ද උපකාරයන් වශයෙන් සඳහන් කරනු ඇත.’
ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ ජනනායකයන්ට සම කරමින් කතුවරයා ඩඞ්ලි සේනානායක යනු ශ්‍රේෂ්ඨ ජනනායකයෙකු ලෙස ඔහු නොමැතිව සිදුව ඇති පාඩුව පිළිබදව ආවේගයෙන් යුතුව ප‍්‍රකාශ කරයි.කතුවරයා මෙහිදී විරාම ලක්ෂණ ආදිය උපයෝගී කරගන්නේ තම අදහස් මනාව ඉස්මතුවන ආකාරයටය.

බාල බඩු රටේ නම්බුවට හානියක්
‘මෑත නුතනයේදී රටතුල දක්නට ලැබුනු කර්මාන්ත ප‍්‍රගතිය දියුනුවන ජාතියක් ලෙසින් අපට සතුටුවිය හැකි තත්වයක් පවතී. නොයෙකුත් අලූත් අලූත් කර්මාන්ත රජයේ මෙන්ම පෞද්ගලික අංශයෙන්ද ඇරඹිනි. මේ නිසා නිපැයුණු භාන්ඩ රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය රැුකදීමට මහෝපකාරී විය.
රටට කෘෂිකාර්මික අංශයේ විශාල ප‍්‍රගතියක් පෙන්නුම් කරන අතර කාර්මික අංශයේද ඒ හා සමාන ප‍්‍රගතියක් පෙන්වා ඇත. කර්මාන්ත අංශය පිළිබඳ අකමැත්තෙන් වුවද සඳහන් කල යුතු කරුනු රැුසක්ම විය...
අද නිමැවෙන ඇතැම් භාන්ඩ පිළිබඳව රටේ හැම පැත්තෙන්ම නොයෙක් චෝදනා මැසිවිලි එල්ලවෙයි.‘ගිනි පෙට්ටි පත්තු වෙන්නෑ’, ‘පැන්සලෙන් ලියන්න බෑ’, ‘ගල් ලෑල්ලේ ලියවෙන්නෑ’, ‘ගල් කූරෙන් ලියන්න බෑ’, ‘වතුර ගෑවුන හැටියේ සබන් කැටේ දියවෙලා’, ‘බ්ලේඞ් තලෙන් රැුවුල කැපුවොත් මුන දැවිල්ල ගන්නවා’ ආදී වශයෙන් නොයෙකුත් අන්දමේ මැසිවිලි ජනතාවගෙන් නැගෙයි...’

1975 අගෝස්තු 17 ඉරිදා

50ක් පිරෙන ගුවන් විදුලිය
‘අපේ ගුවන් විදුලියට මේ සතියේදී අවුරුදු 50ක් පිරිනි.එය ගුවන් විදුලියට මෙන්ම රටටද ප‍්‍රීතිජනක ආරංචියකි.
මෙයට අවුරුදු 50 පෙර ‘කොළඹින් කතාකරමි’ යනුවෙන් රටට කතා කල ගුවන් විදුලිය අද මේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්තාවයි යනුවෙන් රට අමතනු ඇසෙයි.
ගුවන් විදුලිය සවන පිනවන හිතවතෙකු ලෙස ගිනිය හැකිය. එමෙන්ම එය රටක ප‍්‍රබල මාධ්‍යක්ද වෙයි.දැනුම ආරංචි විනෝදය වැනි විවිධාංගයන්ගෙන් ජනතා සිත් සතන් පිනවිය හැකි අතරම ජාතියේ ඉදිරි ගමනට අවශ්‍යවන මග පෙන්වීමටද ගුවන් විදුලියෙන් සැලසිය හැකිය.
ජාතියේ අගනාම වස්තුව මත තරුන පරම්පරාවේ සිතුම් පැතුම් හැඩගැස්වීමට විශේෂයෙන්ම උපකාර කල හැකි තැනකි ගුවන් විදුලිය.මේ ඉතාම වැදගත් කාර්යභාරය ගුවන් විදුලිය මඟින් ඉටුකල යුතුම වෙයි...
සෞභාග්‍යමත් අනාගතයක් සදහා ජාතිය මෙහෙයවීමේ මහඟු කාර්යයේදී ගුවන් විදුලි සංස්ථාවේ උපරිම සේවයක් සැලසෙනු දැකීම ජනතා අපේක්ෂාව බව මතක් කරමින් මේ ස්වර්ණ ජයන්ති අවස්ථාවේ ගුවන් විදුලියට අපගේ සුබ පැතුම් හිමිකරමු.’

1975 දෙසැම්බර් 14 ඉරිදා

තරුන යුගය
තරුන අගය
‘මේ තරුන පරපුරෙහි යුගයයි.යුග පෙරලියක් සදහා ඔවුහු ඇප කැපවී වෙසෙති. මව්බිමේ නිදහස හෑම අංශයකින්ම තහවුරු කිරීමේ කාර්යයට ඔවුහු උරදී සිටිති. ස්වයංපෝශිත මව්බිමක් ගොඩ නැංවීම සඳහා තම ශ‍්‍රමය වැය කරති.මේ යුගය ඔවුන්ගේ යුගය වන්නේ ඒ නිසාය.
විදේශීය ආදිපත්‍යට ගොදුරු වී ලද අධ්‍යාපනයේ වරදින් ලිපිකරු වැනි රැුකියා පදනම ඉලක්කව තිබූ තරුන සිතුම් පැතුම් ඒ පුහු මත්මතාන්තර වලින්ද මිදී වැඩි කලක් නොමැත. අගමැතිනිය විසින් අරඹන ලද නිෂ්පාදන සංග‍්‍රාමය තරුන පරපුරේ සිතුම් පැතුම් වල පෙරලියක් ඇති කිරීමට සමත් විය ඒ නව මග අනෙකක් නොව කෘෂිකර්මය හා කාර්මික අංශයන් කරා ඔවුන්ගේ සිත් යොමු කරවීමයි..’.

1975 දෙසැම්බර් 28 ඉරිදා

1975 වර්ෂය තුලදී ලංකාව තුල විවිධ කර්මාන්තයන්ගේ ප‍්‍රබොදයක් දක්නට ලැබුනි. මෙම වර්ෂය තුල සිළුමිණ පුවත්පතෙහි පල වූ කතුවැකි බොහෝමයක් කර්මාන්තයන් හා සම්බන්ධ විවිධ තේමාවන් රැුගත් ඒවා විය. මෙකල උද්ගත වූ එක් ගැටලූවක් වුයේ කර්මාන්තයන්ගෙන් නිපදවන භාණ්ඩයන් ප‍්‍රමිතියෙන් තොර වීමයි. ඒ පිළිබදව සිළුමිණ පුවත්පත් කතුවරයා සිය අවධානය යොමුකර ඇත. එහිදී බාල බඩු රටේ නම්බුවට හානියක් යනුවෙන් මාතෘකාකර ගනිමින් මහජන අදහස් කතුවැකිය තුලින් ඉදිරිපත් කර ඇත.
මෙහිදී සාමාන්‍ය ජන වහර සරල භාෂා ශෛලීන් උපයෝගී කරගන්නා ආකාරය මෙසේය.
ගිනි පෙට්ටි පත්තු වෙන්නෑ’, ‘පැන්සලෙන් ලියන්න බෑ’, ‘ගල් ලෑල්ලේ ලියවෙන්නෑ’, ‘ගල් කූරෙන් ලියන්න බෑ’, ‘වතුර ගෑවුන හැටියේ සබන් කැටේ දියවෙලා’, ‘බ්ලේඞ් තලෙන් රැුවුල කැපුවොත් මුන දැවිල්ල ගන්නවා’
මෙලෙස මහජනයාගේම භාෂාව උපයෝගී කරගනිමින් ඉතා සරල බස් වහරකින් කතුවරයා කතුවැකිය සම්පාදනය කර ඇත. මෙලෙස 50ක් පිරෙන ගුවන් විදුලිය තරුන යුගය තරුන අගය වැනි මාතෘකා මූලික කොට ගනිමින් උපහාසාත්මක වචන සරල භාෂාව උපමා යුගල පද විරාම ලකුණු වැනි භාෂා රටාවන් යොදාගනිමින් කතුවැකි නිර්මාණය වී ඇති ආකාරය හඳුනාගත හැක.

නිවහල් ධර්මිෂ්ට සමාජයක් කරා

‘ශ‍්‍රී ලංකා ජනරජයේ ප‍්‍රතම මැතිවරනයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබු අති විශිෂ්ට ජයග‍්‍රහනය පිළිබඳ කතාව වු කලී ලෝකයේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දේශපාලන පක්ෂ සේදී ගිය අයුරු අපි දුටුවෙමු. රටේ සියලූම තරාතිරම්වල අයත් පොදු ජනතාව එක්සත් ජාතික පක්ෂය කෙරෙහි තැබු අසීමිත විශ්වාසය ඉන් කදිමට පැහැදිලි වේ. එම විශ්වාසය හා බැඳී පවත්නා ජනතා බලාපොරොත්තු සමුදායක්ද වෙයි. මෙතෙක් විඳි අපමන දුක් කරදර පෞද්ගලිකවත් ජාතියක් වශයෙනුත් මිදි අගහිඟකම් වලින් හා පටු භේදවලන් මිදී නිවහල් සුඛිත මුදිත ජාතියක් ලෙස ආත්මගරුත්වයෙන් යුතුව ධර්මිෂ්ඨ සමාජයක් කරා වේගයෙන් ඉදිරියට ඇදීම ඒ ජනතාවගේ බලාපොරොත්තුවයි...
සිරිමාවෝ බන්ඩාරනායක රජය යටතේ ජනතාව අසීමිත අසහනයකට පත්වූයේ දරාගත නොහැකි ජීවන වියදම් බර නිසා බව ප‍්‍රකට කරුනකි. අධික බඩු මිල හා රක්ෂා විරහිත භාවය ආත්මය කොටගත් දරුනු ආර්ථික උද්ධමනයට පසුගිය රජයෙන් කිසිඳු ක‍්‍රියාකාරී සැලැස්මක් හෝ විසඳුමක් නොවීය. විසඳුම් සොයනු වෙනුවට ඔවුන් ගෙන ගියේ ඥාති සංග‍්‍රහය හා ¥ෂනය කැටිකොට ගත් අගතිගාමී ප‍්‍රතිපත්තියකි...

1977 ජුලි 24 ඉරිදා’

1977 වර්ෂයේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙනස් වීමත් සමග සිළුමිණ පුවත්පතෙහි කතුවැකිද මෙලෙස වෙනස්වූ අයුරු හඳුනාගක හැක.

1976 වර්ෂයේ පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුව අවස්ථාවේ පොලිසිය විසින් ක‍්‍රියාකල ආකාරය පැසසුමට ලක් කරමින් සැප්තැම්බර් 03 දා තිබූ පොලිස් දිනය අරභයා සිළුමිණ කතුවැකිය මෙලෙස සම්පාදනය වී ඇත. නොබැඳි ජාතීන්ගේ සමුළුව අවස්ථාවේ පොලිසියෙන් ලැබුන් සහය පිළිබඳව ඉතා සරල බස්වහරකින් දැක්වීමට කතුවරයා කටයුතු කර ඇත.මග දෙපස රැුස් කකා සිටි, දැකගනු රිසි ,මහත් ඉවැසිල්ලෙන් ,ඉබේම ,අස්සක් මුල්ලක් නෑර, වැනි වචන භාවිතයෙන් කතුවරයා, ඉතා සුහදශීලී අයුරින් පොලිසිය කටයුතු කල ආකාරය මේ තුල දක්වා ඇත. 

1976 වර්ෂයේ ලෝකයේ සිදු වු තවත් වැදගත් සිදුවීමක් වන්නේ චීන ජන රජයේ
අසහාය ජනනායකයා වූ මා  ඕ සේතුංගේ අභාවයයි.කතුවරයා  මා  ඕ සේතුංගේ ගුණ වැනීමසඳහා විවිධ භාෂා රටාවන් යොදාගෙන ඇති අයුරු අපූරුය. එහිදී විශේෂන පද අසහාය නායකයා, වීර නායකයා, විප්ලවවාදී නායකයා, උදාර ශ්‍රේෂ්ඨ ජනතා නායකයා වැනි පද මෙන්ම මෙහි විරාම ලකුනු, යුගල පද මෙන්ම දිගු වැකි
උපයෝගී කරගනිමින්ද මා  ඕ සේතුං නම් වූ චීන ජන නායකයාගේ අගය සඳහන් කර ඇත.

No comments: