Thursday, June 11, 2015

ලා ඉලාහ ඉල්ලල්ලාහ් මහම්මදුර් 
ර-සුල්ලාහ්

විධාකාර වූ සංස්කෘතීන් තුල මරණය යන සංකල්පය තුල සමතා මෙන්ම විශමතාද හඳුනාගත හැක. සිංහල සංස්කෘතිය තුල යම්කිසි වියදමක් දරමින් පුද්ගලයෙකු මියගිය විට භූමදානය සිදුකරනු ලබයි.නමුත්  ඉස්ලාම් සංස්කෘතිය තුල  පුද්ගලයෙකු මියගිය මිට  ඉතා අඩු වියදමක් තුල එක් දිනයක් හො තබා නොගෙන එය වළලනු ලබයි.මේ අනූව විවිධ වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ මරණය යන සංකල්පය තුල හදුනාගත හැක.
ඉස්ලාම් දහම තුල ඔවුන්ගේ සංස්කෘතිය, ජීවන පැවැත්ම තීරනය කරන්නාවූ සුවිශේෂ වු ග‍්‍රන්ථය වන්නේ අල් කුරානයයි.මෙම අල් කුරානය තුල මුස්ලිම් ජනයා ජීවත්විය යුතු ආකාරය, දිවිපැවැත්ම සකසාගත යුතු ආකාරය, ජීවිතයේ එක් එක් අංගයන් සිදුවන ආකාරය පිළිබඳව සඳහන් කොට ඇත. ඒ අනූව ඉස්ලාම් සංස්කෘතිය තුළ මරණය නමැති සංකල්පය දක්වා ඇති අයුරු හඳුනාගත යුතුය.
අප මහපොළවෙහි දුවිලි බවට පත්වූවාට පසු නියත වශයෙන් අපි නව නිර්මාණයක් වන්නෙමු දැයි ඹවුහු කියති. නොඑසේය ඔවුහු තම රබ් (පරමාධිපති* හමුවීම ප‍්‍රතික්ෂේප කරති.
මේ තුල ඔවුන් දක්වන්නේ අප  දුවිලි බවට පත්වූවාට පසුව යන්න අර්ථයෙන් තොර බවයි.”අපි” යන්න ශරීරය අත්හැර ගිය විට  ශරීරය තවමත් එලෙසම පැවතුනද ”අපි” යන්න ඡුායාමාත‍්‍රයකින් හෝ තවදුරටත් අදාල නොවෙයි.එහිදී ඉතිරිව ඇත්තේ සදාදර තැනැත්තෙකුගේ නිවස ලෙස පැවතුන හිස් සිරුර පමනක් බව දක්වයි.
 තවද,
නුඹලා වෙනුවෙන් පත්කරනු ලැබූ මරණය පිළිබඳව මලක්වරයා (සුර¥තයා* නුඹලා සහමුලින්ම හසුකරගනී.ඉන්පසුව නුඹලා ආපසු පමුණුවනු ලබන්නේ නුඹලාගේ රබ් වෙතට යැයි (නබ් මුහම්මද්* කියනු.
එනම් නුඹලාගේ ආත්මය ¥විල්ලෙහි මුසුනොවෙනු ඇත. එහෙත් ඒ පිළිබඳව කි‍්‍රයාකිරීමේ කාල සීමාව අවසන් වූ විගසම මරණය පිළිබඳව මලක්වරයා පැමිණ එය ශරීරයෙන් පිටතට ගෙන සම්පූර්ණයෙන්ම පැහැරගෙන යති. එයින් කිසිම කොටසක් ශරීරය සමග ¥විලි බවට පත්වීමට ඉඩ නොතබනු ඇත. එය පවතින ආකාරයෙන්ම තමන් භාරයට ගෙන සිය ස්වාමියා අභියසට ඉදිරිපත් කරති.
මේ ආයතයෙහි දැක්වෙන කරුණු තරමක් විස්තරාන්විතව මෙසේ දක්වා ඇත.
ඇත්ත වශයෙන්ම ඔරලොසුවක දුන්න නැවත කරකැවීමට අවශ්‍ය වූ විට එය හදිස්සියේම නවතින්නාක් මෙන් මරණය සිදු නොවන බව එය ප‍්‍රකාශ කරන අතර මේ කාර්යය සඳහා අල්ලාහ් විශේෂ මලක්වරයෙකු පත් කර ඇත. හරියටම නිල වශයෙන් යමක් ලබන්නෙකු එය ඔහුගේ භාරයට ගන්නා අන්දමින්ම ආත්මය ලබා ගැනීමට පැමිණෙන බවත් කියයි.අල් කුරානයෙහි වෙනත් ස්ථාන වල සඳහන් කර තිබෙන විස්තර අනූව මරණය පිළිබද ප‍්‍රධාන මලක්වරයා යටතේ පූර්ණ මලායිකා කාර්යය මන්ඩලයක් සිටින බවත් මරණය සිදු කිරීම ආත්මය උදුරා ගැනීම සහ එය ඔවුන්ගේ භාරයට ගැනීම යනාදී විවිධ රාජකාරි රාශියක් ඔවුන් ඉටු කරන බවත් එම විස්තර වලින් පැහැදිලි වෙයි. තවද විශ්වාස කරන්නා වූ සහ දැහැමි ආත්මයකට සලකනවාට වඩා වෙනස් අන්දමින් ඔවුහු වැරදිකාර ආත්මයකට සලකති. ( අල් කුරාන් 4:97 අල් කුරාන් 6:93 අල් කුරාන් 16:28 අල් කුරාන් 56:83-94 යන ආයාත්*
මරණින් පසුව මිනිසාගේ පැවැත්ම අවසාන නොවන බවත් ඔහුගේ ආත්මය ශරීරයෙන් පිටත නොනැසී පවත්නා බවත් එය පෙන්වා දෙයි.අල් කුරානයේ තිබෙන වචන මෙසේය ”මරණය පිළිබදව මලක්වරයා නුඹලා සහමුලින්ම ග‍්‍රහණයට ගනු ඇත” එයද යතාර්තයට යොමුකරවයි.මක්නිසාද යත් නොපවතින දෙයක් ග‍්‍රහණයට ගත නොහැකිය යම්කිසි දෙයක් ග‍්‍රහණයට ගෙන එය භාර ගැනීම යනුවෙන් අදහස් කරනුයේ ග‍්‍රහණයට ගත් දෙය ග‍්‍රහණයට ගන්නා සතුව තිබිය යුතු බවය.
මරණයට පත්වන මොහොතේදී ග‍්‍රහණයට ගන්නා දෙය මිනිසාගේ භෞතික ස්කන්ධය නොව ”මම”, ”අපි”, සහ ”ඔබ” යන වචන වලින් දැක්වෙන ඔහුගේ ආත්මයේ ජීවීත කාලය තුල මෙලොවදී එය ගොඩනගා තිබෙන පෞර්ෂත්වයට එලෙසින් සහමුලින් එයට හිමි ගුණාංග කිසිම අඩු කිරීමකින් හෝ වැඩි කිරීමකින් තොරව ග‍්‍රහණයට ගන්නා අතර එය මරණින් පසුව ස්වාමියා වෙත ආපසු ලැබෙන්නට සලස්වයි.එම පෞර්ෂයටම නව උපතක් සහ නව සිරුරක් පරලොවදී ලබා දෙනු ඇත. එයම විනිශ්චයට භාජනය කෙරෙනු ඇත. එයටම නිදහසට කරුණු දක්වන ලෙස දන්වා සිටිනු ඇත. එයම තිළිණ හෝ දඩුවම් ලැබීම භූක්ති විඳියි.
යනුවෙන් මරණය පිළිබඳව දක්වා ඇත.
මේ අනුව විවිධ සංස්කෘතියෙන් සංස්කෘතියට මරණය යන සංකල්පය වෙනස්වේ.

No comments: