Saturday, June 27, 2015


 kln.ac.lk
The Frobbiden Love......( Gender)


ජෝර්දානය...
ගිනිගෙන දැවෙන වැල්ලේ පැහැය රැගත් ව්‍යාපාරික ඇදුම් කට්ටලයන්ගෙන් සැරසී එක් කණක් සෙල්ෆෝන් වලත් අනෙක් කණ ශත වර්ෂ ගණනාවක් පුරා කාන්තාරයක් තුලින් හමා එන අනාදිමත් වූත් නීති පද්ධතියක හෝ හඩටත් සවන් දෙන පිරිමි ඔබට එහිදි දැකිය හැකිය.

ජෝර්දානය...
cnn වැනි ව්දේශීය රූපවාහිනී වැනල තුළින් මානව අයිතිවාසිකම් ගැන ව්වාද කර ගන්නා යුරෝපීය ලදුන්ද ඔබට දැකගත හැකිය.
එපමණක් නොව ඉපැරණි කාන්තාර ගෝත‍්‍රික බෙඩුව්න්වරුන්ගේ චාරිත‍්‍රයන් එලෙසම පවත්වාගෙන එමින් පවුලේ නම්බුව රැක ගැනීම සදහා ඉතා සුලූ අසම්මතයන්ට තම දියණිවරුන්ගේ ගෙල සිද දමන පියවරුන්ද ඔබට ජෝර්දානයේද් දැක ගත හැකියි. ස්ත‍්‍රීන් හා පුරුෂයන් උදෙසා පරස්පර ව්රෝධී ප‍්‍රම්තීන් ක‍්‍රියාත්මක වීමද ජෝර්දානයෙදී ඔබට දැක ගත හැකියි.




ඔව්... ගතානුගතික හා නිදහස්ව.... ස්ත‍්‍රීන් කෙරෙහි ගතානුගතිකවත්, පුරුෂයන්ට නිදහස්වත් !  



මේ අයුරින් නොමා මෙම කතාව පැවසීමට පුර්ව්කාව ගෙන ඇත. මෙම පුර්විකාව තුළම මෙම සමාජය තුල ස්ත‍්‍රීයට හිම්වන ස්ථානය පැහැදිලි වේ. මේ අනූව දිලීප ජයකොඩි ව්සින් දයාබර ඩාලියා ලෙස පරිවර්තනය කර ඇති කෘතිය පාදක කර ගනිමින් ජෝර්දානයේ  ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබදව මෙම කෘතිය තුල කියැවෙන අයුරු පිළිබද කතිකාවතක් ගොඩනැගේ.

Love’s secret





NEVER seek to tell thy love,
Love that never told can be;
For the gentle wind doth move
Silently, invisibly.

I told my love, I told my love ,
I told her all my heart,
Trembling, cold,in ghastly fears.
Ah ! she did depart !

Soon after she was gone from me,
A traveller came by,
Silently, invisibly:
He took her with a sigh.


William Blake…

kln.ac.lk

 I wandered lonely As a Cloud ( Daffodils) – Poem  by William Wordsworth























I wandered lonely As a Cloud
That  floats on hight o,er vales and hills,
When all at onces I Saw a crowd,
A host, of golden daffodils;
Beside the lake, beneath the trees,
Fluttering and dancing in the breeze.

Continuous as the stars that shine
And twinkle on the milky way,
They stretched in never-ending line
Along the margin of a bay:
Ten thousand saw I at a glance,
Tossing their heads in sprightly dance.

The waves beside them danced; but they
Out-did the sparkling waves in glee:
A poet could not but be gay,
In such a jocund company:
I gazed- and gazed – but little thought
What wealth the show to me had brought:

For oft, when on my couch I lie
In vacant or in pensive mood,
They flash upon that inward eye
Which is the bliss of soliuted;
And then  my heart with pleasure fills,
And dances with the daffodils.

Saturday, June 13, 2015

kln.ac.lk


සංචාරක ව්‍යාපාරය තුළින් පරිසරයට ඇතිවන බලපෑම්

යහපත් බලපෑම්

සංචාරක කර්මාන්තයේ පදනම පරිසරයයි.පරිසරය ආරක්ෂා කළහොත් සංචාරක කර්මාන්තය ආරක්ෂාවේ.මේ කරුන මූලිකකොට ගෙන වර්තමානයේ පරිසර ආරක්ෂණය සදහා බොහෝ පියවර ගෙන ඇත. 
ශ‍්‍රී ලංකාවේද දැනටමත් පරිසර හිතකාමි සංචාරක සංවර්ධනයකට අවතීර්නවෙමින් සිටී. විශේෂයෙන්ම 1980 දශකයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙින්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත වීමත් සමග මුහුදු වෙරළ සංරක්ෂණය හා පරිසර සංරක්ෂණය පිළිබදව අදාල බලධාරී ආයතන දෙක විශේෂ අවධානයක් යොමු කරමින් සිටී.
තවද වර්තමානයේ කවර හෝ පරසරයක විශාල සංචාරක හෝටලයක් හෝ මහා පරිමාන ව්‍යාපෘතියක් ඉදිකරන්නේනමි එ සදහා අනිවාර්යෙන්ම පරිසර ඇගයිමි වාර්තාවක් ලබාගත යුතුය. මධ්‍යම පරිසර රෙගුලාසි වලට අනුකූලව එසේ ඉදිරිපත් කරනු ලබන පරිසර ඇගයිමි වාර්තාවන් මහජනතාවගේ දැනගැනීම සදහා විවෘතව තැබිය යුතුය. මෙි නිසා මහජනතාවට යමි ව්‍යාපෘතියක් පරිසරයට හානිකර බව පෙනීයන්නේ නමි ප‍්‍රබල මහජන විරෝධතාවයක් ගොඩනැගීමට ද අවස්ථාව සැලසේ කන්ඩලම හෝටලය හා යොජිත නොරොක්චොලෙයි තාප බලාගාරය සමිබන්ධයෙන් උද්ගතවු මහජන විරෝධතා මෙයට හොදම උදාහරණය වේ.
උදා : කන්ඩම වැව් තාවුල්ලේ කන්ඩලම හෝටලය ඉදිකිරීම පිළිබඳව පාරිසරික වේදීන් හා මහජනතාව ප‍්‍රබල විරොධතා මතුකළද එය ඉදිකිරීමෙන් පසුව කන්ඩලම හෝටලය පරිසර හිතකාමී හෝටලයක් ලෙස වසර දෙකක්ම හරිත ලෝක තිලිනය දිනා ගැනීමට හැකිවිය. මෙි ආකාරයට කල්වර් ක්ලබ්, ඇල්ලේ ඇඞ්වෙන්චර් පාක්, කුඩාඔය මැජික් සෆාරි කෑමිප,් උල්පොත ආදිය මෙලෙස  පරිසර හිතකාමී අයුරින් සෑ¥ ව්‍යාපෘතිීන්ය.




තවද මෙහිදි සංචාරකයන්ගෙන්ම සංචාරක කර්මාන්තයට යහපතක් සිදුවන අයුරු හදුනාගත යුතුය. මෙහිදී සංචාරක ක‍්‍රියාකාරකමි නිසා විනාශයට පත්වෙමින් පවතින වනාන්තර නැවත ස්ථාපනය කිරිමටත්  සංචාරකයන්ගේ දායකත්වය ද ඇතුව සතුටුදායක අන්දමින් ගස් වැල් සිටුවා ඒවා නඩත්තු කිරීමටත් උනන්දුවක් ඇතිවී තිබේ.  සංචාරක ව්‍යාපාරයේදී පරිසරයට පිටකෙරෙන කාබන් ප‍්‍රමානය අවම කිරීමෙි පිළියමිද මෙහිදි ක‍්‍රියාවට නැංවෙමින් පවත.ී මෙි නිසාම තුන්වන ලෝකයේ බොහෝ සංචාරක ගමනාන්තවල පරිසරයට හානිකර තාක්ෂණික හා යාන්ත‍්‍රික උපකරණ මෙන්ම සංචාරක මෙවලමි වෙනුවට පරිසරයට එතරමි හානියක් නොමැති පැරැුණි දේශීය ගතානුගතික උපකරණ හා මෙවලමි සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගැනීමට පෙළඹීතිබේ.
උදා : ඉන්ධන දහනය වන මොටර් රථ මොටර් බොට්ටු අවම වශයෙන් යොදාගනිමින් ඒ වෙනුවට බැටරි බලයෙන් ක‍්‍රියාකළ හැකි වාහන හා යාත‍්‍රා සුළං රුවල් බොට්ටු කකුලින් පදවාගෙන යා හැකි බොට්ටු අශ්ව කරත්ත ගොන්  කරත්ත වැනි විකල්ප දෑ සංචාරක 

ආකර්ශන වශයෙන් භාවිතයට යොදාගනු දැකිය හැකිය. එපමණක් නොව සංචාරකයන් විසින් සංචාරක ගමනාන්ත බොහෝමයකටම පරිසර සංරක්ෂණ ව්‍යාපෘති රැුසක් සඳහා ආධාර උපකාර ලබාදෙන අවස්ථාද සුලබව නිරීක්ෂණය කළ හැකිය.
ලෝකයේ වඳවීයාමෙි තර්ජනයට ලක්වී ඇති ශාක හා සත්ව විශේෂ අද සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇති නිසාම එම වඳවීයාමෙි තර්ජනයට ලක්වී ඇති ශාක හා සත්ව විශේෂ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සංචාරක ව්‍යාපාරයේ තිරසාරභාවය උදෙසා එ්වා රැුකගැනීමෙි ප‍්‍රයත්නයට සංචාරක ක්ෂේත‍්‍රයේ පාර්ශවකරුවන් දායකවන බවද පෙනී යය.ි ශ‍්‍රී ලංකාවේ දකුණු වෙරළබඩ ප‍්‍රදේශයේ දක්නට ලැබෙන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති මෙන්ම දිවයිනේ අලිඇතුන් රැුකබලා ගැනීමෙි ව්‍යාපෘතිද අද සංචාරකයන්ගේද අනුග‍්‍රාහකත්වය යටතේ නඩත්තුවන බවද රහසක් නොවේ. එසේම පින්නවල අලි අනාථාගාරය හා උඩවලව ඇත් අතුරු සෙවන වැනි ස්ථානද මෙලෙස නඩත්තු වේ.
ශ‍්‍රී ලංකාවේ ජාතික උද්‍යාන 21ක් දැනටමත් ප‍්‍රකාශයට පත්කර ඇති අතර ඉන් 19 වනුයේ ශාක හා ජෛව විවිධත්වයෙන් ඉහළ අගයක් උසුලන වනාන්තර පරිසර පද්ධතීන් වේ. එම ජාතික උද්‍යානවලට ඇතුලූ වීමෙිදී සංචාරකයන්ගෙන් අයකරනු ලබන ප‍්‍රවේශපත‍්‍ර ගාස්තු නිසා සෑහෙන ආදායමක් ඉපයීමට රජයට හැකිවී තිබේ. පේරාදෙනිය, හෙනරත්ගොඩ හා හග්ගල පිහිටි උද්භිත උද්‍යානවලට ඇතුල්වීම සඳහා ද සංචාරක ප‍්‍රවේශ ගාස්තු වශයෙන් සතුටුදායක අදායමක් රජයට ලැබේ. මෙි නිසාම එම වනෝද්‍යාන හා උද්භිත උද්‍යාන මැනවින් පවත්වාගෙන යාමටත් නඩත්තු කිරීමටත් රජයට හැකිවී තිබේ. මෙයද සංචාරක ව්‍යාපාරය නිසා පාරිසරික වශයෙන් උදාවී ඇති යහපත් ප‍්‍රතිලාභයකි.
එමෙන්ම හරිත සමුළුව නමි නැවුමි සංකල්පයක්ද මෑතකදී සිට සංචාරක ව්‍යාපාරික ක්ෂේත‍්‍රය කෙරේ දැඩි අවධානයට පාත‍්‍ර වෙමින් පවතී. පරිසර හානියෙන් තොර පරිසර සංරක්ෂනය කෙරේ දැඩි  අවධානයක් දක්වන දේශයන්හි විශාල පරිමානයේ සමිමන්ත‍්‍රන වැඩසටහන් පැවැත්වීමෙන් එම රටවල පරිසර සංරක්ෂන ක‍්‍රියාකාරකමි සදහා අනුග‍්‍රහය දැක්වීම මෙම සමුළු සංවිධායකයන්ගේ අරමුණ වී ඇත. මෙවැනි සමිමන්ත‍්‍රන ක‍්‍රියාකාරකමි සදහා අනුග‍්‍රහය දැක්වීම මෙම සමුළු සංවිධායකයන්ගේ අරමුණ වී තිබේ. 

අයහපත් බලපෑම්

සංචාරක ව්‍යාපාරයේ අවිධිමත් වර්ධනය නිසා පාරිසරික වශයෙන් ඇති විය හැකි අයහපත් ප‍්‍රතිඵල රැුසක.ි විශේෂයෙන් දේශීය සංචාරකයා නිසා පරිසරයට සිදුවී ඇති හානි පිළිබදව හොදම උදාහරණය ශ‍්‍රී ලංකාව තුළින්ම අපට සොයාගැනීමට එතරමි අපහසු නොවේ. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ දේශීය සංචාරකයන් නිසා ස්වභාවික හා සංස්කෘතික පරිසරයන්ට සිදුවී ඇති හානි පිළිබදව හොදම උදාහරණය සංස්කෘතික ත‍්‍රිකෝණය ඇතුළත මෙන්ම බෝපත් ඇල්ල දුන්හිඳ හුම්මානය හා ශ‍්‍රී ලංකාවේ බොහෝමයක් දර්ශනීය දිය ඇලි ආශි‍්‍රතවද හමුවේ. 
සෑම පරිසරයකටම අල්ලන ප‍්‍රමානයක් නැතහොත් රදවාගැනීමේ ධාරිතාවක් පවතින අතර එම රදවාගැනීමේ ධාරිතාව ඉක්මවා කවර වූ පරිසරයකට මිනිසුන් ඇතුලත් වීම තුළින් පැන නැගිය හැකි ගැටලූ සුළුපටු කොට සැලකිය නොහැක විශේෂයෙන් පාසල් නිවාඩුකාලයේදී යාල, උඩවලව වැනි ජාතික වනෝද්‍යානවලට සීගිරිය වැනි පැරණි සංස්කෘතික ස්ථානවලට ඇදෙන අසීමිත සංචාරක සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදීම එම පරිසරයන්ට ඇතිවී ඇති පාරිසරික හානිය පිළිබදව නිතැතින්ම වටහාගැනීමට හැකිවේ.සමහර පාසල් නිවාඩු කාලවලදී වනෝද්‍යානවලට ඇදෙන සංචාරකයන්ගේ වාහන සංඛ්‍යාව හා මිනිසුන් සංඛ්‍යාව එහි වෙසෙන ජීවීන් සංඛ්‍යාවද ඉක්මවා යන බවට සැක පහලවේ. එම පරිසරයන්ට දරාගත නොහැකි ආකාරයේ පරිසර දූෂණයන් සිදුවන බව නොරහසකි.  සංචාරකයන්ගේ කෑගැසීම්, පරිසරයේ නිහඩතාවයන්ට බාදාකිරිම්, වාහනවලින් නගන ශබ්ද, ආදිය මගින් මෙම පරිසර පද්ධතිවල වෙසෙන ජීවීන්ගේ බෝවීම ඇතුලූ තිරසාර පැවැත්මටද හානිකර ලෙස බලපානු ලැබේ.
මෙහිදී සමහර සංචාරකයන් විසින් සමහරවිට හොර රහසේ වුවද ඉවත ගෙන යනු ලබන හෝ විනාශ කරනු ලබන රටට හෝ පරිසරයන්ට ආවේනික ශාක හා ස්වභාවික සම්පත් ආදියද සුලූපටු නොවන අතර එ් නිසාම එම පරිසර පද්ධතිවල තුල්‍යතාවය බිඳීයාමටද ඉවහල්වී තිබේ. පරිසර පද්ධතියකට ඇතුල්වන සංචාරකයන්ට, ”පා සළකුණු පමණක් තබා එන්න සේයාරූ පමණක් රැුගෙන එන්න ”යනුවෙන් කොතෙක් ඇවටිලි කළද එය පිළිපදින්නේ කීදෙනෙකුදැයි යන්න සැකයකි. 
උදා : රෝස තිරුවානා කª වැටියට  ඇදෙන දේශීය සංචාරකයන්ගේ කොපමණ දෙනෙකු නාමල් උයනේ නාමලක් නොකඩා එසේත් නැතහොත් රෝස තිරුවානා කැටයක් කඩා නොගෙන එනු නිරීක්ෂණය කළ හැකිද යනු උගහටය.
තවද මීට කාලයකට පෙර සිංහරාජ වනයේ තිබූ ආකර්ෂණීය යෝධ පුස්වැල දේශීය සංචාරකයන් නිසාම මෙි වන විට මිය ගොස් අවසන්ය. ශ‍්‍රී ලංකාවට ආවේණික වෙසක් මල, මහරත්මල, වැනි පුෂ්පයන්ට නිවි සැනසිල්ලේ තමන් වෙසෙන පරිසරය තවදුරටත් සුන්දර කිරීමට අවස්ථාව ලැබෙනුයේද සංචාරකයෙකුගේ නෙත ගැටෙන තෙක් පමණි.
සංචාරක ක්ෂේත‍්‍රයේ පාර්ෂවකරුවන් සම්බන්ධයෙන් සැලකිල්ලට ගැනීමේදීද පරිසර හිතකාමි සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට යුහුසුලූව පෙළ ගැසෙන ව්‍යවසායකයන් සංඛ්‍යාත්මකව ඉතා පහළ මට්ටමක පැවතීමද අවාසනාවකි.විශේෂයෙන් පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ මූලික අභිලාශය වනුයේ උපරිම ආදායමක් ඉපැයීම පමනක් වන නිසා ම පරිසර හානි පිලිබදව සැලකිල්ලක් නොකර තම හෝටල් හා ආපනශාලාවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍යය හා ජලය ස්වභාවික ඇල, දොළ,ගංගා ,ජලාශ, මුහුද වැනි ජල මූලාශ‍්‍රවලට ගලා යාමට ඉඩ සලසා ඇති ආකාරය ශ‍්‍රී ලංකාවේ සංචාරක ප‍්‍රදේශ ආශ‍්‍රිතව දැකගත හැකිය.
විශේෂයෙන් මහා පරිමානයේ සංචාරණය හේතු කොටගෙන සංචාරක ගමනාන්ත බොහෝමයක වෙරළතීරයන් දූෂණය වීම මුහුදු ජලය අපවිත‍්‍ර වීම මුහුදු ඛාදනය වැනි පාරිසරික ගැටලූ රැුසක් උද්ගතවී ඇති අතර සංචාරකයන් විසින් ගංගා හි ජලය ආශ‍්‍රිතව කෙරෙන ජලක‍්‍රීඩා නිසා ගංගා ඉවුරු ඛාදනය වීමද ජලය දූෂණය වීමද දක්නට ලැබේ. සුන්දර වෙරළ තීරයන්ට ඇදෙන සංචාරකයන්ට නවාතැන් හා අනෙකුත් සංචාරක පහසුකම් සැලසීම නිසා අවිධිමත්ව ඉදිවී ඇති සමහර ගොඩනැගිලි හා ඉදිකිරීම් නිසා ඒවා වර්තමානයේ සංචාරකයන්ටද කරදරයක් වී ඇතිබව නොරහසකි
උදා : හවායි වයිකිකි වෙරළ, තායිලන්තයේ පට්ටායා හා පූකට් වෙරළ, මලයාසියාවේ පෙනෑං වෙරළ හා ඉන්දුනීසියාවේ බාලි කුටාර් වෙරළ වැනි සංචාරක ගමනාන්ත. 




සංචාරකයන්ගේ ක‍්‍රියාකාරකම් නිසා සංවේදී කොරල් තීරයන්ට සිදුවී ඇති හානි පිළිබඳව ක්වීන්ස්ලන්තයේ මහා බාධක පරය හා විට්සන්ඬේ දූපත ආශ‍්‍රිතව මෙන්ම  ශ‍්‍රී ලංකාවේ හික්කඩුව හා කප්පරතොට ආශ‍්‍රිතවද දැකගත හැකිය. බොහෝ සංචාරක ගමනාන්තවල ස්වභාවික කොරල් විනාශය ඉක්මන් කිරීම සඳහා බහුල වශයෙන් එම කොරල් පර ආශ‍්‍රිතව සිදුකෙරෙන සංචාරක ක‍්‍රියාකාරකම් (උදා ස්නෝකින් ස්ටෆින් බෝර්ටින් ආදිය * වර්ධනය  විම හේතුවක් වී තිබේ. සමරු භාණ්ඩ වශයෙන් සංචාරකයන් විසින් කොරල් කැබලි කඩාගෙනයාම හා සිප්පිකටු එම මගින් ද සංවේදි කොරල් පර පද්ධතිවලට සිදුවන හානිය පිළිබදව වර්තමානයේ පාසිකුඩා ප‍්‍රදේශයෙන් දැකගත හැකිය.
සුලබව කඳු තරනය කරනු ලබන හා වනමංපෙත් ඔස්සේ ඇවිදයන සංචාරකයන්ගේ පාදයට පෑගීම නිසා පස බුරුල්වීම මගින් සිදුවන පාංශු ඛාදනය පිළිබදව නේපාලය වැනි සංචාරක ගමනාන්තවල අසන්නට ලැබේ. එලෙසම විශාල වශයෙන් එකම ස්ථානයකට ඒකරාශිවීම හා පැමිනීම නිසා එම ගොඩනැගිලි හා භූමිය ආශ‍්‍රිතව ගෙවීම් හා ඉරීම් අවස්ථාද ලෝකයේ ඉතා ජනප‍්‍රිය ලෝක උරුම ආශ‍්‍රිතව ද දකින්නට ලැබේ.
උදා : බි‍්‍රතාන්‍යයේ ස්ටොංන්හෙන්ජ් හා ශ‍්‍රී ලංකාවේ සීගිරියද දැක්විය හැකිය.
බහු පරිමානයේ සංචරණය හේතුවෙන් විශාල වශයෙන් පාලනයකින් තොරව සංචාරකයන් ඇදී ඒ්ම නිසා සමහර සංචාරකයන්ගේ කඩාකප්පල්කාරී ක‍්‍රියා වලට භාජනය වූ ලෝක ප‍්‍රකට සංචාරක ආකර්ෂණද රැුසකි. එලෙස බි‍්‍රතාන්‍යයේ ස්ටොංන්හෙන්ජ් ලෝක උරුම ස්ථානය ආශ‍්‍රිතව සිදුවු කඩාකප්පල්කාරී ක‍්‍රියා නිසා දැන් සංචාරකයන්ට එය නැරඹිය හැක්කේ එක්තරා දූරක සිටය. ගස් ගල් වල නම් කෙටීම, කුරුටු ගී ලිවීම, පුරාවස්තු කඩා බිඳ දැමීම ආදී සිද්ධීන් ශ‍්‍රී ලංකාවේ ස්වභාවික හා සංස්කෘතික ස්ථාන බහුතරයේදීද නිරීක්ෂණය කළ හැකිය.
එලෙස සංචාරක ව්‍යාපාරයේ අවිධිමත් වර්ධනයන නිසා පරිසරයට සිදුවී ඇති අයහපත් බලපෑම් බොහෝමයක් පෙන්වාදිය හැකි අතර එබඳු අයහපත් බලපෑම් සිදුවීමට මූලික වී ඇත්තේ ක‍්‍රමවත් සැලසුම්කරණ හා කළමනාකරණ ක‍්‍රියාවලියකින් තොරව අවිධිමත් සංචාරක ව්‍යාපාරයක් පැන නැගීම නිසා බව කිව යුතුය.
  
 මහීශා සේරසිංහ

Thursday, June 11, 2015

අන්තර්ජාලය හා බැඳුනු නීතිය


භුගෝලීය වශයෙන් සීමාවී නොමැති වීම නිසාවෙන් හා තාක්ෂණික දියුණුව සමග නීතිය අතික‍්‍රමනය  කිරීමේ හැකියාවක් අන්තර්ජාලයට ඇත. වර්තමානය වන විට අන්තර්ජාලය සඳහා නීතිමය තත්වයක් ගොඩනැගීමට බොහෝ කරුණු ගොඩනැගී ඇත. එයට අන්තර්ජාලය පමණක් නොව එය භාවිත කරන්නන්ද බොහෝ සෙයින් වග කිව යුතුව ඇත. එහිදී අන්තර්ජාලයෙන් සිදුවන හානි කොටස් 3ක් යටතේ හඳුනාගත හැක.


  •   පුද්ගලයන්ට එරෙහිව සිදුවන හානි.
  •   ආයතනයන්ට එරෙහිව සිදුවන හානි.
  •   සමස්ත සමාජයට එරෙහිව සිදුවන හානි.


මෙහිදී පුද්ගලයන්ට පුද්ගල පෞද්ගලිකත්වයට හා පුද්ගල දේපල වලට සිදුවන හානි පුද්ගලයන්ට එරෙහිව සිදුවන හානි වේ. ආයතන වලට ආයතන වෙබ් අඩවි වලට හොරෙන් පිවිසීම හා එම ජාලයන්ට හානි කිරීම ආයතනයන්ට එරෙහිව සිදුවන හානි වේ. ළමා අසභ්‍ය ප‍්‍රකාශන අන්තර්ජාලයයේ බෙදාහැරීම මගින් සමස්ත සමාජයම හානියකට ලක් වේ. මේ අනූව මෙම අන්තර්ජාලය සඳහා විවිධ නීතිමය තත්වයන් නියාමනයන් ඇති කිරීම අවශ්‍යය වී ඇත.
එහිදී අන්තර්ජාලය ප‍්‍රකාශන සඳහා වැදගත් වන ජාත්‍යන්තර සම්මුතීන්  මොනවාදැයි හඳුනාගත යුතුය.

  •   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය.
  •   එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය.
  •   ජාත්‍යන්තර ගිවිසුම් ඉලෙක්ට්‍රොනික් සන්නිවේදන භාවිතය කිරීම පිළිබඳ     එක්සත් ජාතීන්ගේ සම්මුතිය.
  •   එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික් අත්සන් පිළිබද සම්මුතිය. 
  •   සයිබර් අපරාධ සම්බන්ධයෙන් වූ යුරොපා සම්මුතිය. 

වැදගත් වේ.
අනෙකුත් ජනමාධ්‍ය කෙරෙහි බලපාන අදහස් පල කිරීමේ නිදහස, තොරතුරු දැනගැනීමේ නිදහස, අපහාසය පාර්ලිමේන්තු වරප‍්‍රසාද, අධිකරණට අපහාස කිරීම, අසභ්‍ය ප‍්‍රකාශන නීති වැනි නීතිමය තත්වයන් මීට බලපානු ලබන අතර විශේෂයෙන්ම සම්පාදනය කරන ලද පනත් 4ක්ද දක්නට ලැබේ.

  •   2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පනත. 
  •   2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත. 
  •   2007 අංක 24 දරන පරිගනක අපරාධ පනත. 
  •   2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත මෙහිදී වැදගත් වේ. 

තවද මෙම අන්තර්ජාල නීතිමය තත්වය හා බැඳුනු සුවිශේෂීතාද හඳුනාගත හැක. එහිදී අන්තර්ජාලය භුගෝලීය වශයෙන් සීමාවී නොමැති වීම නිසාවෙන් ඒ තුල සිදු කෙරෙන සන්නිවේදනයන්ද කිසිඳු සීමාවකට යටත් නැතැයි කෙනෙකුට සිතීමට හැක. පුද්ගලයෙකු  අන්තර්ජාලය තුල සිදුකෙරෙන සන්නිවේදනයකදී බොහෝවිට එකිනෙකට වෙනස්වු නීති පද්ධති පවතින රටවල් 3ක බලපෑමට ලක්වේ.

  •   අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගන්නා පුද්ගලයා පදිංචි රටේ නීති තත්වය. 
  •   අදාල වෙබ් අඩවියේ දත්ත සමුදාය පවතින රටේ නීති පද්ධතිය.
  •   අන්තර්ජාලය වෙත තොරතුරු මුදාහරින පුද්ගලයන් පදිංචි රටේ නීති තත්වය.

මේ සඳහා බලපෑම්කාරී වේ.
උදා : ස්විට්සර්ලන්තයේ දත්ත සමුදායක් සහිත වෙබ් අඩවියක් එංගලන්තයේ සිටින පුද්ගලයෙකු මෙහෙයවනු ලබය.ි එම වෙබ් අඩවිය ලංකාවේ පුද්ගලයෙකු පරිශීලනය කරයි.
මෙහිදී මෙම රටවල් තුනෙහිම නීති හා දේශපාලන අභිලාශයන් මෙම සන්නිවේදනයට සෘජුව බලපෑම් ඇති කරයි.
තවද මෙම අන්තර්ජාල ප‍්‍රකාශන හා බැඳුනු නීතියේ නව ප‍්‍රවනතා හඳුනාගැනීමේදී පනත් කිහිපයක් යටතේ මෙය හඳුනාගත හැක.

  •   මාර්ගගත ප‍්‍රකාශන සොරකම වැළැක්වීමේ පනත ( ස්ටොප් ඔන්ලයින් ප‍්‍රයිවසි ඇක්ටි*

මෙය අන්තර්ජාල නිර්මාණ කළ අයගේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කිරීම හා ව්‍යාජ නිර්මාණ වලට එරෙහි ආරක්ෂකයෙක් වශයෙන්ද ඇමරිකානු නියෝජිත මන්තී‍්‍ර මන්ඩලය විසින් හඳුන්වා දී ඇත. නමුත් තවමත් සම්මත කරගැනීමට නොහැකිව ඇත.


  •   බුද්ධිමය දේපල ආරක්ෂා කිරීමේ පනත (ප්‍රෝටෙක්ටි අය පීි ඇක්ටි*
  • වෙබ් අඩවි වාරනය හා අවහිර කිරීම. 
ඉලෙක්ට්‍රොනික නිර්මාණ සඳහා සැබෑ මාර්ගගත තර්ජන හා බුද්ධිමය දේපල සොරා ගැනීම වැළැක්වීමෙ පනත ලෙස මෙය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් 211 නොවැමාබර් මස මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී ඇත. නමුත් මෙයද තවමත් සම්මත කරගැනීමට නොහැකිව ඇත. 
මේ අනූව අන්තර්ජාල ප‍්‍රකාශන හා බැඳුනු නීතිමය තත්වයන් විටින් විට වර්ධනය වන ආකාරය හඳුනාගත හැක.


පුරාණ පොකුණ ප‍්‍රතිසංස්කරණය ව්‍යර්ත වූයේ පෞද්ගලික බලපෑමක් නිසාද?


ශතවර්ශයක් වැනි කාලයක් පුරා වැලිගම කූඩළුමුල්ල ග‍්‍රාමයේ ප‍්‍රදේශ වාසීන්ගේ අවශ්‍යතාවයන් සැපිරූ පොදු නාන පොකුණ මේ වන විටත් බොහෝ අබලන් තත්වයේ පවතී.18වන ශතවර්ශයේ ප‍්‍රතම භාගයේදී පමන ගම්වාසීන්ගේ මූලිකත්වයෙන් ඉදිකර ඇති මෙම පොකුණ කූඩළුමුල්ල ග‍්‍රාමවාසීන් පමනක් නොව අවට ගම්වල වැසියන්ද පරිහරනය කරති.එහෙත් මෙම පොකුණ බොහෝ කාලයක පටන් කඩා වැටී ඉතාමත් අබලන් තත්වයකට පත්ව ඇත.මේ පිළිබදව ප‍්‍රදේශවාසීන් කිහිප විටක්ම වැලිගම ප‍්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කර ඇත.
එමගින් විසඳුමක් නොලැබු නමුත් පසුව මෙම පොකුණ ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සහය ලැබෙන්නට විය.මේ සදහා ඇස්තමේන්තු කල මුදල රුපියල් දෙලක්ෂ හැටදෙදහස් හැත්තෑ පහකි.නමුත් මේ සදහා 2013.09.20 දින ගරු ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමන්ගේ විමධ්‍යගත ප‍්‍රතිපාදන තුළින් රුපියල් ලක්ෂයක මුදලක් වෙන් කරනු ලැබීය.එමගින් ප‍්‍රදේශවාසීන් තමන්ගේ ශ‍්‍රමදායකත්වයෙන් කෙසේ හෝ එම මුදල් මගින් පොකුණ තැනීමට සිතුවේය.නමුත් හිටිහැටියේම එය ව්‍යර්තවී ගොස් ඇත.මේ වන විටත් මෙම පොකුණ එම අබලන් තත්වයේම පවතී.






මේ පිළිබඳව කරුනු විමසා බැලීමේදී හෙළිවූයේ පෞද්ගලික මැදිහත් වීමක් මත මෙම පොදු පොකුණ ප‍්‍රතිසංස්කරණය වැළකී ඇති බවයි. මෙම පොකුණ පිහිටා ඇති භූමිය අයිතිකරුවන් විසිතුන්දෙනෙකුට අයත්වන නොබෙදුන ඉඩමක් බවයි.මෙම ඉඩමේ වැඩි අයිතිවාසිකමක් ඇත්තේ ගමගේ ධර්මසිරි කාරියවසම් නමැති මේ වන විට මහරගම ප‍්‍රදේශයේ වාසය කරන පුද්ගලයෙකුටයි. ඔහු මෙම පුරාණ පොකුණ ප‍්‍රදේශවාසීන්ට කැමති අයුරකින් ප‍්‍රතිසංස්කරනය කර ගන්නා ලෙසද එයට තමන්ගෙන් කිසිදු බලපෑමක් නොවන බවද පෞද්ගලිකව වැලිගම ප‍්‍රාදේශීය ලේඛම් කාර්යාලයට දන්වා එවා ඇත.
ඒ අනූව වැලිගම ප‍්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් පැමින මෙම පොකුණ සෑදීම සඳහා ඉඩමද මැන බලා පොකුණ ප‍්‍රතිසංස්කරනය ආරම්භ කිරීමට කටයුතු සිදුකළ ද හිටිහැටියේ එය අඩාල වී ඇත.එයට හේතු විමසු කල පැහැදිලි වූයේ මෙම ඉඩමට අයිතිවාසිකම් ඇති එක් පුද්ගලයෙකු මෙම පොකුණ සෑදීමට ඇති විරොධතාවයයි.ඔහු මැදිහත් වී මෙලෙස ප‍්‍රදේශයකම අවශතා සපුරන්නා වූ පොකුණ සෑදීම අඩාල කර ඇත. එලෙස එක් පුද්ගලයෙකුගේ විරුද්ධත්වයට මුළු ග‍්‍රාමයේම ජනතාවගේ අවශ්‍යතාවන් සපුරන්නා වූ පුරාණ පොකුණ ප‍්‍රතිසංස්කරන කටයුතු ඇන හිටින. මේ පිළිබදව ප‍්‍රදේශවාසීන් නොයෙකුත් දෙනාට නොයෙකුත් විට පැම්නිලි කර ඇත.පෙත්සම් ගොනු කර ප‍්‍රාදේශීය ලේඛම් කාර්යාලට නැවත නැවතත් පැමිනිලි කර ඇතත් ග‍්‍රමවාසීන්ට තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැත.
මහීශා සේරසිංහ - මාතර













ලා ඉලාහ ඉල්ලල්ලාහ් මහම්මදුර් 
ර-සුල්ලාහ්

විධාකාර වූ සංස්කෘතීන් තුල මරණය යන සංකල්පය තුල සමතා මෙන්ම විශමතාද හඳුනාගත හැක. සිංහල සංස්කෘතිය තුල යම්කිසි වියදමක් දරමින් පුද්ගලයෙකු මියගිය විට භූමදානය සිදුකරනු ලබයි.නමුත්  ඉස්ලාම් සංස්කෘතිය තුල  පුද්ගලයෙකු මියගිය මිට  ඉතා අඩු වියදමක් තුල එක් දිනයක් හො තබා නොගෙන එය වළලනු ලබයි.මේ අනූව විවිධ වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ මරණය යන සංකල්පය තුල හදුනාගත හැක.
ඉස්ලාම් දහම තුල ඔවුන්ගේ සංස්කෘතිය, ජීවන පැවැත්ම තීරනය කරන්නාවූ සුවිශේෂ වු ග‍්‍රන්ථය වන්නේ අල් කුරානයයි.මෙම අල් කුරානය තුල මුස්ලිම් ජනයා ජීවත්විය යුතු ආකාරය, දිවිපැවැත්ම සකසාගත යුතු ආකාරය, ජීවිතයේ එක් එක් අංගයන් සිදුවන ආකාරය පිළිබඳව සඳහන් කොට ඇත. ඒ අනූව ඉස්ලාම් සංස්කෘතිය තුළ මරණය නමැති සංකල්පය දක්වා ඇති අයුරු හඳුනාගත යුතුය.
අප මහපොළවෙහි දුවිලි බවට පත්වූවාට පසු නියත වශයෙන් අපි නව නිර්මාණයක් වන්නෙමු දැයි ඹවුහු කියති. නොඑසේය ඔවුහු තම රබ් (පරමාධිපති* හමුවීම ප‍්‍රතික්ෂේප කරති.
මේ තුල ඔවුන් දක්වන්නේ අප  දුවිලි බවට පත්වූවාට පසුව යන්න අර්ථයෙන් තොර බවයි.”අපි” යන්න ශරීරය අත්හැර ගිය විට  ශරීරය තවමත් එලෙසම පැවතුනද ”අපි” යන්න ඡුායාමාත‍්‍රයකින් හෝ තවදුරටත් අදාල නොවෙයි.එහිදී ඉතිරිව ඇත්තේ සදාදර තැනැත්තෙකුගේ නිවස ලෙස පැවතුන හිස් සිරුර පමනක් බව දක්වයි.
 තවද,
නුඹලා වෙනුවෙන් පත්කරනු ලැබූ මරණය පිළිබඳව මලක්වරයා (සුර¥තයා* නුඹලා සහමුලින්ම හසුකරගනී.ඉන්පසුව නුඹලා ආපසු පමුණුවනු ලබන්නේ නුඹලාගේ රබ් වෙතට යැයි (නබ් මුහම්මද්* කියනු.
එනම් නුඹලාගේ ආත්මය ¥විල්ලෙහි මුසුනොවෙනු ඇත. එහෙත් ඒ පිළිබඳව කි‍්‍රයාකිරීමේ කාල සීමාව අවසන් වූ විගසම මරණය පිළිබඳව මලක්වරයා පැමිණ එය ශරීරයෙන් පිටතට ගෙන සම්පූර්ණයෙන්ම පැහැරගෙන යති. එයින් කිසිම කොටසක් ශරීරය සමග ¥විලි බවට පත්වීමට ඉඩ නොතබනු ඇත. එය පවතින ආකාරයෙන්ම තමන් භාරයට ගෙන සිය ස්වාමියා අභියසට ඉදිරිපත් කරති.
මේ ආයතයෙහි දැක්වෙන කරුණු තරමක් විස්තරාන්විතව මෙසේ දක්වා ඇත.
ඇත්ත වශයෙන්ම ඔරලොසුවක දුන්න නැවත කරකැවීමට අවශ්‍ය වූ විට එය හදිස්සියේම නවතින්නාක් මෙන් මරණය සිදු නොවන බව එය ප‍්‍රකාශ කරන අතර මේ කාර්යය සඳහා අල්ලාහ් විශේෂ මලක්වරයෙකු පත් කර ඇත. හරියටම නිල වශයෙන් යමක් ලබන්නෙකු එය ඔහුගේ භාරයට ගන්නා අන්දමින්ම ආත්මය ලබා ගැනීමට පැමිණෙන බවත් කියයි.අල් කුරානයෙහි වෙනත් ස්ථාන වල සඳහන් කර තිබෙන විස්තර අනූව මරණය පිළිබද ප‍්‍රධාන මලක්වරයා යටතේ පූර්ණ මලායිකා කාර්යය මන්ඩලයක් සිටින බවත් මරණය සිදු කිරීම ආත්මය උදුරා ගැනීම සහ එය ඔවුන්ගේ භාරයට ගැනීම යනාදී විවිධ රාජකාරි රාශියක් ඔවුන් ඉටු කරන බවත් එම විස්තර වලින් පැහැදිලි වෙයි. තවද විශ්වාස කරන්නා වූ සහ දැහැමි ආත්මයකට සලකනවාට වඩා වෙනස් අන්දමින් ඔවුහු වැරදිකාර ආත්මයකට සලකති. ( අල් කුරාන් 4:97 අල් කුරාන් 6:93 අල් කුරාන් 16:28 අල් කුරාන් 56:83-94 යන ආයාත්*
මරණින් පසුව මිනිසාගේ පැවැත්ම අවසාන නොවන බවත් ඔහුගේ ආත්මය ශරීරයෙන් පිටත නොනැසී පවත්නා බවත් එය පෙන්වා දෙයි.අල් කුරානයේ තිබෙන වචන මෙසේය ”මරණය පිළිබදව මලක්වරයා නුඹලා සහමුලින්ම ග‍්‍රහණයට ගනු ඇත” එයද යතාර්තයට යොමුකරවයි.මක්නිසාද යත් නොපවතින දෙයක් ග‍්‍රහණයට ගත නොහැකිය යම්කිසි දෙයක් ග‍්‍රහණයට ගෙන එය භාර ගැනීම යනුවෙන් අදහස් කරනුයේ ග‍්‍රහණයට ගත් දෙය ග‍්‍රහණයට ගන්නා සතුව තිබිය යුතු බවය.
මරණයට පත්වන මොහොතේදී ග‍්‍රහණයට ගන්නා දෙය මිනිසාගේ භෞතික ස්කන්ධය නොව ”මම”, ”අපි”, සහ ”ඔබ” යන වචන වලින් දැක්වෙන ඔහුගේ ආත්මයේ ජීවීත කාලය තුල මෙලොවදී එය ගොඩනගා තිබෙන පෞර්ෂත්වයට එලෙසින් සහමුලින් එයට හිමි ගුණාංග කිසිම අඩු කිරීමකින් හෝ වැඩි කිරීමකින් තොරව ග‍්‍රහණයට ගන්නා අතර එය මරණින් පසුව ස්වාමියා වෙත ආපසු ලැබෙන්නට සලස්වයි.එම පෞර්ෂයටම නව උපතක් සහ නව සිරුරක් පරලොවදී ලබා දෙනු ඇත. එයම විනිශ්චයට භාජනය කෙරෙනු ඇත. එයටම නිදහසට කරුණු දක්වන ලෙස දන්වා සිටිනු ඇත. එයම තිළිණ හෝ දඩුවම් ලැබීම භූක්ති විඳියි.
යනුවෙන් මරණය පිළිබඳව දක්වා ඇත.
මේ අනුව විවිධ සංස්කෘතියෙන් සංස්කෘතියට මරණය යන සංකල්පය වෙනස්වේ.

Friday, June 5, 2015

සිළුමිණ 70 දශකයේ කතුවැකි භාෂාව

මේ මහා විපතේදී ඔබේ පිහිට ඹ්නෑ
‘අපේ සහෝදර ජනතාවගෙන් විශාල පිරිසක් අද මහා විපතකට පත්ව සිටිති. නොබෝදා ඇති  වූ ගංවතුරින් අනාථ වී සිටින දස දහස් සංඛ්‍යාත ජනකායක් අද ඔබේ පිහිට බලාපොරොත්තුවෙන් සිටිති.කිසිම බලාපොරොත්තුවක් නොමැතිව හදිසියේ මතු වු මෙම පීඩාවට පත් වී සිටින මොවුන්ගේ අනාගතය අද පවතින්නේ ඉතා අවිනිශ්චිත තත්වයක බව ඔබ දන්නෙහිය.
ගංවතුරට බිලිවූ ජීවිත ගණන සුළු පටු නොවේ. ඔවුන්ගේ දරු පවුල් අද ඉතා අසරණ තත්වයකට පත්වී සිටිති. තම පවුලේ අය මියයාමෙන් විඳ දරාගත නොහැකි ශෝකයෙන් පෙළෙන ඔවුන්ගේ විලාපයට තම ගේ දොර බඩු මුට්ටු ඇතුළු තමන් සතු දේපොල විනාශ වී යාමෙන් නැගෙන දුක් අඳෝනා එක්වී රට පුරා දෝංකාරය දෙමින් පවතී.
දෛව දෝෂයකින් දෝ මොවුන්ට මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පාන්නට සිදුවිය.ඇතැම්විට ඔබටත් මටත් එවැනි විපතක් සිදුවුනේ නම් ඔබෙත් මගෙත් හදවත් තුළ ඇවිලෙන ගින්දර ගැන අප සිතා බැලිය යුතුය.
එවැනි අසරණ තත්වයකට පත්වු විට අන්අයගේ සරන පතනු විනා වෙන කළ හැක්කේ කුමක්ද?
එහෙත් අපේ සහෝදර ජනතාවගේන් එක් පිරිසකට වූ විපත ජාතික විපතක් සලකා අප හැමෝම ඔවුන් ඉන් මුදවා ගැනීමට ගතයුතු සෑම පියවරක්ම ගත යුතුය ශ්‍රේෂ්ඨ ආගමික දර්ශනයන්ගෙන් හික්මවන ලද ජනතාවක් සිටින ලංකාව වැනි රටක දරුණු විපතකට පත්වූවන්ට පිහිට වීමේ උතුම් මෙහෙය ගැන නිවැරදි අවබෝධයක් ඇතිකිරිම අපහසු කාරියයක් නොවන්නේය...’

1970 ජනවාරි 07 බදාදා 

රජයේ පොත් පෙළ සහ ගුරු පරපුර
‘පාසල්වල භාවිතය සඳහා ගනු ලබන රජයේ සිංහල පොත් පෙළේ වැරදි ඇතැයි අමාත්‍යංශය පිළිගෙන ඇත. මෙය සිංහල භාෂාවේ සුචරිතභාවයත් දැන් ඉගනුම ලබමින් සිටින ශිෂ්‍ය පරපුරෙ අභිවෘර්ධියත් පතා සෑම දෙනාගේ ම සැනසිල්ලට හේතුවන්නකි. සිංහල පොත්පෙළේ වැරදි ඇතැයි ද එමනිසා ඒවා පාසල්වල භාවිතයට නුසුදුසුයැයි කරුණු පෙන්වාදෙමින් බලවත් උද්ඝෝෂණයක් ගෙනයාමෙන් සරසවි ආචාර්යවරු කළ උතුම් ජතික සේවයට ජාතික පැසසුම් ඔවුන්ට හිමිවිය යුතුය...
එහෙත් දැන් උද්ගත වී ඇත්තේ ඊට හාත්පසින් ම වෙනස් වූ තත්වයකි. රජයේ පොත් පෙළේ අඩුපාඩු හරි ගැස්වීමට පෙර ප‍්‍රථමයෙන් ම ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්ගෙන් කරුණු විමසන්නට අවශ්‍යය. මෙය ජාතිය වෙනුවෙන් විශේෂයෙන් බාල පරම්පරාව වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කිරීමට ගුරුවරුන්ට ලැබෙන කදිම අවස්ථාවකි.’
1970 ජනවාරි 15 බ‍්‍රහස්පතින්දා

බස් මගීන්ගේ දුකට පිළියම් මොනවාද?
‘බස් නොමැති හෙයින් අවශ්‍ය ගමන් බිමන් යා නොහැකිව අපමණ කරදර විදීමට මහජනයාට සිදු වී ඇතැයි කලක පටන් මැසිවිිලි නගනු අසන්නට ලැබේ...
බස් අබලන් වීමත් ඒවා කලට වේලාවට අළුත්වැඩියා කිරීමට නොහැකි වීමත් බස් සේවය අබලන් වීමට හේතුවන බාධකයක් බවට පිළිගත හැක. එහෙත් බස් සේවයේ සියලූම දෑ මේ  හේතුව මත පටවා හැම දෙනාම අත් හෝදාගන්නට සැරසීම දුරුවල බස් සේවයට පිළියමක් නොවන්නේය. හේතුව හරි වුවද වැරදි වුවද ”අපි හේතුව දන්නවා” යයි සෑහීමකට පත්වීම කෙතරම් මෝඩකමක්ද?හේතුව දන්නවානම් එතැනින් නොනැවතී වැරදි හරිගස්සාගත යුතුයි.එයද ප‍්‍රමාණවත් දුරුවල බස් සේවයට හේතුවන වෙනත් කරුනු ඇද්දැයි එසේනම් ඒ මොනවාදැයි සොයාබැලිය යුතුය.
කාර්යක්ෂම බස් සේවයක් මහජනයාට ලබාදීමට නම් අච්චර බස්  ඕනෑ මෙච්චර බස්  ඕනෑ බස් නැත්නම් අපි මොකද කරන්නේ යයි පසුගිය වකවානු වලදී ලංගම වගකිවයුතු නිලධාරීන්ගෙන් අසන්නට ලැබුණු ප‍්‍රශ්නාවලියයි. ඒත් පසුගිය අවුරුදු කිහිපය තුළ වරින් වර අලුත් බස් සැලකිය යුතු සංඛ්‍යාවක් ගෙන්වන ලදී.එහෙත් බස් සේවය සෑහෙන ප‍්‍රමාණයකින් දියුණුවනු වෙනුවට  තවත් නරක අතට හැරෙන්නට විය...’

1970 මාර්තු 22 ඉරිදා

මේ 70 දශකයේ 1970 වර්ෂයේදී සිළුමිණ පුවත්පතෙහි පල වූ කතුවැකි කිහිපයකි.1970 දශකයේ ශ‍්‍රී ලංකා සමාජයේ කතිකාවකට ලක්වු මාතෘකා කිහිපයක් පිළිබඳව මෙලෙස කතුවැකකි ලියවී ඇත. 1970 වර්ෂය තුළ ලංකාවේ සිදුවු ගංවතුර හේතුවෙන් සාමාන්‍ය ජනතාවට සිදු වූ විපත මූලික කොට ගෙන ඉහත පළමු කතුවැකිය ලියවී ඇත. එහිදී ජනතාවට සිදුවී ඇති දුෂ්කරතාවයන් හා පීඩාවන් පිළිබඳව සදහන් කරමින් ලංකාවේ සියලුම ජනතාවගේ අවධානය යොමු කරමින් විපතට පත්වූවන්ට සහනයක් සැලසීමේ අරමුනෙන් මෙම කතුවැකිය පල වී ඇත.
මෙහිදී කතුවරයා මෙම විපත සිදුවූයේ තමන්ගේ සහෝදර ජනතාවට බව දැන්වීමට විවිධ භාෂා ශෛලීන් උපයෝගී කරගෙන ඇති අයුරු හඳුනාගත හැක. එහිදී ඔහු විලාපයට ගේ දොර ,බඩු මුට්ටු දුක් අඳෝනා ,ඇවිලෙන ගින්දර ,අප හැමෝම වැනි සරළ බස් වහරක් උපයෝගී කරගනිමින් විපතට පත්වූවන්ගේ යතාස්වභාවය ජනතාවට වටහාදීමට උත්සාහ කරයි. එමෙන්ම මෙහිදී දෛව දෝෂයකින් දෝ වැනි උපමාද භාවිත කරගෙන ඇති අයුරු හඳුනාගත හැක.  තවද,
එවැනි අසරණ තත්වයකට පත්වු විට අන්අයගේ සරන පතනු විනා වෙන කළ හැක්කේ කුමක්ද?
වැනි ප‍්‍රශ්න ඉදිරිපත් කරමින් සංවාදමය භාෂා රටාවන් උපයෝගී කරගනිමින් එකල  සිළුමිණ පුවත්පත් කතුවරයා ගංවතුරින් අසරණවුවන් වෙත සමාජයේ අවධානය යොමුකරවීමට කටයුතු කර ඇත.එමෙන්ම රජයේ  පොත් පෙළ සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්වය තුල සිළුමිණ කතුවරයා පුථුල භාෂා ශෛලියක් උපයෝගී කරගන්නා ආකාරය දැකගත හැක.
මෙකල ඇති වූ බස් ගැටලුව පිළිබඳවද මෙම කතුවරයාගේ අවධානය යොමුවී ඇත. එහිදී මගීන් පත්ව ඇති අපහසුතාවයන් පිලිබඳව ඔහු කතුවැකිය තුළින් වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරවයි. එහිදී ඔහු භාෂාව ආවේගාත්මකව හසුරුවන අයුරු දැකගත හැක.
හේතුව හරි වුවද වැරදි වුවද ”අපි හේතුව දන්නවා” යයි සෑහීමකට පත්වීම කෙතරම් මෝඩකමක්ද? යනුවෙන් ඔහු මෙලෙස බලධරයන්ගෙන් විමසයි.

තවද අච්චර බස්  ඕනෑ මෙච්චර බස්  ඕනෑ, මැසිවිිලි, අත් හෝදාගන්නට සැරසීම ,වැරදි  හරිගස්සාගත යුතුයි, දුරුවල වැනි කතන භාෂව උපයෝගී කර ගනිමින් සිය මතය සමාජයට කතුවැකිය මගින් ප‍්‍රකාශ කර ඇත. මෙම කතුවැකියේ මාතෘකාවද ප‍්‍රශ්නාර්තයක් ලෙස දක්වා ඇත. බස් මගීන්ගේ දුකට පිළියම් මොනවාද? යනුවෙන් කතුවරයා ඍජුවම බලධාරීන් වෙත කතුවැකිය යොමු කරයි.

ජන කාන්ත 
ජන නායක
‘ලංකාවේ ජන කාන්ත පුද්ගලයන් කිහිපදෙනාගෙන් වෘද්ධතමයා වු ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවය නිසා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් දුක්වන මේ මොහොතේදී,අපගෙන් පිරිනැමෙන ගෞරවාදරය ජන බුුහුමනට එක් වන්නේය.
ඩඞ්ලි සේනානායක මහතාගේ පොදු ජන ජීවිතය සමස්තයක් වශයෙන් ගත්කල ,කැපී පෙනෙන ප‍්‍රධාන ලක්ෂණ දෙකක් විය.
ලංකාවේ ප‍්‍රජාතන්තූවාදයට ඇඳී, බැඳී, වෙලී සිටි හැම දෙනාම පරදා ඩඞ්ලි සේනානායක නම පෙරට පෙරට එයි. එය තාවකාලික වශයෙන් වරින් වර මහජන ප‍්‍රදර්ශනයට තබන්නක් නොවීය. එතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කළේ ඉත සිතිනි,බැති සිතිනි.
එතුමාගේ මිතුරන් එම ගුණය පුන පුනා වර්ණනා කිරීමට පෙළඹෙනු ඇත. එමෙන්ම පස මිතුරන්ද ඩඞ්ලි සේනානායක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇප කැප වු දේශපාලකයෙකු බැව් එකඟ වනු ඇත.
අභාවප‍්‍රාප්ත සේනානායක මහතාගේ ජීවිතයෙහි දිලිසි දිලිසි,පෙනුනු වැදගත්ම ලක්ෂණය වීයේ ගොවිතැනට දැක්වූ දැඩි ආශාවයි. සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු ලෙසින් මෙන්ම පදවි නැති නිකම් සේනානායක මහතා ගතකල ජීවිතයේ මුතු ඇට එකතු කල නුලක් මෙන් නෙකඩවා උරදුන් දෙය ගොවිතැනයි.
ගොවිතැන පිළිබඳව අවුරුදු 30ක් තිස්සේ ඩඞ්ලි සේනානායක මහතා දැරූ අදහස අද රටට කොයිතරම් අවශ්‍යදැයි ජනතාවට අවබෝධ වී අවසානය. ආහාරයෙන් ස්වයංපෝෂිත වීමත් කුසගිනි නිවුනු විට යකඩ විලංගුවට යට නොවීමත් යන කරුනු දෙක ගොවිතැන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන දෙකින් ඔපුපු වේ.
සිරිකත-සරසවි දෙඋරින් දැරූ දෙවියෝ සිටියහ. වගාවත් ප‍්‍රජාවත් ඩඞ්ලි සේනානායක මහතා දෙව්රින් දැරූ දේවතාවෝ වෙති.
යම් ජනනායකයෙකු මියදුන විට ගුණ ගැයීම සිරිතකි. එහෙත් ඩඞ්ලි සේනානායක මහතා වැනි ජනනායකයෙකුට බුහුමනට එය අනවශ්‍යය. එමෙන්ම ගුණ ගැයුමට වඩා යමක් ඉටුවිය යුතුය. එතුමා දිවි දෙවැනි කොට රැුකි ගොවිතැන් දියුණුවට රට වැසියා ඇප කැප වීම ගුණ ගැයුමට වඩා අගනේය.’

1973 අපේ‍්‍රල් 15 ඉරිදා

මෙම ප‍්‍රනාමය  
සදා සලසමු
‘ජනතාවගේ අතිමහත් ගෞරවාරය සත් දිනක් මුළුල්ලේ දක්වා අති උත්කර්ෂවත් ලෙස අවසාන ගෞරවයද ඊයේ දැක්වීමෙන් පසු,ඇති වූ පාළුවත් සමග, දේශබන්ධු ඩඞ්ලි සේනානායක සිරිමතානන් නැතිවීමෙන් රට දැය සමයට වූ පාඩුව අදටත් සිහිකරමු.
පසුගිය සතිය මුළුල්ලේ, අනොරා වැස්සේ, අකුණු ගසද්දී,විදුලි කොටද්දී,නොසෙල්වී සිටි ජනකාය බුහුමන් දැක්වූයේ කවර ජනනායකයෙකුටද, එම ජනනායකයා නැතිවීමෙන් වු පාඩුව, සම කිරීමට, මතු කලෙක ඉතිහාසඥයන්, භාරතයේ අශෝක, තුන් සිංහලයේ දුටුගැමුනු, නැවත භාරතයේ නේරු, බි‍්‍රතාන්‍යයේ චර්චිල්, ප‍්‍රංශයේ ඩිගෝල් ආදී   ජනනායකයන්ද උපකාරයන් වශයෙන් සඳහන් කරනු ඇත.
සත්‍යය හමුවේ පසු නොබා සත්‍යම දක්වමු. පක්ෂයකට දැඩි පාඩුවක් විය. සසුනට දැඩි පාඩුවක් විය. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසට දැඩි පාඩුවක් විය. රටේ ස්වයංපෝෂිත බවටද දැඩි පාඩුවක් විය.
ඩඞ්ලි සේනානායක සිරිමතානන් රට රැුක්මට නැති නිසා රට අසරණ නොවන ලෙස ක‍්‍රියාකිරීමට පසුගිය සතිය මුළුල්ලේ දුක්වූ ජනයා සතු යුතුකමකි.සුසුම් හෙලීමෙන්, දෙනෙත කඳුළු පිරිමෙන් , සුදු කොඩි එසවීමෙන් ,ශෝක ප‍්‍රකාශන ධජ එල්වීමෙන් ,පැමිණ ප‍්‍රණාමය දැක්වීමෙන් හා ආදාහන උලෙළට සහභාගී වීමෙන් දැක්වූ භක්ති ප‍්‍රණාමය රටේ යහපතට, රටේ නිදහසට ,රටේ දියුණුවට යොමු කිරීමට ඒ හැම කෙනෙක්ම  උත්සාහ කළොත් ඩඞ්ලි සේනානායක සිරිමතානන් හට දැක්විය හැකි උසස්ම ගරුත්වය වන්නේය.
පක්ෂ භේදයෙන් තෙරව ප‍්‍රණාමය දැක්වූ පරිදි, පක්ෂ භේදයෙන් තෙරව ඒ ගෞරවයද ජනනායක ඩඞ්ලි සේනානායක සිරිමතානන් හට දැක්වීම රට වැසියන්ගේ පරම යුතුකමයි.’
1973 අපේ‍්‍රල් 22 ඉරිදා
1973 අපේ‍්‍රල් මස 13 දින රාත‍්‍රී 11 15ට පමන මියගිය ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් රටම කම්පාවට පත්වන මොහොතක මෙලස සිළුමිණ පුවත්පතෙහි කතුවැකි සම්පාදනය වී ඇත.මෙහිදී කතුවැකි සදහා මාතෘකා යොදාගෙන ඇති ආකාරයද අපූරුය.

x ජන කාන්ත
ජන නායක
x මෙම ප‍්‍රනාමය
සදා සලසමු

මේ ආකාරයට ලගන්නා සුලූ අයුරින් භාෂාව හැසිරවීමට කතුවරයාට හැකිව තිබේ. කතුවරයා ඩඞ්ලි සේනානායක මහතාගේ ගුණ කතනය සදහා ජන කාන්ත ,ජන නායක, ඇඳී, බැඳී, වෙල,ී ඉත සිතිනි,බැති සිතිනි, දිලිසි දිලිසි වැනි වච විශේෂන පද මෙන්ම සරල වචන රාශියක් උපයෝගී කොටගෙන ඇත.
මෙහි ඇති තවත් විශේෂ ලක්ෂනයක් වන්නේ ඩඞ්ලි සේනානායක මහතා වර්ණනා කිරීම සඳහා උපමා රැුසක් යොදාගෙන තිබීමයි.
‘මුතු ඇට එකතු කල නුලක් මෙන් ’
‘කුසගිනි නිවුනු විට යකඩ විලංගුවට යට නොවීම ’
‘සිරිකත-සරසවි දෙඋරින් දැරූ දෙවියෝ සිටියහ. වගාවත් ප‍්‍රජාවත් ඩඞ්ලි සේනානායක මහතා දෙව්රින් දැරූ දේවතාවෝ වෙති.’
තවද ඉන් පසු සතියේ පල වු කතුවැකිය තුලින් ද ඩඞ්ලි සේනානායක මහතාගේ අවමංගල්‍ය හා ජනතා සහභාගීත්වය පිළිබදව ප‍්‍රකාශ කර ඇත. මෙහිදීද ඩඞ්ලි සේනානායක මහතාහට අවසාන් ගෞරව දැක්වීමට පැමිනි ජනතාවගේ සිතේ පැවති ශෝකය පිළිබදව කතුවරයා මෙසේ දක්වයි
‘පසුගිය සතිය මුළුල්ලේ, අනොරා වැස්සේ, අකුණු ගසද්දී,විදුලි කොටද්දී,නොසෙල්වී සිටි ජනකාය බුහුමන් දැක්වූයේ කවර ජනනායකයෙකුටද, එම ජනනායකයා නැතිවීමෙන් වු පාඩුව, සම කිරීමට, මතු කලෙක ඉතිහාසඥයන්, භාරතයේ අශෝක, තුන් සිංහලයේ දුටුගැමුනු, නැවත භාරතයේ නේරු, බි‍්‍රතාන්‍යයේ චර්චිල්, ප‍්‍රංශයේ ඩිගෝල් ආදී   ජනනායකයන්ද උපකාරයන් වශයෙන් සඳහන් කරනු ඇත.’
ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ ජනනායකයන්ට සම කරමින් කතුවරයා ඩඞ්ලි සේනානායක යනු ශ්‍රේෂ්ඨ ජනනායකයෙකු ලෙස ඔහු නොමැතිව සිදුව ඇති පාඩුව පිළිබදව ආවේගයෙන් යුතුව ප‍්‍රකාශ කරයි.කතුවරයා මෙහිදී විරාම ලක්ෂණ ආදිය උපයෝගී කරගන්නේ තම අදහස් මනාව ඉස්මතුවන ආකාරයටය.

බාල බඩු රටේ නම්බුවට හානියක්
‘මෑත නුතනයේදී රටතුල දක්නට ලැබුනු කර්මාන්ත ප‍්‍රගතිය දියුනුවන ජාතියක් ලෙසින් අපට සතුටුවිය හැකි තත්වයක් පවතී. නොයෙකුත් අලූත් අලූත් කර්මාන්ත රජයේ මෙන්ම පෞද්ගලික අංශයෙන්ද ඇරඹිනි. මේ නිසා නිපැයුණු භාන්ඩ රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය රැුකදීමට මහෝපකාරී විය.
රටට කෘෂිකාර්මික අංශයේ විශාල ප‍්‍රගතියක් පෙන්නුම් කරන අතර කාර්මික අංශයේද ඒ හා සමාන ප‍්‍රගතියක් පෙන්වා ඇත. කර්මාන්ත අංශය පිළිබඳ අකමැත්තෙන් වුවද සඳහන් කල යුතු කරුනු රැුසක්ම විය...
අද නිමැවෙන ඇතැම් භාන්ඩ පිළිබඳව රටේ හැම පැත්තෙන්ම නොයෙක් චෝදනා මැසිවිලි එල්ලවෙයි.‘ගිනි පෙට්ටි පත්තු වෙන්නෑ’, ‘පැන්සලෙන් ලියන්න බෑ’, ‘ගල් ලෑල්ලේ ලියවෙන්නෑ’, ‘ගල් කූරෙන් ලියන්න බෑ’, ‘වතුර ගෑවුන හැටියේ සබන් කැටේ දියවෙලා’, ‘බ්ලේඞ් තලෙන් රැුවුල කැපුවොත් මුන දැවිල්ල ගන්නවා’ ආදී වශයෙන් නොයෙකුත් අන්දමේ මැසිවිලි ජනතාවගෙන් නැගෙයි...’

1975 අගෝස්තු 17 ඉරිදා

50ක් පිරෙන ගුවන් විදුලිය
‘අපේ ගුවන් විදුලියට මේ සතියේදී අවුරුදු 50ක් පිරිනි.එය ගුවන් විදුලියට මෙන්ම රටටද ප‍්‍රීතිජනක ආරංචියකි.
මෙයට අවුරුදු 50 පෙර ‘කොළඹින් කතාකරමි’ යනුවෙන් රටට කතා කල ගුවන් විදුලිය අද මේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්තාවයි යනුවෙන් රට අමතනු ඇසෙයි.
ගුවන් විදුලිය සවන පිනවන හිතවතෙකු ලෙස ගිනිය හැකිය. එමෙන්ම එය රටක ප‍්‍රබල මාධ්‍යක්ද වෙයි.දැනුම ආරංචි විනෝදය වැනි විවිධාංගයන්ගෙන් ජනතා සිත් සතන් පිනවිය හැකි අතරම ජාතියේ ඉදිරි ගමනට අවශ්‍යවන මග පෙන්වීමටද ගුවන් විදුලියෙන් සැලසිය හැකිය.
ජාතියේ අගනාම වස්තුව මත තරුන පරම්පරාවේ සිතුම් පැතුම් හැඩගැස්වීමට විශේෂයෙන්ම උපකාර කල හැකි තැනකි ගුවන් විදුලිය.මේ ඉතාම වැදගත් කාර්යභාරය ගුවන් විදුලිය මඟින් ඉටුකල යුතුම වෙයි...
සෞභාග්‍යමත් අනාගතයක් සදහා ජාතිය මෙහෙයවීමේ මහඟු කාර්යයේදී ගුවන් විදුලි සංස්ථාවේ උපරිම සේවයක් සැලසෙනු දැකීම ජනතා අපේක්ෂාව බව මතක් කරමින් මේ ස්වර්ණ ජයන්ති අවස්ථාවේ ගුවන් විදුලියට අපගේ සුබ පැතුම් හිමිකරමු.’

1975 දෙසැම්බර් 14 ඉරිදා

තරුන යුගය
තරුන අගය
‘මේ තරුන පරපුරෙහි යුගයයි.යුග පෙරලියක් සදහා ඔවුහු ඇප කැපවී වෙසෙති. මව්බිමේ නිදහස හෑම අංශයකින්ම තහවුරු කිරීමේ කාර්යයට ඔවුහු උරදී සිටිති. ස්වයංපෝශිත මව්බිමක් ගොඩ නැංවීම සඳහා තම ශ‍්‍රමය වැය කරති.මේ යුගය ඔවුන්ගේ යුගය වන්නේ ඒ නිසාය.
විදේශීය ආදිපත්‍යට ගොදුරු වී ලද අධ්‍යාපනයේ වරදින් ලිපිකරු වැනි රැුකියා පදනම ඉලක්කව තිබූ තරුන සිතුම් පැතුම් ඒ පුහු මත්මතාන්තර වලින්ද මිදී වැඩි කලක් නොමැත. අගමැතිනිය විසින් අරඹන ලද නිෂ්පාදන සංග‍්‍රාමය තරුන පරපුරේ සිතුම් පැතුම් වල පෙරලියක් ඇති කිරීමට සමත් විය ඒ නව මග අනෙකක් නොව කෘෂිකර්මය හා කාර්මික අංශයන් කරා ඔවුන්ගේ සිත් යොමු කරවීමයි..’.

1975 දෙසැම්බර් 28 ඉරිදා

1975 වර්ෂය තුලදී ලංකාව තුල විවිධ කර්මාන්තයන්ගේ ප‍්‍රබොදයක් දක්නට ලැබුනි. මෙම වර්ෂය තුල සිළුමිණ පුවත්පතෙහි පල වූ කතුවැකි බොහෝමයක් කර්මාන්තයන් හා සම්බන්ධ විවිධ තේමාවන් රැුගත් ඒවා විය. මෙකල උද්ගත වූ එක් ගැටලූවක් වුයේ කර්මාන්තයන්ගෙන් නිපදවන භාණ්ඩයන් ප‍්‍රමිතියෙන් තොර වීමයි. ඒ පිළිබදව සිළුමිණ පුවත්පත් කතුවරයා සිය අවධානය යොමුකර ඇත. එහිදී බාල බඩු රටේ නම්බුවට හානියක් යනුවෙන් මාතෘකාකර ගනිමින් මහජන අදහස් කතුවැකිය තුලින් ඉදිරිපත් කර ඇත.
මෙහිදී සාමාන්‍ය ජන වහර සරල භාෂා ශෛලීන් උපයෝගී කරගන්නා ආකාරය මෙසේය.
ගිනි පෙට්ටි පත්තු වෙන්නෑ’, ‘පැන්සලෙන් ලියන්න බෑ’, ‘ගල් ලෑල්ලේ ලියවෙන්නෑ’, ‘ගල් කූරෙන් ලියන්න බෑ’, ‘වතුර ගෑවුන හැටියේ සබන් කැටේ දියවෙලා’, ‘බ්ලේඞ් තලෙන් රැුවුල කැපුවොත් මුන දැවිල්ල ගන්නවා’
මෙලෙස මහජනයාගේම භාෂාව උපයෝගී කරගනිමින් ඉතා සරල බස් වහරකින් කතුවරයා කතුවැකිය සම්පාදනය කර ඇත. මෙලෙස 50ක් පිරෙන ගුවන් විදුලිය තරුන යුගය තරුන අගය වැනි මාතෘකා මූලික කොට ගනිමින් උපහාසාත්මක වචන සරල භාෂාව උපමා යුගල පද විරාම ලකුණු වැනි භාෂා රටාවන් යොදාගනිමින් කතුවැකි නිර්මාණය වී ඇති ආකාරය හඳුනාගත හැක.

නිවහල් ධර්මිෂ්ට සමාජයක් කරා

‘ශ‍්‍රී ලංකා ජනරජයේ ප‍්‍රතම මැතිවරනයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබු අති විශිෂ්ට ජයග‍්‍රහනය පිළිබඳ කතාව වු කලී ලෝකයේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දේශපාලන පක්ෂ සේදී ගිය අයුරු අපි දුටුවෙමු. රටේ සියලූම තරාතිරම්වල අයත් පොදු ජනතාව එක්සත් ජාතික පක්ෂය කෙරෙහි තැබු අසීමිත විශ්වාසය ඉන් කදිමට පැහැදිලි වේ. එම විශ්වාසය හා බැඳී පවත්නා ජනතා බලාපොරොත්තු සමුදායක්ද වෙයි. මෙතෙක් විඳි අපමන දුක් කරදර පෞද්ගලිකවත් ජාතියක් වශයෙනුත් මිදි අගහිඟකම් වලින් හා පටු භේදවලන් මිදී නිවහල් සුඛිත මුදිත ජාතියක් ලෙස ආත්මගරුත්වයෙන් යුතුව ධර්මිෂ්ඨ සමාජයක් කරා වේගයෙන් ඉදිරියට ඇදීම ඒ ජනතාවගේ බලාපොරොත්තුවයි...
සිරිමාවෝ බන්ඩාරනායක රජය යටතේ ජනතාව අසීමිත අසහනයකට පත්වූයේ දරාගත නොහැකි ජීවන වියදම් බර නිසා බව ප‍්‍රකට කරුනකි. අධික බඩු මිල හා රක්ෂා විරහිත භාවය ආත්මය කොටගත් දරුනු ආර්ථික උද්ධමනයට පසුගිය රජයෙන් කිසිඳු ක‍්‍රියාකාරී සැලැස්මක් හෝ විසඳුමක් නොවීය. විසඳුම් සොයනු වෙනුවට ඔවුන් ගෙන ගියේ ඥාති සංග‍්‍රහය හා ¥ෂනය කැටිකොට ගත් අගතිගාමී ප‍්‍රතිපත්තියකි...

1977 ජුලි 24 ඉරිදා’

1977 වර්ෂයේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙනස් වීමත් සමග සිළුමිණ පුවත්පතෙහි කතුවැකිද මෙලෙස වෙනස්වූ අයුරු හඳුනාගක හැක.

1976 වර්ෂයේ පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුව අවස්ථාවේ පොලිසිය විසින් ක‍්‍රියාකල ආකාරය පැසසුමට ලක් කරමින් සැප්තැම්බර් 03 දා තිබූ පොලිස් දිනය අරභයා සිළුමිණ කතුවැකිය මෙලෙස සම්පාදනය වී ඇත. නොබැඳි ජාතීන්ගේ සමුළුව අවස්ථාවේ පොලිසියෙන් ලැබුන් සහය පිළිබඳව ඉතා සරල බස්වහරකින් දැක්වීමට කතුවරයා කටයුතු කර ඇත.මග දෙපස රැුස් කකා සිටි, දැකගනු රිසි ,මහත් ඉවැසිල්ලෙන් ,ඉබේම ,අස්සක් මුල්ලක් නෑර, වැනි වචන භාවිතයෙන් කතුවරයා, ඉතා සුහදශීලී අයුරින් පොලිසිය කටයුතු කල ආකාරය මේ තුල දක්වා ඇත. 

1976 වර්ෂයේ ලෝකයේ සිදු වු තවත් වැදගත් සිදුවීමක් වන්නේ චීන ජන රජයේ
අසහාය ජනනායකයා වූ මා  ඕ සේතුංගේ අභාවයයි.කතුවරයා  මා  ඕ සේතුංගේ ගුණ වැනීමසඳහා විවිධ භාෂා රටාවන් යොදාගෙන ඇති අයුරු අපූරුය. එහිදී විශේෂන පද අසහාය නායකයා, වීර නායකයා, විප්ලවවාදී නායකයා, උදාර ශ්‍රේෂ්ඨ ජනතා නායකයා වැනි පද මෙන්ම මෙහි විරාම ලකුනු, යුගල පද මෙන්ම දිගු වැකි
උපයෝගී කරගනිමින්ද මා  ඕ සේතුං නම් වූ චීන ජන නායකයාගේ අගය සඳහන් කර ඇත.

භාෂාව හා පුවත්පත් භාෂාව




මිනිසා ලොව පහළ වූ තැන් පටන් අදහස් ප‍්‍රකාශ කිරීම සදහා විවිධ ක‍්‍රම උපයෝගී කොට ගෙන තිබේ. ඊට මුල් වූයේ භාෂාවයි. අද ලෝකයේ පවත්නා භාෂාවන් මිනිසාගේ පරිණාමය හා ක‍්‍රමයෙන් වෙනස්ව දියුණු වූ බව පෙනේ. භාෂාව හැසිරවීම සදහා මිනිසා පළමු කොටම උපයෝගී කරගෙන ඇත්තේ අංග චලන හා කටින් පිටවන ශබ්දයි. ශබ්ද  උපයෝගී කරගෙන අකුරු ද අකුරු උපයෝගී කරගෙන වචන ද බිහිවී ඇත.මේ අනූව ජනගහනයේ ව්‍යාප්තියත් සමග විශාල පිරිසක් සමග හා ඈත සිටින පිරිස් සමග අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ඇතිවිය.
භාෂාව යනු ශක්ති ප‍්‍රවාහයක් වේ. මේ  ශක්තිය හේතුකොට අලූත් අලූත් වාක්‍ය නිර්මාණය කිරීමට මිනිසාට හැකියාවක් ලැබී තිබේ. මිනිසා කරන්නේ තමා සතු මේ භාෂා ශක්තිය හෙවත් ශක්‍යතාව පිහිට කොට ගනිමින් තමාට අවශ්‍ය වාක්‍යක් අලූතින් නිර්මාණය කර ගැනීමයි. මානව භාෂාව සතුන්ගේ සන්නිවේදන කාර්යාවලියෙන් වෙනස් වන්නේ මෙම ශක්‍යතාව නිසාය. තම තමන්ට අවශ්‍ය යම් අරමුණු ඉටුකර ගැනීමට ශබ්ද නිපදවීමට හෝ අංග චලනය කිරීමට තිරිසන් සතුන්ට පුලූුවන. ඓහෙත් මේ සතුන් උපන්දා සිටම මැරෙන තුරුම යොදන්නේ එකම ශබ්ද සමූහයක් හෝ අංග චලන සමුහයකි.සත්ව වර්ගයා අතුරින් කථා කිරීමේ සහ ලිවීමේ ප‍්‍රාගුණ්‍යය ලබාගෙන ඇත්තේ මිනිසා විසිනි. කථා කිරීම ලිවීම යන දෙකෙන් ම කෙරෙන්නේ සන්නිවේදන කාර්යයකි. තව ද ලේඛනය හා සම්බන්ධ සන්නිවේදන මාර්ග රාශියක් ඇත්තේය. වාක්‍ය රචනා ,ශාස්ත‍්‍රීය ලේඛන, නව කතා, කාව්‍ය, නාටකාදී නිර්මාණාත්මක රචනා පුවත්පත් ලේඛන ආදී විවිධ ලේඛන සඳහා භාෂාව උපයෝගී කරගනු ලැබේ.
මෙහිදී පුවත්පත් කලාවට යොදාගන්නා භාෂාව පිළිබඳව ද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.ග‍්‍රන්ථාරූඪ භාෂා ව්‍යවහාරයක් අවශ්‍යයැයි මෙහිදී අදහස් නොකරයි.මෙහිදී අවශ්‍ය වන්නේ සරල සුගම බස් වහරකි. පුවත්පත් බස යැයි වෙනම බසක් නැත.සෙසු ලේඛන කටයුතු සඳහා යොදාගන්නා බසමයි  පුවත්පත් සැකසීමට යොදා ගැනෙනුයේ. පුවත්පත්හි බසේ සරල බවත් කෙටි බවත් තිබිය යුතු බව නම් සැබෑය.
ශාස්ත‍්‍රීය ලිපියක මෙන් නොව පුවත්පත් වාර්තාවක කෙටි වැකි ද කෙටි ශීර්ෂ පාඨ ද යෙදෙන්නේ එ බැවිනි.එහෙත් ඒ සඳහා නිවැරදි ව බස හැසිරවීමේ නිපුණතාවය නොවුවහොත් ලියන තැනැත්තා අදහස්කළ දෙය පාඨකයාට තේරුම් ගත නොහැකිය.
”ඔබගේ වැකියක්
          පදයක් අකුරක් අරුත
රසය ලකර නොනසා
          පෙරැුලළිය නොහැකි වේවා!”
යැයි කුමාරතුංග මුනිදාසයන් පැවසූ අදහස පුවපත් කලාවේදීන්ට ද පොදුය.ඒ අනුව පුවත්පත්හි භාෂාව හැසිරවීම මනාකොට සිදු කළ යුතුය.
            අන් සෑම මාධ්‍යකට ම විශේෂ වු රූපවාහිනිය හෝ සිනමාව තුළ රූපය මුල් කරගත් භාෂාවක් ද ගුවන්විදුලිය තුළ හඬ මුල් කරගත් භාෂාවක් ද භාවිතා වන අතර පුවත්පත් මාධ්‍යයේ ලිඛිත අක්ෂර ක‍්‍රම තම ප‍්‍රධාන භාෂාව ලෙස භාවිතා කරයිග
            පුවත්පතේ ඇති ලිපි ලේඛන වල නිර්මාණශීලිත්වය ඉස්මතු වන්ෙන්ත් සන්නිෙව්දන ගුණය ප‍්‍රබල වන්ෙන්ත් භාවිත භාෂාව මතයගපුවත්පත තුළ සාමාන්‍යයෙන් ෙල්ඛන භාෂාව අාකාර ෙදකකින් කි‍්‍රයාත්මක ෙව්ග
            1නිර්මාණාත්මක භාෂාව
            2ප‍්‍රකාශන භාෂාව
ශී‍්‍ර ලාංකීය සමාජය තුළ වඩාත් පාඨකයාෙග් ජන විඥානයට සමීප වු ඔවුන් අතර බහුල වශෙයන් භාවිත වන්නා වු මාධ්‍යකි පුවත්පත් මාධ්‍යයග1832 ජනවාරි 07 වන දින කලම්බු ජර්නල් නමින් ඇරඹුන ශී‍්‍රලාංකීය මුල් ම පුවත්පත් කි‍්‍රයාවලියේ සිට මේ ෙමාෙහාත දක්වා ලාංකීය සමාජය තුළ විවිධ පුවත්පත් විවිධාංගීකරණයෙන් යුතුව විවිධ මානයන් ඔස්ෙස් ග‍්‍රාහක සමුහය ෙවනුෙවන් නිර්මිත වු බව පැවසිය යුතුයග
            පුවත්පත තුළ දැකිය හැකි ලිපි ෙල්ඛන නිර්මාණ රැුසකිගඑය පුවත්පතෙහි අන්තර්ගතයයි. මෙම අන්තර්ගතය ප‍්‍රධාන කොටස් 3ක් යටතේ හඳුනාගත හැක. එනම් ප‍්‍රවෘත්ති, විශේෂාංග, දැන්විම් යන්නයි.  පුවත්පත් විසින් ආමන්ත‍්‍රණය කරනු ලබන පාඨකයා අනුව මෙම අන්තර්ගතය වෙනස්වේ. අන්තර්ගතය තුළ විශේෂාංග ද කොටස් කිහිපයක් යටතේ හඳුනාගත හැක.
x ප‍්‍රවෘත්ති හා ශීර්ෂ පාඨ
x කතු වැකි
x විශේෂාංග රචනා
x තීරු ලිපි
x කාටූන්
x චිත‍්‍රකතා
x වෙළඳ දැන්වීම්
ආදිය මෙහි ඇතුලත් වේ.මූලික වශයෙන් මෙසේ වර්ග කළ හැකි විශේෂාංග පිළිබඳව සාකචිඡුා කිරීමේ දී ඒ ඒ අංශ හා බැඳී ඇති විශේෂතා හඳුනාගත හැක. ඒ අනූව ලිපි ෙල්ඛන වලට අාෙව්ණික ෙලස නිර්මාණශීලී භාෂාව භාවිතා කළ හැකිය

පාරිසරික සංචාරක කර්මාන්තය 


































පරිසරය හා සංවර්ධනය සමග බැදුනු ප‍්‍රධානම කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය පෙන්වාදිය හැක.ලංකාව වැනි රටක විදේශ විනිමය ඉපයීමේ ප‍්‍රධාන මාර්ගයන්ගෙන් එකක් ලෙස සංචාරක කර්මාන්තය කැපී පෙනේ. එහිදී පරිසරය වනාහි සංචාරක කර්මාන්තයේ මුදුන් මුල ලෙස හැදින්විය හැක.මෙහිදී සංචාරකයා යනු කවුරුන්දැයි ප‍්‍රතමයෙන් හදුනාගත යුතුය.
”චාරිකාවේ අභිප‍්‍රාය කුමක් වුවද සිය ස්ථිර පදින්චියෙන් බැහැරව වෙනත් රටකට අවම වශයෙන් පැය 24කට යන පුද්ගලයා විදේශීය සංචාරකයෙකි”.
මෙලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සංචාරකයා නිර්වචනය කර ඇත.ඒ අනූව ඈත අතීතයේ සිටම තම ප‍්‍රදේශයෙන් තම රටින් බැහැරව සංචාරය කරන ලදී.පසුකාලීනව මෙය සංචාරක කර්මාන්තයක් වශයෙන් දියුණු වන්නට විය. ඒ අනුව මිනිසුන් පරිසරය මුලික කොටගෙන සංචාරයට වර්තමානයේදී බොහෝ සෙයින් යොමුව ඇත.මෙය පාරිසරික සංචාරක ව්‍යාපාරයක් විකල්ප සංචාරක ආකල්පයක් ලෙස අද වඩාත් පෙරමුනට පැමින ඇත.
 ”පරිසරය සංරක්ෂණය කෙරෙන අතරම දේශීය ජනතාවගේ සුබසාධනය  නගාසිටුවීම පදනම් කරගත් ස්වභාවික හා පරිසර පද්ධතියට වගකීම් සහගතව සංචාරනය කිරීම පාරිසරික සංචාරක ව්‍යාපාරය ලෙස නිර්වචනය කර ඇත.” 
පාරිසරික සංචාරක ව්‍යාපාරය කරුනු කිහිපයක් නිසාම මෙතෙක් ලොව පවතින ගතානුගතික සංචාරක ව්‍යාපාරයට වඩා වෙනස් වේ.ස්වභාවික සහ සංස්කෘතික පරිසරයන්ට අනුකූලවන සේ සම්ප‍්‍රදායානුකූල ගොඩනැගිලි ද්‍රව්‍යය යොදාගනිමින් ඉදිකරන ලද පාරිසරික නිවහන්හි ගත කිරීම මෙන්ම පන්ෂීන් නැරඹීම, ස්වභාවික මං පෙත් අතරින් ඇවිදයාම,හබල්ගාමින් ගංඟා ඇළ දොළ වල සැරිසැරීම වැනි දෑ වලින් යුතුව ස්වභාවධර්මය විඳදරා ගැනීම පාරිසරික සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රධාන අංග කිහිපයකි.
පාරිසරික සංචාරක ව්‍යාපාරය සම්භන්ධයෙන් මෑතකදී ලෝක සංචාරක සංවිධාන විසින් නිකුත් කර ඇති ප‍්‍රකාශයකට අනූව තිරසාර සංචාරක සංවර්ධනය උදෙසා පදනම් කරගතයුතු මූලින කරුනු 4ක් දක්වා තිබේ.එනම්,
x හිතකාරීව හා වගකීම් සහිතව සැළසුම් කිරීම.
x ධරණියතිවයේ සිද්ධාන්ත වලට අනුකූලව සංවර්ධනය හා අදාල ප‍්‍රතිපත්ති හා නිර්නායක ක‍්‍රියාත්මක කිරීම.
x මුළුමණින්ම රජයේ හා පෞද්ගලික අංශාය් කැපවීම සහයෝගය ලබාදීම.
x සිවිල් සමාජයේ හා දේශීය ප‍්‍රජාවගේ සහභාගීත්වය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනටමත් 2002 වර්ෂය ජාත්‍යයන්තර පාරිසරික වර්ෂය ඉන්ටර්නැශනල් ඉයර් ඔෆ් එකො ටුවරිසම් වශයෙන් නම්කර තිබීමෙන් පාරිසරික සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම පැහැදිලිවේ.
මේ අනුව ගත්කළ සංචාරක කර්මාන්තය හා පරිසරය අතර ඇත්තේ නොබිදිය හැකි සබඳතාවයකි. පරිසරයට ස්වභාවිකව හා මානව නිර්මිත පරිසරයන් පමනක් නොව එම පරිසරයන් තුල වාසය කරනු ලබන ජනතාවගේ ක‍්‍රියාකාරකම්ද ඇතුලත් වේ. සංචාරක ව්‍යාපාරය බිහිිවීමේලා සංචාරක කර්මාන්තය මූලික වී ඇති අතර පරිසරයේ විනාශය සංචාරක ව්‍යාපාරයේ විනාශයටද හේතුවන බව පිළාගැනේ.කොටින්ම කිවහොත් සංචාරක ව්‍යාපාරයේ මූලික පදනම පරිසරය ලෙස හැදින්වීම නිවරදිය.  
මෙම පාරිසරික සංචාරනය තුල ස්වභාවික සංචරනය බිහිවී ඇත.ඒ තුළ වනාන්තර ඇතුළු ස්වභාවික ස්ථාන ආශ‍්‍රිත සංචාරනය මුහුදු වෙරළ ආශ‍්‍රිත සංචාරනය  ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන සංචාරනය හදුනාගත හැක.
මෙම සංචාරක කර්මාන්තය සදහා වර්තමානයේ බොහෝ සෙයින් වනාන්තර ආශ‍්‍රිත සංචාරනය දැකගත හැක.ලංකාව තුල ඉතා අඩු භුමියක් තුල විවිධ වු වෘක්‍ෂලතා ගහන සහ වන ජීවීන් ප‍්‍රමානයක් දැකගත හැකි අතර දකුනු ආසියානු කලාපයේ එක් වර්ග මීටරයකට වැඩිම ජෛව විවිධත්වයක් අප රට තුල දක්නට ලැබීම සුවිශේෂි කරුනක් වේ.තවද ලෝකයේම ඉත්රිවී තිබෙන 7%ක වර්ෂා වනාන්තර අතරින් එකක් වන සිංහරාජ වනාන්තරය ද ලංකාවේ පිහිටයි.තවද නිවර්ථන පතනශීලි වනාන්තර, වැසි වනින්තර, තෘණ භූමි, කඩොලාන ආදී ස්වභාවික වෘක්ෂලතා කලාප ලංකාව තුල දක්නට ලැබේ. මේ හේතුවෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය බොහෝ සෙයින් රැුඳී ඇත්තේ පරිසරය මූලික කරගෙනයි.වනාන්තර අතුලු ස්වභාවික ස්ථාන ආශ‍්‍රිත සංචාරනය විවිධ අංගවලින් සමන්විත වේ.
 එනම් ස්වභාවික ස්ථාන ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන විශේෂිත සංචාරක සංචාරක ක‍්‍රියාකාරකම්,
උදා: ත‍්‍රාස්‍යයජනක සංචරනය ස්වභාවික පරිසරයෙ යම් යම් විශේෂිත අංගමත පදනම්වූ සංචාරක ක‍්‍රියාකාරකම් (සෆාරි සහ වන ජීවීන් නැරඹීම-පරිසර සංචරනය,සාමුද්‍රික සංචරනය * ස්වභාවික උරුම ස්ථාන ආරක්ෂා කිරීම සඳහා යොමුවූ සංචරනය(?දෙස් සංචරනය,ජාතික උද්‍යාන,රක්ෂිත ආශ‍්‍රිත සංචරනය*
ශ‍්‍රි ලංකාවේ වනාන්තර ආශ‍්‍රිත සංචාරක කර්මාන්තය ගතහොත් වැදගත්ම සංචාරක ආකර්ශනයක් ලෙස සිංහරාජ වනාන්තරය හැදින්විය හැක. එය 1978දී යුනෙස්කෝ ආයතනය විසින් ”මිනිසා සහ ජෛව ගෝලීය රක්ෂිතයක්” ලෙසත් 1988දී”යුනෙස්කෝ ලෝක උරුමයක්” බවටත් පත්විය. මෙහි සත්වයන් ගත් විට සමනළයන් මත්ස්‍යයන් උරගයන් උභයජීවීන් පක්ෂීන් සහ ක්ෂිරපායින්ගේ ඉතා ඉහළ ආවේනිකත්වයක් දක්නට ලැබේ.මීට අමතරව ශ‍්‍රි ලංකාවේ ජාතික වනෝද්‍යාන වන යාල, බුන්දල, කුමන, උඩවලව, වස්ගොමුව, විල්පත්තු ආදී ජාතික වනෝද්‍යාන වන රක්ෂිත ආදියද තෙත් බිම් වගුරුබිම්ද දක්නට ලැබේ. මේ අනූව ලංකාවේ සෑම ජාතික වනෝද්‍යානයකම හා රක්ෂිතයකම සුඛොපභොගී ජංගම සෆාරි ක‍්‍රියාත්මකවේ. තවද ගුහා සංචරනය පර්වත සංචරනයද මීට සමගාමීව සිදුවේ.
උදා : ලංකාවට පැමිනෙන සංචාරකයන් ශ‍්‍රිපාද තරණය පිදුරුතලාගල රිටිගල වැනි කඳු තරණය ත‍්‍රාස්‍යයජනක ලෙස භාවිතා කරයි.
මේ අනූව වනාන්තර මූලිකකොට ගත් සංචාරක ව්‍යාපාරයන් ලංකාව තුල පමණක් නොව බොහෝ රටවල ක‍්‍රියාත්මක වනු දැකගත හැක.

වෙරළ ආශ‍්‍රිත සංචරනයද පාරිසරික සංචාරක කර්මාන්තය තුල විශේෂ ස්ථානයක් ගනී. විශේෂයෙන්ම ලංකාව වැනි රටක සංචාරක කර්මාන්තය වඩාත් රැුඳී පවතින්නේ වෙරළ ආශ‍්‍රිත සංචරනය හේතු කොට ගෙනය. ඒ ”ිමබලිැ්ලි්බ” යන 3ි සංකල්පය මූලිකකොට ගෙනයි. එනම් හිරු එලිය මුහුද සහ වැලි මූලික කොට ගෙන සංචාරකයන් වැඩි වශයෙන් පැමිනීම සිදුවේ. 
එහිදී ත‍්‍රිකුනාමලයේ නිලාවැලි සිට දකුනු පලාතේ ගාල්ල, උනවටුන, කොග්ගල, වැලිගම, මිරිස්ස, පොල්හේන, තංගල්ල, මෙන්ම ගල්කිස්ස,  බේරුවල, හික්කඩුව, අම්බලන්ගොඩ, විශේෂයෙන්ම මීගමුව ප‍්‍රදේශවල වෙරළ සංචරනයට ප‍්‍රමුඛස්ථානයක් ගනී.මෙම ප‍්‍රදේශවල සංචාරක හෝටල් සහ නිකේතන රාශියක් සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉදිවී තිබේ. 
මේ ආශ‍්‍රිතව සර්ෆ් කිරීම, බෝට්ටු පැදීම, දියයට කිමිදීම ඇතුලූ ජල ක‍්‍රිඩා රැුසක් මෙන්ම අව්ව තැපීම වැනි දෑ කරනකොට ගෙන සංචාරකයන් වෙරළ ආශ‍්‍රිත සංචරනයට යොමුවී ඇත. තවද කඩොලාන නැරඹීම, කොරල්පර නැරඹීම, ජලජ මසුන් නැරඹීම, එ් ආශ‍්‍රිත පක්ෂීන් හා විවිධ ශාක ගහන නැරඹීමද මේ ආශ‍්‍රිතව සිදුවේ. පාරිසරික සංචාරක කර්මාන්තය තුල ආකර්ශනීය සංචාරක විධික‍්‍රමයක් ලෙස මෙය පෙන්වාදිය හැක.

තවද පරිසරය මූලික කොටගත් සංචාරක කර්මාන්තය තුල තවත් සංචාරක විධික‍්‍රමයක් ලෙස ගුහා සංචරනය හඳුනාගත හැක. ලංකාව තුලද මෙලෙස ගුහා සංචරනය බොහෝ සෙයින් සිදුවේ. මෙම ගුහා සංචරනයේදී අතීත පරිසරය ගැන හැදෑරීමට අවශ්‍යය තොරතුරු පිළිබදව අධ්‍යයනය කිරීම බොහෝ සෙයින්ම සිදුවේ. අතීතයේ පැරණි මිනිසා භාවිතා කළ ශිලා මෙවලම්, ආහාරයට ගත් සත්ව අවශේෂයන් ආදිය අධ්‍යයනය කරනු ලබය.ි මෙි තුල ස්වභාවික ගුහා මෙන්ම මානව නිර්මිත ගුහාද දැකගත හැක. 
උදා : පාහියන්  ගුහාව, බටදොඹලෙන, අත්තනගලු අලුලෙන, මානියමිගම බෙලිලෙන, වාරන ගුහාව, පොතාන ගුහාව ආදී ගුහා රාශියක් ලංකාව පුරා දැකගත හැක.මෙවැනි සංචාරනයන් පාරිසරික සංචාරක කර්මාන්තය තුල බොහෝ සෙයින් සිදුවන බව හඳුනාගත හැක.
මීට අමතරව මානව නිර්මිත මානවයා විසින් නිර්මාණය කරන ලද පරිසරය මූලිකකොට ගෙන බොහෝ සෙයින් සංචාරක කර්මාන්තය සිදුවේ. ඒ තුළ ඓතිහාසික උරුම ස්ථාන සීගිරිය, පොලොන්නරුව, අනුරාධපුරය, වැනි ස්ථාන සිදුවන්නාවූ සංචාරක කර්මාන්තය ප‍්‍රධාන වෙි.
ලංකාවේ පමනක් නොව ලෝකයේ අනෙකුත් බොහෝ රටවල සංචාරක කර්මාන්තය සදහා මූලික පදනම වන්නේ පරිිසරයයි. ඒ අනුව ඔවුන් පාරිසරික සංචරනය තුල නවතම සංචාරක වැඩසටහන් ක‍්‍රියාත්මක කරය.ි
උදා : ජල  සංචාරනය නමි වු අලුත් මාදිලියේ සංචාරක වැඩසටහනක් නෙදර්ලන්තය විසින් පසුගිය කාලයේදී හඳුන්වාදෙනු ලැබීය. බෝට්ටු වලින් හා කුඩා පරිමානයේ නෞකාවලින් සමස්ථ සංචාරයම නිම කිරීම මෙහි ඇති සුවිශේෂීත්වයයි .
මෙවැනි ජල සංචාරක වැඩසටහන්  සඳහා සහභාගීවන සංචාරකයින්ගේ ප‍්‍රමානය වැඩිවීම නිසා නෙදර්ලන්ත රජය පසුගිය කාලය තුලදී එරට අභාවයට ලොස් තිබු බොහෝ ඇළ මාර්ග යළි ප‍්‍රතිසංස්කරණය කිරීමට මුල පිරීය. ඉවත දමා තිබූ බොහෝ පෞරානික බොටිටුද නැවත නවීකරනය කොට සංචාරක ව්‍යාපාරයට යෙදවීමටද බොහෝ පියවර ගත්තේය.
එමෙන්ම කෘෂිකාර්මික සංචාරයද  ලෝකයේ සංචාරක ප‍්‍රජාවගේ අවධානට පාත‍්‍රවෙමින් පවතී. විවිධ ගොවිපලවල් නැරඹීම එම ගොවිපලවල්වල කෙටි කාලයක් ගතකරමින් නැවුමි එළවලූ පළතුරු රසවිඳීම මෙන්ම ග‍්‍රාමීය සමාජයේ පිහිටි වනාන්තර වල චාරිකා කිරීම, ඇළ දොළ ආදියෙහි ඔරු පැදිම හා කඳු තරනයද මෙම    කෘෂිකාර්මික සංචාරනයට සාමාන්‍යය වශයෙන් ඇතුලත් අංග වේ.  
අනාගත සංචාරක පරපුර පෘථිවිය මත සාමාන්‍යය ප‍්‍රදේශවල චාරිකා කිරීමෙන් තෘප්තියට පත් නොවෙතැයි සංචාරක සැළසුමි ශිලිපීයෝ දැන් විශ්වාස කරති. එම නිසා අනාගත පරපුර වෙනුවෙන්  අභ්‍යවකාශයේ සහ සාගර පත්ලේ මෙන්ම ධ‍්‍රැවාසන්න ශීත කලාපය කේන්ද්‍ර කරගෙන සුවිශේෂ මාදිලියේ සංචාරක වැඩසටහන්  ක‍්‍රියාත්මක කිරීමට මෙිවනවිටත් කටයුතු කර ඇත. අවශ්‍යය ස්ථානයක පරිසර හානිය අවම වන ලෙස ඉදිකළ හැකි ගලවා හකුලන හෝටල් ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශවල හෝ වැසි වනාන්තරවල හෝ අවශ්‍යය අවස්ථාවක ඉදිකිරීමෙි හැකියාව අත්හදාබලා තිබේ. කාමර සිය ගනනකින් සමන්විත මෙවැනි හෝටල් වලින් පිට කෙරෙන අපද්‍රව්‍යය පවා හෙලිකොප්ටර් මගින් ඉවත් කිරීමට කටයුතු සමිපාදනය කෙරේ. 
සංචාරකයින්ගේ අවශ්‍යයතා මත මෙවැනි ගලවා හකුලන හෝටල්වල කාමරවල ප‍්‍රමානය  කාමරයේ පසුතලය ආදී අංග ද වෙනස් කළ හැකිය. වැසි වනාන්තර පසුබිමක හෝ මුහුදු වෙරළක පසුබිමක හෝ හිම මිදුනු කඳු නිමිනයක වූ හුදෙකලා පසුබිමක් හෝ තමන්ගේ විවේකය ගත කිරීමට තොරාගත් කාමරයේ පසුබිම ලෙස සැලසුමි කරගත හැකිවීම මෙහි විශේෂත්වයයි. සංචාරකයින් මෙම තාවකාලික හෝටල්වලට පැමිණීම සහ ඉවත්ව යාම සදහා හෙලිකොප්ටර් යානා භාවිතා කිරීමට අපේක්ෂා කරන අතර ඔවුන්ගේ පාද ස්පර්ශයවත් මෙවන් සුවිශේෂ පරිසරපද්ධති වලට හානියක් වීම වැළැක්වීම   එම ස්වභාවික පරිසරයන්ට හානියක් නොකරමින් මෙවා සිදු කිරීම අනාගත සංචාරක සැළසුමි ශිලිපීන්ගේ අරමුන වී ඇත.
සාගර පත්ලෙ අනාගතයේ ඉදිවෙන මහා හෝටල් සංකීර්ණවල තම විවේක කාලය ගෙවා දමන සංචාරකයන්ගේ ප‍්‍රමානය සුලුපටු නොවනු ඇත. සියලු අංගවලින් සමන්විත වෙළඳ සංකීර්ණ නාට්‍යයශාලා සහ සිනමාශාලාද ශරීර සුවතා මධ්‍යයස්තානද කෘතීම ක‍්‍රීඩාංගනද සාගර පත්ලෙදී සංචාරකයා ගොඩබිම මතදී මෙන්ම ක‍්‍රියාශීලීව තබනු ඇත. 2006 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයයේ ජුමෙයිරා වෙරළට ඔබ්බෙන් පර්යේෂණ මට්ටමෙි ප‍්‍රතම සංචාරක ජලජ නගරය ආරමිභවිය. මෙම හෝටලය සමිබන්ධ කරන ප‍්‍රධාන ප‍්‍රවේශය සබ්මැරීන අංගන මෙන්ම  ජලය යට ඉදිවී ඇති හෝටලයේ ආපනශාලාව වෙන්වෙන්ව ඉදිකොට ඇති කාමර සංකීර්ණ සහ කඩසාප්පු සංකීර්ණ මෙම තෙකොටසට අයත් වේ.
මෙි ආකාරයට විවිධ තේමාවන් මූලික කරගනිමින් පරිසරය මූලික කොට ගෙන සුවිශේෂි සංචාරක සැළසුමි ක‍්‍රියාත්මක වේ. මෙ අනූව සංචාරක කර්මාන්තයේ ප‍්‍රධාන මූල බීජය ලෙස පරිසරය හඳුනාගත හැක. මේ අනුව ගත්කළ සංචාරක කර්මාන්තය හා පරිසරය අතර ඇත්තේ නොබිදිය හැකි සබඳතාවයකි.


සිනමාව...


සිනමාව යනු නූතනම  කළා මාධ්‍යයි. චිත‍්‍ර,නැටුම්, සංගීත වැනි ලලිත කලාවන් සේම සිනමාවද ලලිත කලාවක් ලෙසින් අදහස් කරයි.ලෝකයේ සෑම ප‍්‍රදේශයකටම එකසේ ජනප‍්‍රිය අංගය සිනමාවයි.මෙසේ වීමට සිනමාව පිටුපස ඇති රහස කුමක්ද? සිනමාව යනු එකම කලාවක් සහ කර්මාන්තයකි. සිනමාව කතන්දර කීමේ මාධ්‍යකි.කතන්දර ඇසීමේ ආශාව මිනිසාගේ ජීව විද්‍යාත්මක ආශාවකි.මිනිසා යනු සමාජිය සත්වයෙකි.මේ නිසා මිනිසා නිහඬතාවයට, නිශ්චලතාවයට බියවේ.  මිනිසාට චලනය නොවී සිටිය නොහැකිය. මන්ද  ඕනෑම ජීවී වස්තුවක් චලනය වන බැවිනි.චලනය ජීවයේ පදනමයි.සිනමාවේ පදනම ජීවය හා චලනයයි.
 මිනිසාගේ අද කතා රසයේ ලොල් බවට හොදම පිළිතුර ලබාදෙන්නේ සිනමාවයි.වර්තමානයේ ඩිජිටල් සිනමාව දක්වා මේ තත්වය වර්ධනය වී ඇති බව හඳුනාගත හැක. කලාත්මක මාධ්‍යක් ලෙස සිනමාවේ පවතින මූලික ශක්‍යතාවන් සොයාගනු ලැබුවේ ග‍්‍රිෆිත් විසිනි.සිනමාවෙ ඍෂිවරයා වන්නේ ග‍්‍රිෆිත්ය. ඔහුගේ අදහස වූයේ සම්පුර්ණ රූපය සිනමාව ට නැගීය යුතුය යන අදහස  නොවේ. අප සාමාන්‍ය ජීවීතයේදී පුද්ගලයෙකු දකින්නේ ඒ ඒ අවස්ථාවට අපගේ අවධානයට පාත‍්‍රවන කොටස් ලෙසය. ඒ හැර අප මනසින් කපන රූප,  රූප කෝන ලෙස ඔහු දක්වයි.සමීප,මධ්‍යම, දුර ආදී ලෙස ග‍්‍රිෆිත් විසින් කතා කීමේ කලාව වඩා හොඳින් කිරීමේ ක‍්‍රමවේදයක් තනයි. සිනමාව මේ තරම් ජනප‍්‍රිය වන්නේ අන් කිසිඳු මාධ්‍යකට සිනමාව තරම් කතාවක් කිවනොහැකි නිසයි.දිනෙන් දින සමාජය හැකිලීමකට පරිවර්තනය වේ.මේ හැකිලීම සිනමාවේ ප‍්‍රසාරණයට හේතු වේ. සමාජයේ හැකිලීම යනු දිනෙන් දින සන්නිවේදනයත් සමග සමාජය කුඩා වීමයි.  මේත් සමග අපට අහිමිවන දෑ මොනවාද යන කාරනය සොයා යන්නේ මාධ්‍යයි. එහිදී මිනිසාට නිකරුනේ කාලය ගත කිරීමට වේලාවක් නොමැතිවීම නිසා මාධ්‍ය විසින් එයට ලොවක් තනාදී ඇත. එය තවත් හැකිලී ේජැඉදදන කරලියට පැමින ඇත. මේ අනූව ඇතැම් විට ඉතා ගැඹුරින් අපූරු ලෙස අත්දැකීම් කීමේ කලාවක් ලෙස සිනමාව හැඳින්විය හැකිය.
උදා:  ඉන්දියාවේ හින්දි චිත‍්‍රපට වල ආදරය පිළිබද ප‍්‍රකාශ කරන චිත‍්‍රපට 100ක් ගතහොත් ඒවායේ ආදරය පිළිබද ප‍්‍රකාශ කරන්නේ සිය ආකාරයකටය.
තවද මේ අකාරයට බොහෝමයක් චිත‍්‍රපට සඳහා කතාව කීමට විවිධ සංස්කෘතින් සංස්කෘතිකාංග උපයෝගී කරගන්නා ආකාරයද දැකගත හැක. එහිදී සිනමා  ඉතිහාසයේ සිට වර්තමානය දක්වා සිනමාව තුල සංස්කෘතිය තේමාකරගනිමින් බොහෝ පේ‍්‍රක්ෂක අවධානයක් දිනා ගැනිමට සිනමාවට හැකිවී තිබේ.