Sunday, January 30, 2022

ලක්ෂිත උත්සව භාණ්ඩ සහ කේටරින් සර්විස්

හොරණ නගරයේ  පිහිටා ඇති   ඕනෑම අයකුට පහසුවෙන් ලඟා විය හැකි ලක්ෂිත උත්සව භාණ්ඩ සහ කේටරින් සේවය දැන් ඔබටත් ලබා ගත හැකියි. ඔබට අවශ්‍ය ඕනෑම උත්සව භාණ්ඩයක්  සහ ආහාර පාන ඉතා සුරක්ෂිතව සහ පහසු මිලකට ලබාදීමට අප සූදානම්..  විමසීම්.. 0717644070/0760082070 ....

Friday, October 9, 2020

 පෙහෙකම් ශිල්පය රකිමු




සාම්ප‍්‍රදායික රෙදි විවීමේ රටා මෝස්තර
සාම්ප‍්‍රදායික පේෂ කර්මාන්තය තුළ රෙදි විවීමේ රටා මෝස්තර රැසක් හªනා ගත හැක.යම් කිසි රෙද්දක දික් නූල් හරස් නූල් උස්වී ඇති ආකාරය කඩදාසියක සඳහන් කර ගන්නා ආකාරයට රටාව හෙවත් වියමන් මෝස්තර ඇදිම යැයි කියනු ලබයි.සෑම රෙද්දකම දික් නූල් හරස් නූල් යනුවෙන් දෙවර්ගයක් හªනා ගත හැකියි.දික් නූල් රෙද්දේ බල වාටි වලට සරළව සමාන්තරවද ,හරස් නූල් දික් නූල් වලට සෘජුකෝණාකාරවද වැටේ.රෙද්දක් විවීමේදී පළමුවෙන්ම කරන්නේ දික් නූල් පිළියෙළ කර ගැනීමයි.පේෂ කාර්මිකයන් තමන් වියන්නට අදහස් කරන රෙද්දෙහි දිග ඵළල අගලට නූල් ගණන ආදිය ගෙන හරියට සිටින සේ පිළියෙල කරගත් දික්නූල් සමූහය ඇතිරිල්ලක ආකාරයෙන් වියන යන්ත‍්‍රයේ සවි කරයි

වියමන් මෝස්තර

වියමන් මෝස්තර ප‍්‍රදාන වශයෙන් කොටස් කිහිපයකි.

ප්ලේන් වියමන

ටිවිල් වියමන

ලෙනෝ වියමන

සැටිල් වියමන


ප්ලේන් වියමන නැවත කොටස් 3කට බෙදේ.

චොප්රිබි හෙවත් හරස් දාර වියමන

             මේ ක‍්‍රමයට නූල් හාදයක පළමුවන දික් නූල දෙවන දික් නූල පහත් වේ.තුන්වන දික් නූල උස්වන විට හතරවන දික් නූල පහත් වේ.මේ අනුව 3 5 7 9 ආදී වශයෙන් ඇති සියළුම ඔත්තේ නූල් උස්වන අතර 2 4 6 10 ආදී වශයෙන් ඇත්තේ සියලුම ඉරට්ටේ නූල්ය.බොහෝ කොට පාවිච්චියට ගන්නා කපු රෙදි වලින් වැඩි හරියක් වියා ඇත්තේ මේ ක‍්‍රමයටයි.සු¥ රෙදි,වේට්ටි, චීත්ත, ආදිය කේම්බ‍්‍රික්, කේ්‍්‍රප්, කැන්වස ,මස්ලින, මැඩිරාස්, නැන්සුක්,  ඕගන්දි, වොයිල් ආදී නම් වලින් කපු රෙදි වර්ග සියල්ලක්ම මේ මෝස්තරයෙන් වියා ඇත.

ජටා වියමන

             මෙය චාන් වියමන් ක‍්‍රමයේම ප‍්‍රබේදයකි.පුඩු ඇසකින් එක නූල බැගින් ඇද හරස් අතට නූල බැගින් ගසා වියනු ලබන අතර ජටා වියමනේදී පුඩු ඇසින් නූල් දෙක බැගින් ගසා වියනු ලබයි.මේ ක‍්‍රමය බැස්කම් වියමන හෙවත් පැගි වියමන ලෙස හªන්වයි. ¥ලි කඩ. කමිස රෙදි,සූට් රෙදි, රුවල් රෙදි, සඳහා ජටා වියමන භාවිත කරයි.

දික්දාර වියමන

දික් දාර හා හරස් දාර වියමන ලෙස වියමන් වර්ග දෙකකි.දි්ක් දාර වියමනේ දි දික් අතට නූල් මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් මහත නූල් හරස් අතට පාවිච්චි කරයි.

හරස් දාර වියමන

                  දික් අතට නූලු යොදා හරස් අතට සිහින් නූලක් යෙදීමෙන් සෑදෙන්නේ හරස් දාර වියමනයි. ප‍්‍රධාන වියමන්වලින් දෙවන වර්ගය ලෙස සැළකෙන්නේ ට්විල් වමින් හªන් වන හිරි වියමනයි.චාන් වියමනේදී දික් හා හරස් නූල් ළංව එකක් හැර එකක් බදෙන නමුත් මෙහිදී බැදෙන අඩුම ගණන 3කට එකකිxමේ වියමන රදා පවතින්නේ ප‍්‍රදාන කරුණු කිහිපයක් මතයි.

වියමනේ ස්වභාවය

නූල්වල ස්වභාවය

දික් හා හරස් අගලට නුල් ගණන

නූල් වල ඇඹරුම් තිබෙන දිශාව      ආදිය පදනම් කරගෙනයි 

රෙද්ද මත පිහිටි හිරි රේකා යම්දිශාවකට ගමන් කර තිබේද යන්න බැලිම වැදගත්වේ.කණ පිටෙහි එය ගමන් කරන්නේ ඊට විරුද්ධ දිශාවටයි.සාමාන්‍ය ලෝම රෙද්දක්  වියන්නේ හිරි රේකාවේ හිරි රේකාවේ වමේ සිට දකුණට ගමන් කරන ආකාරයටයි.මෙහිදී හªනා ගත හැකි වියමන් මෝස්තර කිහිපයකි

සරළ හිරි වියමන (රළහිරි වියමන *

කව හිරි වියමන (රුවිත හිරි වියමන *

තුඩු හිරි වියමන (සංයෝජිත වියමන* 

දඟ හිරි වියමන             

පේෂ කර්මාන්තය ලාංකික ඉතිහාසයේ ඈත අතීතය දක්වාම දිවයන්නකි. අතීතයේ පටන්ම ලංකාව  හෙළ දිවයින ලෙස හදුන්වා ඇත.මෙය සේළ දිව යන්න විකාශනය විමෙන් නිර්මාණය වුවක් බව දැක්වේ.සේළ යනු රෙදි යන්නයි.පුරාණයේ මුළු මහත් ලෝකයටම රෙදි සැපයු රටක් බවට ලංකාව පත්වි තිබුණු බවට මතයක් පවතී. 


සමනල තටුවේ සුමුª ලතාවයි

හෙළ දෑතේ විසුකම් ප‍්‍රතිභාවය

හුයෙනු හුයට අභිමාන කලාවයි

අත් සළු රන් සළුවේ සිරියාවයි


තම්බපන්නි මහ වංශ කතාවේ

කුවේණි යුතයෙන් යුත බාඳ ආවේ

සත් කරදිය ඉම තෙක් හෙළ ¥වේ

යශෝ කදම්බය රැගෙන ගියේ

දැයක් පතල කළ රන් සළුවයි

දෑතේ නිමකළ අත් සළුවයි


ශිල්පය හුරු කළ නිවහත් දෑතේ

හෙළ කම හෙළ නම හෙළ අභිමානය

දිරිය සවිය රන් හුයක බැඳේ

ශ‍්‍රමය අභිමානය බැ¥ණු

පෙහෙකම් ශිල්පය රකිමු



 

 

පේ‍්‍රමයේ බලය



පේ‍්‍රමයේ බලය විග‍්‍රහ කිරිම උදෙසා හැම්ලටි සහ ඔතෙලෝ යන නාට්‍යය යොදාගත හැකි ය.ශේක්‍ෂ්පියර්ගේ හැමිලටි නාට්‍යහි පේ‍්‍රමය විවිධාකාර වෙි.හැමිලටි පියා අතර පේ‍්‍රමය,හැමිලටි මව අතර පේ‍්‍රමය,හැමිලට ඔෆීලියා අතර හා හැමිලටි හැමිලටි අතර පවතින පේ‍්‍රමය වෙයි.මෙකී සියලුම පේ‍්‍රමයන්හි බලය පැන නගින්නේ ගැටුමත් සමග ය.

හැමිලටි තම පියාට පේ‍්‍රම කරයි.එකී පේ‍්‍රමය නිසා ම අවසානය ඛෙිදාන්තයක් වෙයි.


             හැමිලටි        ඉක්මනින් කියන්න මට.....එවිට මට පුඵවන් 

                             හිතනවාට වඩා වැඩි වෙිගයකින් පළිගන්න.....

පුතු තම පියාට පේ‍්‍රමය නොකළා නමි අවසානය මෙතරමි ඛෙිදයක් නොවෙයි.නමුත් මෙවන් ඛෙිදයක් දැන දැන ම හැමිලටි මිණීමරුවාට දඬුවමි කලේ තම පියාට තිබූ ෂත්‍ය පේ‍්‍රමය නිසා ය.පියා අහිමි වූ හැමිලටි කුමරු ග්ටිටරැුඩි බිසවගෙන් ඉල්ලා සිටියේ මවි සෙනෙහසයි.එහු තම මව තම පියා කෙරෙහි තිබූ පේ‍්‍රමය තවකෙකුට හිමි වෙනවිට අකමැති ය.-


           හැමිලටි          ඉඩ දෙන්න එපා ඉදිමුණ රජුට පෙළඹවා ගන්න

                              ඔබෙි ඇදට එන්න.ඔබගේ කමිමුල මිරිකා මී

                              ඵැටියා යි කියා අශෝබන ලෙෂ සිප වැළද

                              ඔබෙි ගෙල ඇගිලි තුඩු පිරිමැද........


මෙකීපේ‍්‍රමය අහිමි වු තැන ගැටුම නිර්මාණය වෙයි.හැමිලට තම මව සමග බහින් බස් වෙයි.ග්ටිටෘර්ඩි බිසව අවසානයේ තම පුතුගේ උමතුවට හේතුව හැමිලටි රජුගේ මරණය හා තම විවාහය බවට පිළිගනී.ෂත්‍ය ලෙස ම හැමිලටි කුමරැු ගැටෙන්නේ මේ හේතුව නිසා ය.එම ගැටීමෙන් හැමිලටි තම මවට කරන ලද පේ‍්‍රමයේ බලය පැහැදිලි වෙි.

හැමිලටි ඔෆීලියාට පේ‍්‍රම කරයි.නමුත් හැමිලටිගේ ෂත්‍ය සෙවීමත් සමග අ ෑපිළිබද වූ පේ‍්‍රමය දූරස් වෙයි.පේ‍්‍රමය යනු පුද්ගල අභ්‍යන්තරය හා බැදෙන සංකල්පයකි.හැමිලටි හා ඔෆීලියා ගැටීමෙන් පේ‍්‍රමයේ බලය විද්‍යාමාන වෙි.

පුතු තම පියාට පේ‍්‍රමය නොකළා නමි අවසානය මෙතරමි ඛෙිදයක් නොවෙයි.නමුත් මෙවන් ඛෙිදයක් දැන දැන ම හැමිලටි මිණීමරුවාට දඬුවමි කලේ තම පියාට තිබූ ෂත්‍ය පේ‍්‍රමය නිසා ය.පියා අහිමි වූ හැමිලටි කුමරු ග්ටිටරැුඩි බිසවගෙන් ඉල්ලා සිටියේ මවි සෙනෙහසයි.එහු තම මව තම පියා කෙරෙහි තිබූ පේ‍්‍රමය තවකෙකුට හිමි වෙනවිට අකමැති ය.-


           හැමිලටි          ඉඩ දෙන්න එපා ඉදිමුණ රජුට පෙළඹවා ගන්න

                              ඔබෙි ඇදට එන්න.ඔබගේ කමිමුල මිරිකා මී

                              ඵැටියා යි කියා අශෝබන ලෙෂ සිප වැළද

                              ඔබෙි ගෙල ඇගිලි තුඩු පිරිමැද........


මෙකීපේ‍්‍රමය අහිමි වු තැන ගැටුම නිර්මාණය වෙයි.හැමිලට තම මව සමග බහින් බස් වෙයි.ග්ටිටෘර්ඩි බිසව අවසානයේ තම පුතුගේ උමතුවට හේතුව හැමිලටි රජුගේ මරණය හා තම විවාහය බවට පිළිගනී.ෂත්‍ය ලෙස ම හැමිලටි කුමරැු ගැටෙන්නේ මේ හේතුව නිසා ය.එම ගැටීමෙන් හැමිලටි තම මවට කරන ලද පේ‍්‍රමයේ බලය පැහැදිලි වෙි.හැමිලටි ඔෆීලියාට පේ‍්‍රම කරයි.නමුත් හැමිලටිගේ ෂත්‍ය සෙවීමත් සමග අ ෑපිළිබද වූ පේ‍්‍රමය දූරස් වෙයි.පේ‍්‍රමය යනු පුද්ගල අභ්‍යන්තරය හා බැදෙන සංකල්පයකි.හැමිලටි හා ඔෆීලියා ගැටීමෙන් පේ‍්‍රමයේ බලය විද්‍යාමාන වෙි.


හැම්ලට්          තොපට විවාහ වෙන්න ඔීනෑනමි විවාහ 

                               වෙයන් මෝඩයෙක් එක්ක.පලයං කන්‍යාරාමයකට.


             ඔෆීලියා           දෙවියනි ඔහුව ආරක්‍ෂා කරන්න.....

ශැමිලටි ඔෆීලියාව කන්‍යාරාමයකට භාර දෙන විට ,ඔෆීලියා හැමිලටිව දෙයන්ට භාර කරයි.ඔවුන්ගේ ගැටුමෙන් පේ‍්‍රමයේ බලය ප‍්‍රදර්ශනය වේ.එ මෙන් ම හැම්ලට් හැම්ලට් සමග ගැටෙන්නේ ද ඔහු තමාට ම පේ‍්‍රම කරගන්නා නිසා ය.එක අතකට ඔහු මේ සියල්ල කරන්නේ ඔහු ඔහුට ම ඇති පේ‍්‍රමය නිසා ය.ඒ නිසා ඔහු ඔහු සමග ම ගැටෙයි.එයින් ඔහු තාට ඇති පේ‍්‍රමය නිරැුපණය කරනු ලබයි.


හැම්ලට්      අහෝ මාගේ ඝන වු,ඝන වූ මස් පිඩු දිය වේ නම්,දිය වී

                          පිණි බි¥ බවට හැරේ නම්,සිය දිව නසා ගැනීමට දෙවයන් 

                          වහන්සේ තහනම් නොකළේ නමි........


ඔහු වටක පිස්සෙක් වන්නේ ද ආදරවන්තයෙක් වන්නේ ද මිණීමරුවෙක් වන්නේ ද තමාට ඇති පේ‍්‍රමය ප‍්‍රත්‍යක්‍ෂ කරමිනි.ක්ලෝඩියස් ග්ට්ටෘර්ඞ් පේ‍්‍රම කරන්නේ ද ,ක්ලෝඩියස් තමා තුළ ඇති කරගත් ගැටුමට පිළිතුරක් ලෙස ය.ඩෙන්මාර්කයේ රජකම ලබා ගැනීමට තමාට ඇති ආශාව ට පිලිතුරක් ලෙස ලිංගික බලය යොදා ගත් පේ‍්‍රමයක් ලෙෂ දැක්වය හැකි ය.



ගැටුම හමුවේ පේ‍්‍රමයේ බලය  ඔතෙලෝ නාට්‍යයේද දකුනට ලැෙබි.කලූ ජාතික එතෙලෝ සුදු ජාතික ඩෙස්ඩිමෝනාට ආදරය කරයි. එනම් එය යටිපෙළින් සමාජ ගැටලූවකි. සුදු කලූ ජාතිවාදය හමුවේ ඩෙස්ඩිමෝනා සුදු ජාතියටත් ඔතෙලෝ කලූ ජාතික වාදයටත් එරෙහිව පේ‍්‍රමයේ නාමයෙන් සටන් කරයි. එකී සමාජ ගැටලූව හමුවේම ඔවුන්ගේ පේ‍්‍රමයේ බලය සනාථ වේ .

 භ‍්‍රබැන්ෂියෝ  මා මගේ දියණිය කලූ යවනෙයෙකුට නොදෙමි. 

ත්‍ඩස්ඩිමෝනාගේ පියා ඇයව ඔතෙලෝට නොදෙන්නේ මේ වර්ගීකරණය නිසාය. නමුත් ඒ ගැටුමෙන් ඔතෙලෝගේ හා ඩෙස්ඩිමෝනාගේ පේ‍්‍රමයේ බලය ප‍්‍රත්‍යක්ෂ වේ.

ඔතෙලෝ හා ඩෙස්ඩිමෝනා බාහිරෙන් මෙන්ම අභ්‍යන්තරයෙනුත් පේ‍්‍රමයෙන් පෙනී සිටී. එකී ආදරයම ඉයාගෝගේ බල තෘෂ්නාව නිසා ව්නලාශ වේ. ඉයාගෝ තම දේශපාලන බල ආශාවට ඔතෙලෝ ඉත්තෙක් කර ගනි.පසුව ඔතෙලෝගේ පේ‍්‍රමය තුළ ගැටඑුමක් ඇතිකරනු ලබයි. ඉන්පසුව ඔතෙලෝ සටන් කරන්නේ තමන් සමගය. එය අභයන්තර බලය වේ.ඔතෙලොි් ප්‍රෙමයේ බලයෙන් බාහිරව ඝට්ටනය වන්නේ ඩෙස්ඩිමෝනා සමගය.

ඔතෙලෝ    යක්සනී මල යක්සණී ගැහැනියකගේ ක`දුලූ වලින් මහපොළව ගැබි ගන්නවානම් ඈ හෙලූ හැම ක`දුලූ බිංදුවකින්ම කිඹුලෙක් බිහිවේව්. පලයන් යන්න මගේ දැහට නොපෙනී.

ත්‍ප්‍්‍රමයේ බලය උත්කෘෂ්ට වන්නේ ඔතෙලෝ ඩෙස්ඩිමෝනාව මරණයට පත් කිරීමෙන් අනතුරුවය.මන්ද තම ආදරය බෙදීමට තරම් ඔතෙලෝ අකමැති වූනිසාය. ඔතෙලෝ ඩෙස්ඩිමෝනාව මරණ්නේ පේ‍්‍රමයේ ප‍්‍රබලත්වය නිසාමය.ඔතෙලෝ නාට්‍යයෙහි එමිලියා හා ඩෙස්ටිමෝනා  අතර සේව්‍ය ස`බ`දකමට වඩා සහෝදර පේ‍්‍රමයක් දක්නකට ලැෙබි. මරණයක් අභියස වුවද එමිලියා ඔතොලෝට ෂත්‍ය පවසයි. එථිලිය      තොගේ කඩුවට මං බය නෑ. මගේ පණ නැත්තටම නැතිවෙලා ගියත් මම තෝව එළිකරලා දානවා.....

ඈ කොච්චර දිව්‍යමට තැතැත්තියක්ද?...

 උෙ ඕ ඔය කියන් ලේන්සුව මට අහම්බෙන් හමුබෙලා  මම ඒක මගේ සැමියට දුන්නා... ඈ ඒක කැෂියෝට දුන්නා. ඉතින් මමයි ඒක මගේ මිනිහට දුන්නේ...

ථිනීමැරුම් ලේ ගැලීම් අභියස එථිලියාට තම ජීව්තය සුරක්ෂිතව තබාගෙන නිහ`ඩව සිටීමට ඉඩ තිබුණි‘. නමුත් ඒ ගැටුමට මුල පිරුවේ එථිලියාගේ ඩෙස්ටිමෝනාට තිබූ අවංක පේ‍්‍රමයයි. එථිලියාගේ ප‍්‍රකාශනයෙන් ඇගේ පේ‍්‍රමයේ බලය මෙන්ම ඩෙස්ටිමෝනා ඔතෙලෝට දැක්වූ පේ‍්‍රමටඃය ද සනාථ වේ. මේ ආකාරයට නාට්‍යයේ ගැටුම මූලික කරගෙන පේ‍්‍රමයේ බලය ඛේදයකින් නිමාවන ආකාරය දැව්ක්ය හැකිය.




Monday, January 18, 2016

පුවත්පත් හා ආචාරධර්ම



”මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්ශනිකයෙකු වන ජෝන් ලොක් මෙසේ පවසයි. මෙම සංකල්පය ආචාරධර්මීය පදනමකින් යුතුව විමසිය හැක. නීතිමය රාමුව නොව පොදු එකඟත්වය මත සම්මත වූවක් ආචාරධර්ම ගනයේ ලා ගැනේ.
මෙලෙ විවිධ වෘත්තීන් තුළද අනුගමනය කරන ආචාරධර්ම පද්ධති පවතී.ඒ ඒ අදාල වෘත්තීන්ට හානියක් නොවන පරිදි පවත්වාගෙන යාමට මේවා අනුගමනය කිරීමට සිදුවේ. එහිදී වෘත්තියට ප‍්‍රවේශ වීමට අදාල අධ්‍යාපන සුදුසුකම්, පොදු එකඟතාවයෙන් සකසාගත් ආචාරධර්ම පද්ධතියක් හෝ මාර්ගෝපදේශ පද්ධතියක් වීම, ඒවා පිළිගැනීම හා මැන බැලීම සදහා, යන මෙම අංශ තුන ඇතුලත් විට  ඕනෑම වෘත්තියක වෘත්තීමය භාවය සැකසේ. මේ අනූව ලංකාවේ මාධ්‍යතුල පුවත්පත් කලාව හා සම්බන්ධ ආචාරධර්ම හදුනාගැනීම වටී.
එහිදී ශ‍්‍රී ලංකාවේ පුවත්පත් හා සම්බන්ධ නීතිමය තත්වයක් ගොඩනැගී ඇත්තේ 1973 අංක 5 දරන ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගිනි. එහිදී ලංකාව තුල පුවත්පත් වලට අදාල කරුනු විධිමත්ව පවත්වාගෙන යාමටත් පුවත්පත් වලට අදාල වැරදි විමර්ශනය කිරීමට හා ඒ පිළිබඳ පැමිනිලි විභාග කර බැලීමට හා ආචාරධර්ම පද්ධතියක් පවත්වාගෙන යාමටත් මෙය ගොඩනගා ඇත.
මීට අමතරව පුවත්පත් සදහා ශ‍්‍රී ලංකාවේ පත‍්‍ර කලාවේදීන් සදහා වු ආචාරධර්ම සංග‍්‍රහය බෙහෙවින් වැදගත් වේ. මෙහිදී පුවත්පත් සදහා නිශ්චිත ආචාරධර්ම සංග‍්‍රහයක් අවශ්‍ය බව වටහා ගන්නේ 1981 දීය.එහිදී පුවත්පත් කර්තෘවරු 21 එකතු වී ආචාරධර්ම පද්ධතියක් ගොඩනගා ගන්නා ලද අතර එය ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසන් පිළිගන්නා ලදී. එම ආචාරධර්ම සංග‍්‍රහය මෙසේය,
ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු මාධ්‍ය වෘත්තිය ප‍්‍රතිපත්ති  (ආචාර ධර්ම* සංගහ‍්‍රය.
1. පූර්විකාව  
සියලූ පුවත්පත් ආයතන හා පුවත්පත් කලාවේදීන් කෙරෙහි බලපාන මේ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති සංගහ‍්‍රය, ශ‍්‍රී ලංකා මුද්‍රිත මාධ්‍ය නිදහසද පාඨක අවශ්‍යතා සහ අපේක්ෂා පිළිබඳ වගකීමෙන් හා සංවේදීතාවෙන් යුතුවද පවත්වා ගැනමත් ඒ අතරම පුවත්පත් කලාවේ උසසත්ම  ප‍්‍රමිති ආරක්‍ෂා කිරීමත්ද අරමුණු කොට ගත්තකි.....
2. නිරවද්‍ය වාර්තාකරණය
   2.1  නිවරැුදිවත් විකෘතියකින් තොරවත් ප‍්‍රවෘත්ති වාර්තා කිරීම හා ඡුායාරූප පළ කිරීම සඳහා මාධ්‍යය සාධාරණ පරෙස්සමකින් ක‍්‍රියා  කළ යුත්තේය.
 2.2  වාර්තාවල නිරවද්‍යතාව, එය පළ කරන්නට කලින් සොයා බැලීම සඳහා කර්තෘවරුත්් ඒ ඒ පුවත්පත් කලාවේදියෝත් සෑම  සාධාරණ  ප‍්‍රයත්නයක්ම දැරිය යුත්තෝය. එවැනි සොයා බැලීමක් ප‍්‍රායෝගිකව නොකළ හැකි අවස්ථාවකදී ඒ බව වාර්තාවෙහි  සඳහන් කළ යුතුය.
   2.3  කර්තෘවරුන්/ වරියන්,  බාහිරව ලිපි  සැපැයීමෙහි යෙදෙන ලේඛකයන් ඇතුලූ කාර්ය මණ්ඩලත් අසත්‍ය හෝ නිවරදි නොවන බව තමන් දන්නා වූද එසේයැයි  විශ්වාස කිරීමට තමන්ට  හේතු ඇත්තාවූද කිසිදු කරුණක් තහවුරු වන අන්දමින් පළ  නොකළ යුත්තේය.
   2.4  පොදු ජන සුබසිද්ධිය සඳහා ගවේෂණාත්මක පුවත්පත් කලාවෙහි  නියැළෙන ලෙස ප‍්‍රකාශන දිරිමත් කෙරේ.

3. නිවරදි කිරීම් හා සමාව අයැදීම
   3.1  වාර්තාවක් කරුණු අතින් වැරැුදියැයි කර්තෘට පෙනී යන අවස්ථාවකදී එය නිසි ප‍්‍රමුඛතාවක් හා යෝග්‍ය වන්නේනම් සමාව  අයැදීමක්ද ඇතිව, එම නිවරදි කිරීම හා සමාව අයැදීම පීඩිත පාර්ශවයේ කැමැත්තට පටහැනි වන අවස්ථාවකදී හැර, අනෙක්  හැම විටකදීම වහාම නිවරදි කළ යුත්තේය.
4. පිළිතුරු දීමට අවස්ථා
  4.1   කරුණු අතින් සාවද්‍ය ප‍්‍රකාශන නිසා පුද්ගලයන්ගේ හෝ සංවිධානවල  හෝ කීර්තියට, ගෞරවයට,නම්බුවට,හැඟීම්වලට,පෞදග්ලිකත්වයට හා නිලයට හානි සිදුවන්නේ නම්, ඒ ප‍්‍රකාශනවලට පිළිතුරු දීම සඳහා සාධාරණ හා යුක්ති සහගත  අවස්ථාවක් ඒ පුද්ගලයනට හෝ සංවිධානවලට හෝ දිය යුත්තේය.එම පිළිතුරු සිය කරුණු පැහැදිලි කිරීම සඳහා  පැමිණිලිකරු/පැමිණිලිකාරිය කරන ප‍්‍රකාශයට සීමා විය යුතු අතරම, සිදුවිණැයි කියන වරද නිවරදි කිරීම පිණිස අවශ්‍ය  ප‍්‍රමාණයට වඩා එය දීර්ඝද නොවිය යුත්තේය.
   4.2 වරද ගැන සමාව අයැදීම හෝ කනගාටුව පළ කිරීම වෙනුවට පැමිණිලිකරුගේ/පැමිණිලිකාරියගේ පිළිුතුරට ප‍්‍රතිචාර දක්වන කතුවරු හෝ පුවත්පත් කලාවේදියෝ ඊට පිළිතුරු දීමේ තවත් අවස්ථාවක් අතෘප්ත පාර්ශවයට සලසා දීමට සූදානම් විය  යුත්තෝය.
5. රහස්‍ය මූලාශ‍්‍ර
   5.1  තොරතුරුවල රහස්‍ය මූලාශ‍්‍රය, එය අනාවරණය කිරීමේ අවසරය ඒ මූලාශ‍්‍රයෙන්ම නොලැබෙන තෙක් හෙළිදරවු නොකිරීමේ සදාචාරත්මක වගකීමක් සෑම පුවත්පත් කලාවේදියකුටම/වේදිනයිකටම ඇත්තේය.


6. පොදු වාර්තාකරණය හා ලිවීම  
    6.1  කම්පන හෝ හිත් වේදනා ඇති කරන ආකාරයේ සමාජ ප‍්‍රශ්න, එනම්  කෲරත්වය, ප‍්‍රචණ්ඩත්වය,මත්ද්‍රව්‍ය,අපයෝජනය,දුෂ්ටත්වය, පරපීඩා/කාමුකත්වය, ලිංගික පීඩනය හා අශිෂ්ටත්වයද යනාදිය පිළිබඳ කරුණු වාර්තා කිරීමේදී ඊට සම්බන්ධ  ඡුායාරූප,චිත‍්‍ර, අවශ්‍ය සංවේදීතාවෙන් හා විචාර බුද්ධියෙන් යුතුව මෙන්ම පොදුජන යහපත උදෙසා කරුණු ප‍්‍රකාශයට පත්  කිරීම පිළිබඳ තමන්ගේ වගකීමට යටත්ව ද ඉදිරිපත් කිරීමට පුවත්පත් විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තේය.    
6.2  අපරාධ හා අපරාධ නඩු පිළිබඳ තොරතරු වාර්තා කිරීමේදී ප‍්‍රකාශන නීතියෙන් හා පොදු ජන යහපත පිළිබඳ සාධකයෙන්ද  යන  දෙවිදියෙන්ම අවසර ලැබෙතොත් විනා එසේ නොවේ නම්,
     ලිංගික අපරාධවලට ලක්වූවන්ගේ නම් හෙළිදරවු නොකළ යුතුය.
     සාපරාධී වරදක් සම්බන්ධයෙන් චොදනා ලත්් වයස අවුරුදු 16  ට අඩු හා පෙර දඬවුම් නැති කිසිදුි බාලයකුගේ නම , කරුණු  දැන දැනම අනාවරණය නොකළ යුතුය.
     අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා හෝ දඬවුම් හෝ ලැබූ පුද්ගලයකුගේ ඥතීන්ගේ අනන්‍යතාව ඔවුන්ගේ කැමැත්ත  නැතිව හෙළිදරවු නොකළ යුත්තේය.
    6.3  පුවතප්ත් කලාවේදියෙක් දැන දැනම හෝ හිතාමතා හෝ ජනවාර්ගික හෝ ආගමික අසමගියට,ප‍්‍රචණ්ඩත්වයට අනුබල  නොදිය යුත්තේය.
    6.4   පුවත්පත්, පුද්ගලයකුගේ වර්ගය, වර්ණය, ආගම හා ලිංගිකත්වය  පිළිබඳවත් ශාරීරික හෝ මානසික රොගාබාධ පිළිබඳවත් අගති හා අවඥසහගත කරුණු සඳහන් කිරීමෙන් වැළැකිය යුත්තේය.
        පුද්ගලයකුගේ වර්ගය, කුලය, ආගම, ලිංගක නැඹුරුතා ශාරීරික හෝ මානසික රොගාබාධ පිළිබඳ, කතාවට සෘජුවම   අදාළ වනේනම් විනා, එසේ නැතිව ප‍්‍රකාශයට පත් කිරීමෙන් වැළැකිය යුත්තේය.  
    6.5  පොදු වශයෙන් ප‍්‍රකාශයට පත්වනන්ට කලින් තමන් අතට පත්වන  මූල්‍ය තොරතරුැ තමනේග්ම වාසිය සඳහා යොදා ගැනීම  නීතීයෙන්  තහනම් නොවන අවස්ථාවකදීවුවද පුවත්පත් කලාවේදීහු එම තොරතරු එසේ යොදා නොගතයුත්තෝය. ඒ  තොරතරුැ අනනුන්ගේ  වාසිය පිණිස ඔවුන් අතටද පත් නොකළ යුත්තෝය.
          ව්‍යාපාර කොටස්වලින් හා සුරැුකුම් පත්වලින් තමන්ටත් තමන්ගේ සමීප පවුල්වලටත් සැලකිය යුතු ප‍්‍රමාණයේ මූල්‍ය පොලී ලැබිය  හැකි බව පුවත්පත් කලාවේදීන්ට දැනගන්නට ලැබුණු විට ඔවුහු ඒ පිළිබඳ තොරතුරු ප‍්‍රකාශකයාටත් කර්තෘ හෝ  මූල්‍ය කර්තෘටත් හෙළිදරවු නොකර නොලිවිය යුත්තේය.        
6.6 සියදිවිනසා ගැනීම් වාර්තා කිරීමේදී ඒ ජීවිත හානිය සඳහා යොදා ගැනුණු උපක‍්‍රමය පිළිබඳ පමණට වැඩි විසත්ර ඉදිරිපත් නොකිරීමට පුවත්පත් කලාවේදියෝ පරෙස්සම් විය යුත්තෝය.
7. පෞදග්ලිකත්වය
   7.1  පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත ඔවුන්ගේ ගේ දොර ,සෞඛ්‍යය හා සහසම්බන්ධතාද කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා  පුවත්පත්  විශේෂ සැලැකිල්ලකින්් ක‍්‍රි‍්‍රයා කළ යුත්තේය. පෞදග්ලිකත්වයට ඇති මේ අයිතිය අදාළ පුද්ගලයන්ගේ කැමැතේතන්  තොරව ආක‍්‍රමණය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ පොදුජන සුබ සිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේනම් පමණකි.
   7.2  පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අපේක්ෂාවක් පවත්නා පෞද්ගලික හෝ පොදු තැනක සිටින පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්ත නැතිව ඡුායාරූපගත කරනු සඳහා දිගු කාච සහිත හෝ වෙනත් ආකාරයක කැමරා භාවිතය, පොදු යහපත පිිණිස නොවන්නේනම්, පිළිගත හැක්කක් නොවේ.
   7.3.  ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත් ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා   ස්ථානෝචිත ප‍්‍රඥවෙන්ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදිහු විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තෝය.
    7.4  සිය පාසල් සමය අනවශ්‍ය අත පෙවීම්වලින් තොරව සම්පර්ූණ කර  ගන්නට බාලයනට නිදහස තිබිය යුතුය. ළමයකුගේ  පෞදග්ලික ජීවිතය හා සම්බන්ධ කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිගත හැකි කාර්යයක් වනු  ඇත්තේ ඔහුගේ හෝ ඇගේ පවුලේ  හෝ භාරකරුගේ කීර්තිය ප‍්‍රසිද්ධිය හා තත්ත්වය හැර අනෙක් කරුණක් පොදුජන සුබසිද්ධිය උදෙසා වන්නේ නම් පමණකිි.  
7.5  පෞදලිකත්වය ආක‍්‍රමණය කිරීමට එරෙහි තහංචි රෝහල්වල හෝ සමාන වෙනත් ආයතනවල හෝ සිටින පුද්ගලයන් පිළිබඳ  විමසම්වලට විශේෂයෙන් අදාළ වන්නේ  එය පොදුජන සුබ සිද්ධිය පිණිස නොවන්නේනම්ය.
8. හිරිහැර හා කපටිකම්
   8.1  ඡයාරූප ශිලපීහු ඇතුළු පුවත්පත් කලාවේදිහු බිය වැද්දීමෙන්  හෝ හිරිහැර කිරීමෙන් හෝ වැරැුදි කරුණු ඉදිරිපත් කිරීමෙන්  හෝ කපටිකමින් හෝ තොරුතුරු හෝ ඡුායාරූප ලබා ගැනීමට තැත්  නොකළ යුත්තෝය. පොදු ජන යහපත පිළිබඳ  සාධකයෙන් සාධාරණීකරණය කළ නොහැකි නම් හා වෙනත් පිළිවෙළකින් තොතුරු ලබා ගත හැකි නොවිණි නම් දිගු කාච  කැමරා හෝ ශ‍්‍රවණ උපකරණද භාවිත නොකළ යුත්තෝය.
9. ගෞරවය    
9.1  සෑම පුවතප්ත් කලාවේදියෙක්ම තමන්ගේ වෘත්තියේ ගෞරවය ආරක්‍ෂා කළ යුත්තේය.
අර්ථ නිරූපණය
   1. ’මහජන යහපත’ යනු,  ෂග ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම පොදු ජනතාව කෙරෙහි සෘජුව හෝ වක‍්‍රව හෝ බලපාන සිද්ධි පිළිබඳව පොදු ජනතාවත් ඔවුන්ගේ තේරී පත් වුණු රජයත් දැනවුත් කිරීම හා    අපරාධ, ¥ෂණ, අයථා පරිපාලනය හෝ වෙනත් අයුතු   අසාධාරණකම් සොයා බලා හෙළිදරවු කිරීම.
           මහජන සෞඛ්‍යය, සුරක්‍ෂිතතාව, සමාජ, සංස්කෘතික හා අධ්‍යාපන ප‍්‍රමිති ආරක්‍ෂා කිරීම.
           පුද්ගලයකුගේ හෝ සංවිධානයක හෝ ප‍්‍රකාශයක් හෝ ක‍්‍රියාවක්නිසා නොමග යැවෙන ජනතාව ඉන් ආරක්‍ෂා කර ගැනීම.
   2. කුමන තත්ත්වයක් යටතේ වුවද පොදුජන සුබ සිිද්ධිය අදාළ වන අවස්ථාවකදී එය යථා පරිදි ඉටු වී තිබේද යන වග පැහැදිලිව දක්වන   සම්පර්ූණ විස්තරයක් ඉදිරිපත් කරන ලෙස කතවුරයාගෙන් හෝ පුවත්පත් කලාවේදියාගෙන් ඉල්ලා සිටීමේ අයිතිය  පුවත්පත් පැමිණිලි කොමිසමට ලැබෙනු ඇත.
පරිගණක ප‍්‍රකාශන  මෙම වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ විධිවිධාන පුවත්පතේ අන්තර්ජාල ප‍්‍රකාශනවලටද අදාළ වනු ඇත.
සමාලෝචනය
ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ සාමාජිකයන්ගෙන් හා සංසදය විසන් පත් කැරෙන එහෙත් සංසද සාමාජික නොවන්නන්ගෙන්ද සමන්විත වෘත්තීය ප‍්‍රතිපත්ති කමිටුවක උපදෙස් ඇතිව, ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය මෙම වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ විධිවිධාන වරින් වර සමාලෝචනය කළ යුතුබව දක්වා ඇත.පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ සංගමය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර‘කලාවේදීන්ගේ සංගමය ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ශ‍්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ශ‍්‍රී ලංකා ද්‍රවිඩ මාධ්‍ය සංවිධානය දකුණු ආසයිානු නිදහස් මාධ්‍ය සංගමය -(ශ‍්‍රී ලංකා පාර්ශ‍්‍රවය* මේ ආචාර ධර්ම පද්ධතියට සහයෝගය දැක්වා ඇත.
මේ අනූව වර්තමානයේ ලංකාව තුල පුවත්පත් සිය වාර්තාකරනය කිරීමේදී මෙම ආචාරධර්ම පදනමකින් යුතුව කටයුතු කරනවාදැයි සොයා බැලිය යුතුය. ඒ අනූව මෑත කාලීන පුවත්පත් වාර්තාකිරීම් දෙස අවධානය යොමු කිරීමේදී මෙම ඉහතින් දැක්වූ ආචාරධර්මයන් උල්ලංඝනය කෙරෙන අවස්ථා  ඕනෑ තරම් හදුනාගත හැක.

ධීවර නවීකරණය හා මිරිස්ස ග‍්‍රාමය









වෙරළාසන්න මුහුදේ මසුන් ඇල්ලීම අනාදිමත් කාලයක සිට සිදුකරනු ලබයි. ආරම්භයේදී වෙරළට ඉතා ආසන්න නොගැඹුරු දියේ මසුන් ඇල්ලීම කරනු ලැබූවද කල්යත්ම ඔරු, පාරු, පහුරු භාවිතයෙන් උගුල් ඇටවීමෙන්, බිලී බෑමෙන්, මසුන් ඇල්ලීම සිදුවිය. ප‍්‍රාරම්භක අවධියේ පටන් ධීවර සමාජය තුළ ස්ථාපනය වූ එම සමාජ පැවැත්ම මෙන්ම ඔවුන්ගේ උපසංස්කෘතියෙහි අනන්‍යතාව සුරකින ධීවර කර්මාන්තය ඔවුන්ගෙ එකම ජීවනොපාය මාර්ගය විය. මත්ස්‍යය සම්පත සංරක්ෂණය කරගනිමින් ප‍්‍රයෝජනයට ගැනීමත් අනොන්‍යය උපකාරය මත සාමූහිකත්වය පදනම් කරගනිමින් සමාජ පැවැත්ම සඳහා ගොඩනැගුන  ධීවර සමාජය ආර්ථිකය හා  සංස්කෘතිය බොහෝ සෙයින් වැදගත් වේ.
ආරම්භයේදී යැපිම් මට්ටමෙන් මසුන් ඇල්ලීම සිදුවූවත් පසුකාලීනව මසුන් ඇල්ලීම සංවිධානාත්මක කර්මාන්තයක් ලෙස සංවර්ධනය විය. පිත්ත, යොත සහ උගුල අතරට කරමල් දැලද, මරුවැල්, මූදුදැල්, ට්‍රොල්දැල්, පර්සියන්, දැල්ද එක්විය. මේ නිසා සරල ධීවර ආම්පන්න සහිත ශ‍්‍රී ලාංකීය මසුන් ඇල්ලීම සංකීර්ණ ආම්පන්න භාවිතා කෙරෙන කර්මාන්තයක් බවට පත්ව ඇත. අද විරැුකියාවට  සහනයක් සලසන විදේශ විනිමය උපයන මන්ද පෝෂණය පිටුදැකීමට සත්ත්ව ප්‍රෝටීන සපයන කර්මාන්තයක් ලෙස ධීවර කර්මාන්තය ශ‍්‍රී ලාංකීය ආර්ථිකයේ වැදගත් කොටස් කරුවෙකු වී ඇත. අපේ මසුන් ඇල්ලීම වෙරළාසන්න ඈත මුහුද සහ දියඹ මුහුද මෙන්ම ජාත්‍යන්තර මුහුදද ජය ගැනීමට වර්තමානයේ සමත් වී ඇත.
අතීතයේ ඔරුව, වල්ලම, තෙප්පම සහ කට්ටුවරම යොදා ගනිමින් කරදියේ මසුන් ඇල්ලීම පැය කිහිපයකට සීමා විය. ඒ මෙම යාත‍්‍රා යොදා ගනිමින් ආරක්ෂාකාරී ලෙස මසුන් මැරීම ස`දහා බොහෝ දුරක් යා නොහැකි වූ බැවිනි. 50 දශකයේ අගභාගයේදී  ටොන් 3 ඃ  ධීවර යාත‍්‍රාව හ`දුන්වාදීමත් සමග මෙතෙක් ගමන්කළ දුර ප‍්‍රමාණයට වඩා බොහෝ  සමුද්‍ර තරණයේ යෙදී මසුන් ඇල්ලීම ස`දහා කාලය මිඩංගු කළ හැකි විය. මෙම යාත‍්‍රා එක්දින යාත‍්‍රා ලෙස හැ`දින් වීමට පසු කළෙක පුරුදු විය. ඒ දින ගණනාවක් මුහුදේ නතරවී මසුන් අල්ලාගෙන ආරක්ෂාකාරී ලෙස නැවත ගොඩබිමට ඒමට හැකි වු ස`දහා පහසුකම් සලසන ලද බහු දින යාත‍්‍රා 80 දශකයේදී හ`දුන්වාදීමෙන් අනතුරුවය.
සරල සාම්ප‍්‍රදායික නොදියුණු ආම්පන්න සංකීර්ණ කාර්යක්ෂම නවීන ආම්පන්න බවට පරිවර්තනය වීමේදී සරල සාම්ප‍්‍රදායික ධීවර යාත‍්‍රා සංකීර්ණ පහසුකම් සහිත නවීන උපාංග වලින් ශක්තිමත් වූ බහුදින යාත‍්‍රා බවට පරිවර්තනය වීමත් සමග මත්ස්‍ය නිශ්පාදනයද වැඩි වන්නට විය. ධීවර කර්මාන්තය ස`දහා යොමු වූ පිරිස්ද ක‍්‍රමක‍්‍රමයෙන් වැඩි වී ඇත. ආරක්ෂාකාරී ලෙස මසුන් මැරීම ස`දහා පහසුකම් ඇතිවීමත් සමග මේ කර්මාන්තයට එක් වූ පිරිසද වැඩි වී ඇත. අඩ සියවසක කාලපරිච්ඡේදය තුළ මුහුදු මත්ස්‍ය නිශ්පාදනයේද පැහැදිලි වෙනසක් ඇති වන්නට විය.  50 දශකයේ මුල් භාගයේ සම්පූර්ණයෙන්ම ඔරුව, පාරුව, කට්ටුමරම සහ තෙප්පම වැනි සාම්ප‍්‍රදායික සරල යාත‍්‍රා භාවිතයෙන් මසුන් ඇල්ලීම සිදු වූවද වර්තමානයේ මුළු ධීවර යාත‍්‍රා ( 42678* සංඛ්‍යාවෙන්් 55‍්‍ර ඇතුළත හෝ පිටත සවිකර ඇති එනජින් මගින් බල ගැන්වෙන යාන්ත‍්‍රික යාත‍්‍රා බවට පත්ව ඇත. එම සංඛ්‍යාවෙන් 6‍්‍ර ක් මුහුදේ බොහෝ කාලයක් නැවතී සිට මසුන් ඇලිලිය හැකි බහුදින යාත‍්‍රා වේ.
මුල් කාලයේදී ටූනා මත්ස්‍ය නිෂ්පාදනය ඉතා පහළ මට්ටමක ( 3ග4 ‍්‍ර - 1951 * තිබූ අතර යාන්ත‍්‍රීකරණය සහ විශාල යාත‍්‍රා ධීවර කර්මාන්තයට එක් වීමත් සමග ටූනා මත්ස්‍ය නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකට ඉහළ ගොස් ඇත. ( 26‍්‍ර  - :1975* එසේම මෝරා මත්ස්‍ය නිෂ්පාදනය 5ග5‍්‍ර - (1951* සිට   17‍්‍ර දක්වා වැඩි වී ඇත. ටූනා සහ මොරා මත්ස්‍ය දෙවර්ගයම අක්වෙරලේ ජීවත් වේ.
මේ නිසා එම කාලපරිච්ඡේදය තුළ මුහුදු ධීවර කර්මාන්තය වෙරළාසන්න මුහුදේ සිට අක්වෙරළ දක්වා පැතිරි ඇති බව පෙනේ. 50 දශකයේ මුහුදු මත්සය නිෂ්පාදනයේ දැවැන්තයා ලෙස සලකන ලද්දේ මාදැලයි. එකල මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් 40‍්‍ර කට වඩා මාදැල් වලින් අල්ලා ගන්නා ලදී. එහෙත් අද තත්වය ඊට සම්පූර්ණයෙන්ම වෙනස් වේ. මාදැල් මගින් සමස්ත නිෂ්පාදනට ලැබෙන දායකත්වය 7‍්‍ර කටත් වඩා අඩු වී ඇත. ( ඒ. ඒ කුලතුංග - ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය 2013*
නූතනයේ මේවා ක‍්‍රමිකව ප‍්‍රතිපෝෂණය වී ඇතුවා මෙන්ම ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට ධීවර උපසංස්කෘතීන්හි ස්වභාවයද වෙනස්විය. ධීවර සමාජය පුළුල්වත්ම ප‍්‍රාදේශීයවද මෙලෙස වෙනස්වීම් වලට භාජනය විය.  එලෙස වෙනස්වීම් වලට ලක් වූ ගම්මානයක් ලෙස මිරිස්ස ගම්මානය හ`දුනාගත හැක.  දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ  වැලිගම නගරයට අයත් ග‍්‍රාමයක් ලෙස මිරිස්ස ග‍්‍රාමය හ`දුන්වාදිය හැක. මෙය ගාල්ල මාතර ප‍්‍රධාන මාර්ගයේ වැලිගම සිට මාතර දිශාවට කිලෝමීටර 10ක් පමණ වන්නට මාර්ගය අයිනේම පිහිටා ඇති පාරම්පරික ධීවර ග‍්‍රාමයකි. මෙය කොළඔ සිට කිලෝ මීටර 240ක් පමණ දුරකින් යුක්තව දකුණු දිශාවෙන් පිහිටා තිබේ. මෙම ග‍්‍රාමයේ මුළු ධීවර සංඛ්‍යාත්මකව ගත් කළ 2369කි. ධීවර පවුල් 1390කි. මෙම මිරිස්ස ධීවර ග‍්‍රාමයේ ධීවර ජනගහනය 5493කි. මාතර දිසුත‍්‍රික්කය තුල ධීවර පරීක්ෂක කාර්යාල 9කි. යාත‍්‍රා ප‍්‍රමානය 2891කි. ක‍්‍රියාකාරී ධීවර කාර්මිකයින් ගණන 13950කි. ධීවර පවුල් සංඛ්‍යාව 13600කි. දිස්ත‍්‍රික් ධීවර කාර්යාල 15ක්ද ධීවර පරීක්ෂක කාර්යාල 148ක්ද සොදිස් මෙහෙයුම් මධ්‍යස්ථාන 21ද පවතී. ( මාතර ධීවර හා ජලජ සම්පත් දිස්ත‍්‍රික් කාර්යාලය*
 මේ අනූව වර්තමානයේ  මිරිස්ස ග‍්‍රාමයේ පාරම්පරික ධීවර ක‍්‍රමයන් බොහෝ සෙයින් අඩු වී ඇති බව මෙහි ධීවරයන් පවසයි. මෙහිදී වැඩි වශයෙන් යනු ලබන්නේ බහුදින යාත‍්‍රාය. එම යාත‍්‍රා එක් එක් ප‍්‍රමාණයේ ඒවා පවතී. අඩි 40, 35, 34 වැනි ප‍්‍රමානයන්ගෙන් මෙම යාත‍්‍රා යුක්ත වේ.


මිරිස්ස ග‍්‍රාමයේ පැවති පාරම්පරික ධීවර ක‍්‍රම රාශියක් වර්තමානය වන විට වියැකී ගොසිනි. වර්තමානය වන විට මිරිස්සේ
ෂඵඹඛ :ෂබඑැරබ්එසදබ්ක ඵමකඑසා්හ ඊද්එ* බහුදින යාත‍්‍රා 192.
ෂෘ්ශ :ෂභ ඊද්රා ධබැ ා්හ ඊද්එ* එක් දින යාත‍්‍රා 25.
ධත්‍ඡුඍ : ධමඑ ඊද්රා ත්‍සඉැර ඍැසබදෙරජැා ඡුක්ිඑසජ *පිටත එන්ජිම සහිත ෆයිබර්ග්ලාස් යාත‍්‍රා 167.
කුඩා බොට්ටු ( කෝස් ඹරු* 60.
හබල් ඔරු 113.
වල්ලම් ඔරු 8 ක් 9
යාන්ත‍්‍රික ඔරු ඵඔඍඊ 60 .
එන්ජින් රහිත ඔරු 113 : භධභ ඵෑක්‍්‍ය්භෂ’ෑෘ ඔඍ්ෘෂඔෂධභ්ඛ ඊධ්ඔ*
තල්මසුන් පෙන්වීම ස`දහා  බෝට්ටු 40
යන ප‍්‍රමානයන්ගෙන් යුත් යාත‍්‍රා  සංඛ්‍යාත්මක වශයෙන් ධීවර කර්මාන්තයේ නියැලෙයි. ධිවර කර්මාන්තයට අමතරව සංචාරකයන් හට තල්මසුන් පෙන්වීමටද මෙම යාත‍්‍රා භාවිතා කරන අයුරු පෙනේ.
මෙම ප‍්‍රස්ථාරය මගින් මිරිස්ස වරාය ආශ‍්‍රිතව වැඩි වශයෙන් ධීවර කර්මාන්තය ස`දහා යොදාගනු ලබන්නේ බහුදින යාත‍්‍රා බව පෙනේ. ඉන්පසුව පිටත එන්ජිම සහිත එක්දින යාත‍්‍රා වැඩි වශයෙන් භාවිතා කරයි. පැරණි වල්ලම් ඔරු භාවිතය වර්තමානය වන විට ඉතාම පහල මට්ටමක පවතින බව හ`දුනාගත හැක.  එමෙන්ම දැනට මුළු මාතර ප‍්‍රදේශයටම ඇත්තේ මාදැල් 6ක් පමණක් බවත් මිරිස්ස ආශ‍්‍රිතව වර්තමානයේ මාදැල් කර්මාන්තය වියැකී ඇති බවත් මාතර දිස්ත‍්‍රිත් ධීවර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සුමිත් කුමාර මහතා පවසයි. ඒ මාදැල් ඇදීම ඉතා වෙහෙසකර කාර්යයක් වන නිසාද මාදැලක් ඇදීම ස`දහා මිනිසුන් 50 - 60 ක් වැනි ප‍්‍රමාණයක් අවශ්‍ය වන නිසාද මෙයට විශාල වියදමක් වැය වන නිසාද මෙලෙස මාදැල් කර්මාන්තය වියැකී ඇති බව ඔහු පවසයි. රිටිපන්න කර්මාන්තය සිදු කරන්නන් මිරිස්සේ බන්ඩරමුල්ල ප‍්‍රදේශයේ 5ක් පමණද කප්පරතොට ප‍්‍රදේශයේද ක‍්‍රියාත්මක වන බව පවසයි. මීට අමතරව මිරිස්ස ග‍්‍රාමය ආශ‍්‍රිතව විසිදැල් භාවිතයට අමතරව කුඩා පන්න ක‍්‍රම භාවිතය සිදු වේ.

මිරිස්ස ග‍්‍රාමය ආශ‍්‍රිත වර්තමානයේ වැඩි වශයෙන් ක‍්‍රියාත්මක වන්නේ බහුදින ධීවර කච්චියයි. මෙහිදි ධීවරයන් 4ක් පමණ මෙම ගමණට සහභාගීවේ. කරවල කරන්නටද යනවානම් 5ක් සහභාගී වේ. මෙහිදී සාගරය තුළ මාස 1 ඃ , 2ක් වැනි කාලයක් ගත කරනු ලබයි. මෙම යාත‍්‍රා එක් එක් ප‍්‍රමාණයන්ගෙන් යුක්ත වේ. අඩි 40, 35, 34 වැනි ප‍්‍රමාණයන්ගේ බහුදින යාත‍්‍ර තිබෙන අතර මිරිස්ස ග‍්‍රාමයේ වැඩි වශයෙන් භාවිතා කරන්නේ අඩි 40 යාත‍්‍රාය. මෙහිදීද මරක්කලහෙයි ( මෙම බෝට්ටුවේ ප‍්‍රධානියා* විසින් මෙම යාත‍්‍රාවේ සියලූ කටයුතු සොයා බලනු ලැබේ. මෙම බොට්ටුවේ ප‍්‍රධානතම ස්ථානය උයැැක යදමිැ ය. එනම් නියමුවා විසින් බොට්ටුව මෙහෙයවනු ලබන ස්ථානයයි.  ඔහුට මහන්සි දැනුන විට තවත් කෙනෙකුට බෝට්ටුව හැසිරවීමට ලබා දෙයි.  මාළු අල්ලාගෙන ඒවා බේරා ගැල් වලට දමා අයිස් කාමරවලට දමනු ලබයි. මෙලෙස එක් බොට්ටුවක අයිස් කාමර දෙකක් හෝ තුනක් පවතින බව පැවසේ. මීට අමතරව ”හැව් එක” ලෙස යොත් ආම්පන්න දැමීමට වෙනම කාමරක් ඇත.
 බොහො විට මෙම යාත‍්‍රවේ තුළ මෙම බෝට්ටුවේ අයිතිකරු යන්නේ නැත. ඔහුගේ ගොලයන් විසින් මෙලෙස මාස ගණන් සාගරයේ සිට මසුන් අල්ලාගෙන පැමිණේ. එමගින් ලැබෙන ලාභයෙන් ඔවුන්ට මුදල් ගෙවනු ලැබේ. එහිදී ස්ථිර ගොලයන් නොමැත. ගෝලයන් මාරු වීමද සිදු වේ. මෙලෙස ඔවුන් සතියක් දෙකක් විවේක සුවයෙන් ගත කර  මත්ස්‍ය අස්වැන්න විකුණා දැල් ආදිය නැවත ප‍්‍රතිසංස්කරණය කොට බොට්ටුවේ සියල්ල ප‍්‍රතිසංස්කරණය කර ගමනට අවශ්‍යය  දැ සම්පාදනය කරගෙන නැවතත් සිය කර්මාන්තයේ නියැලේ. එහිදී මොවුන් ජාත්‍යන්තර සීමාවද ඉක්මවා යමින් මාළුන් සිටින මුහුදු කරා ගමන් කිරිම සිදු කරයි. එහිදී වැඩි වශයෙන්ම  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව වැනි ජාත්‍යන්තර මුහුදු සීමාවන් කරා ගමන් ගන්නා බව මොවුන් පවසයි. නීති විරොධී බව දැන දැනත් ඔවුන් මසුන් පසුපස හඹා යාමේදී නීති රීති අමතක වන බව පවසයි. මොවුන් වැඩි වශයෙන් විදේශ විනිමයක් ඉපයිය හැකි බලයන්, කෙළවල්ලන් අදී මසුන් පිටුපස හඹා යයි. වර්තමානයේ මොරුන් ඇල්ලීම තහනම්ය. නමුත්  ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ සිට දැලක පැටළුනහොත් ගේනෙන්නට ඉඩ ලබා දෙයි.
 පිටත එන්ජිම සහිත ෆයිබර්ග්ලාස් යාත‍්‍රා මගින් සිදු කෙරෙනුයේ එක්දින ධීවර කර්මාන්තයයි. මෙම යාත‍්‍රා වැඩි වශයෙන් අඩි 19 යාත‍්‍රාය. කට්ටමරන් හාල්මැස්සන් පැන්නෝ ආදිය මොවුන් අල්ලා ගනී. රාත‍්‍රී රැුකියාවේ යෙදේ නම් ආලෝකය ආධාරයෙන්  ඉස්සෝ, දැල්ලෝ, ගල් මාළු වැනි මත්‍යසයින් අල්ලනු ලැබේ. සාම්ප‍්‍රදායික මිරිස්ස සමාජයේ ඉසුසො කොටු තිබූ බවද වර්තමානය වන විට මිරිස්සේ ඉස්සන් හි`ග බවත් උන් සිටින්නේ කාලයකට බවත් අල්ලා ගැනීම ඉතා අපහසු බවත් මෙම ධීවරයන් පවසයි. තවද මෙම එක්දින කර්මාන්තයේදී පොකිරිස්සන් දැල්ලන් යන දෙවර්ගය වැඩි වශයෙන් අල්ලනු ලබයි. එහිදී මාස්ක් දමාගෙන ස්නොකර් දමාගෙන ජලය ගැඹුර වැඩිනම් ඔක්සිජන්ද රැුගෙන යන බව පවසයි. මේ අනූව පෙනී යන්නේ ඔවුන්ගේ වාග් මාලාව තුළට වර්තමානය වන විට වැඩි වශයෙන් ඉංග‍්‍රීසි වචන පැමිණ ඇති බවයි.
ධීවර යාත‍්‍රා පිළිබ`දව ස`දහන් කිරීමේදී ඹවුන් වැඩි වශයෙන් එන්ජින් සහිත බෝට්ටු භාවිතා කරන බව පවසයි. එහිදී ඔවුන් තුළ මෙම එන්ජින් පිළිබ`දවද මනා අවබෝධයක් ඇති බව පෙනේ. ”ටාටා එන්ජින් ඉන්දියාවෙන් ගෙන්නන්නේ  ඬේවුඞ් එන්ජින් කොරියාවෙන් ගෙන්නන්නේ ඉස්සර ගෙන්නුවේ 4 , 3 වගේ  ිචැැා තියෙන ඒවා ඩැන් ගෙන්නන්නේ 6  ිචැැා එක. සමහරු යමහ , මිට්යුබිෂී වගේ එන්ජිනුත් පාවිච්චි කරනවා. මේවා ඉස්සර ලක්ෂ 12 , 14 වගේ තිබුනේ දැන් එන්නේ ලක්ෂ 20,26,27 ගණන් වලට” යනුවෙන් මෙම ධීවරයන් ප‍්‍රකාශ කරයි.  මෙලෙස එන්ජින් ගන්න බොහෝ මිනිසුන් බැංකුවලින් ණය ලබා ගන්නා බවද ගෙවල් දොරවල් පවා උකස් කරණ බවද පවසයි. මේ අනූව සම්පූර්ණ බොට්ටුවක් ස`දහා කෝටි 1 ඃ මුදලක් වැයවන බව පැවසේ.
මේ ආකාරයට ඉහතින් දැක්වූ යාත‍්‍රා හරහා දැල්, යොත් , ඇම්, බිලී කටු ආධාරයෙන් වර්තමාන මිරිස්ස ග‍්‍රාමයේ ධීවර කටයුතු සිදු වන අතර වර්තමානයේ මෙය එතරම් අමාරු කාර්යයක් නොවන බවද ධිවරයන් පවසයි.

Saturday, June 27, 2015


 kln.ac.lk
The Frobbiden Love......( Gender)


ජෝර්දානය...
ගිනිගෙන දැවෙන වැල්ලේ පැහැය රැගත් ව්‍යාපාරික ඇදුම් කට්ටලයන්ගෙන් සැරසී එක් කණක් සෙල්ෆෝන් වලත් අනෙක් කණ ශත වර්ෂ ගණනාවක් පුරා කාන්තාරයක් තුලින් හමා එන අනාදිමත් වූත් නීති පද්ධතියක හෝ හඩටත් සවන් දෙන පිරිමි ඔබට එහිදි දැකිය හැකිය.

ජෝර්දානය...
cnn වැනි ව්දේශීය රූපවාහිනී වැනල තුළින් මානව අයිතිවාසිකම් ගැන ව්වාද කර ගන්නා යුරෝපීය ලදුන්ද ඔබට දැකගත හැකිය.
එපමණක් නොව ඉපැරණි කාන්තාර ගෝත‍්‍රික බෙඩුව්න්වරුන්ගේ චාරිත‍්‍රයන් එලෙසම පවත්වාගෙන එමින් පවුලේ නම්බුව රැක ගැනීම සදහා ඉතා සුලූ අසම්මතයන්ට තම දියණිවරුන්ගේ ගෙල සිද දමන පියවරුන්ද ඔබට ජෝර්දානයේද් දැක ගත හැකියි. ස්ත‍්‍රීන් හා පුරුෂයන් උදෙසා පරස්පර ව්රෝධී ප‍්‍රම්තීන් ක‍්‍රියාත්මක වීමද ජෝර්දානයෙදී ඔබට දැක ගත හැකියි.




ඔව්... ගතානුගතික හා නිදහස්ව.... ස්ත‍්‍රීන් කෙරෙහි ගතානුගතිකවත්, පුරුෂයන්ට නිදහස්වත් !  



මේ අයුරින් නොමා මෙම කතාව පැවසීමට පුර්ව්කාව ගෙන ඇත. මෙම පුර්විකාව තුළම මෙම සමාජය තුල ස්ත‍්‍රීයට හිම්වන ස්ථානය පැහැදිලි වේ. මේ අනූව දිලීප ජයකොඩි ව්සින් දයාබර ඩාලියා ලෙස පරිවර්තනය කර ඇති කෘතිය පාදක කර ගනිමින් ජෝර්දානයේ  ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබදව මෙම කෘතිය තුල කියැවෙන අයුරු පිළිබද කතිකාවතක් ගොඩනැගේ.