Monday, January 18, 2016

ධීවර නවීකරණය හා මිරිස්ස ග‍්‍රාමය









වෙරළාසන්න මුහුදේ මසුන් ඇල්ලීම අනාදිමත් කාලයක සිට සිදුකරනු ලබයි. ආරම්භයේදී වෙරළට ඉතා ආසන්න නොගැඹුරු දියේ මසුන් ඇල්ලීම කරනු ලැබූවද කල්යත්ම ඔරු, පාරු, පහුරු භාවිතයෙන් උගුල් ඇටවීමෙන්, බිලී බෑමෙන්, මසුන් ඇල්ලීම සිදුවිය. ප‍්‍රාරම්භක අවධියේ පටන් ධීවර සමාජය තුළ ස්ථාපනය වූ එම සමාජ පැවැත්ම මෙන්ම ඔවුන්ගේ උපසංස්කෘතියෙහි අනන්‍යතාව සුරකින ධීවර කර්මාන්තය ඔවුන්ගෙ එකම ජීවනොපාය මාර්ගය විය. මත්ස්‍යය සම්පත සංරක්ෂණය කරගනිමින් ප‍්‍රයෝජනයට ගැනීමත් අනොන්‍යය උපකාරය මත සාමූහිකත්වය පදනම් කරගනිමින් සමාජ පැවැත්ම සඳහා ගොඩනැගුන  ධීවර සමාජය ආර්ථිකය හා  සංස්කෘතිය බොහෝ සෙයින් වැදගත් වේ.
ආරම්භයේදී යැපිම් මට්ටමෙන් මසුන් ඇල්ලීම සිදුවූවත් පසුකාලීනව මසුන් ඇල්ලීම සංවිධානාත්මක කර්මාන්තයක් ලෙස සංවර්ධනය විය. පිත්ත, යොත සහ උගුල අතරට කරමල් දැලද, මරුවැල්, මූදුදැල්, ට්‍රොල්දැල්, පර්සියන්, දැල්ද එක්විය. මේ නිසා සරල ධීවර ආම්පන්න සහිත ශ‍්‍රී ලාංකීය මසුන් ඇල්ලීම සංකීර්ණ ආම්පන්න භාවිතා කෙරෙන කර්මාන්තයක් බවට පත්ව ඇත. අද විරැුකියාවට  සහනයක් සලසන විදේශ විනිමය උපයන මන්ද පෝෂණය පිටුදැකීමට සත්ත්ව ප්‍රෝටීන සපයන කර්මාන්තයක් ලෙස ධීවර කර්මාන්තය ශ‍්‍රී ලාංකීය ආර්ථිකයේ වැදගත් කොටස් කරුවෙකු වී ඇත. අපේ මසුන් ඇල්ලීම වෙරළාසන්න ඈත මුහුද සහ දියඹ මුහුද මෙන්ම ජාත්‍යන්තර මුහුදද ජය ගැනීමට වර්තමානයේ සමත් වී ඇත.
අතීතයේ ඔරුව, වල්ලම, තෙප්පම සහ කට්ටුවරම යොදා ගනිමින් කරදියේ මසුන් ඇල්ලීම පැය කිහිපයකට සීමා විය. ඒ මෙම යාත‍්‍රා යොදා ගනිමින් ආරක්ෂාකාරී ලෙස මසුන් මැරීම ස`දහා බොහෝ දුරක් යා නොහැකි වූ බැවිනි. 50 දශකයේ අගභාගයේදී  ටොන් 3 ඃ  ධීවර යාත‍්‍රාව හ`දුන්වාදීමත් සමග මෙතෙක් ගමන්කළ දුර ප‍්‍රමාණයට වඩා බොහෝ  සමුද්‍ර තරණයේ යෙදී මසුන් ඇල්ලීම ස`දහා කාලය මිඩංගු කළ හැකි විය. මෙම යාත‍්‍රා එක්දින යාත‍්‍රා ලෙස හැ`දින් වීමට පසු කළෙක පුරුදු විය. ඒ දින ගණනාවක් මුහුදේ නතරවී මසුන් අල්ලාගෙන ආරක්ෂාකාරී ලෙස නැවත ගොඩබිමට ඒමට හැකි වු ස`දහා පහසුකම් සලසන ලද බහු දින යාත‍්‍රා 80 දශකයේදී හ`දුන්වාදීමෙන් අනතුරුවය.
සරල සාම්ප‍්‍රදායික නොදියුණු ආම්පන්න සංකීර්ණ කාර්යක්ෂම නවීන ආම්පන්න බවට පරිවර්තනය වීමේදී සරල සාම්ප‍්‍රදායික ධීවර යාත‍්‍රා සංකීර්ණ පහසුකම් සහිත නවීන උපාංග වලින් ශක්තිමත් වූ බහුදින යාත‍්‍රා බවට පරිවර්තනය වීමත් සමග මත්ස්‍ය නිශ්පාදනයද වැඩි වන්නට විය. ධීවර කර්මාන්තය ස`දහා යොමු වූ පිරිස්ද ක‍්‍රමක‍්‍රමයෙන් වැඩි වී ඇත. ආරක්ෂාකාරී ලෙස මසුන් මැරීම ස`දහා පහසුකම් ඇතිවීමත් සමග මේ කර්මාන්තයට එක් වූ පිරිසද වැඩි වී ඇත. අඩ සියවසක කාලපරිච්ඡේදය තුළ මුහුදු මත්ස්‍ය නිශ්පාදනයේද පැහැදිලි වෙනසක් ඇති වන්නට විය.  50 දශකයේ මුල් භාගයේ සම්පූර්ණයෙන්ම ඔරුව, පාරුව, කට්ටුමරම සහ තෙප්පම වැනි සාම්ප‍්‍රදායික සරල යාත‍්‍රා භාවිතයෙන් මසුන් ඇල්ලීම සිදු වූවද වර්තමානයේ මුළු ධීවර යාත‍්‍රා ( 42678* සංඛ්‍යාවෙන්් 55‍්‍ර ඇතුළත හෝ පිටත සවිකර ඇති එනජින් මගින් බල ගැන්වෙන යාන්ත‍්‍රික යාත‍්‍රා බවට පත්ව ඇත. එම සංඛ්‍යාවෙන් 6‍්‍ර ක් මුහුදේ බොහෝ කාලයක් නැවතී සිට මසුන් ඇලිලිය හැකි බහුදින යාත‍්‍රා වේ.
මුල් කාලයේදී ටූනා මත්ස්‍ය නිෂ්පාදනය ඉතා පහළ මට්ටමක ( 3ග4 ‍්‍ර - 1951 * තිබූ අතර යාන්ත‍්‍රීකරණය සහ විශාල යාත‍්‍රා ධීවර කර්මාන්තයට එක් වීමත් සමග ටූනා මත්ස්‍ය නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකට ඉහළ ගොස් ඇත. ( 26‍්‍ර  - :1975* එසේම මෝරා මත්ස්‍ය නිෂ්පාදනය 5ග5‍්‍ර - (1951* සිට   17‍්‍ර දක්වා වැඩි වී ඇත. ටූනා සහ මොරා මත්ස්‍ය දෙවර්ගයම අක්වෙරලේ ජීවත් වේ.
මේ නිසා එම කාලපරිච්ඡේදය තුළ මුහුදු ධීවර කර්මාන්තය වෙරළාසන්න මුහුදේ සිට අක්වෙරළ දක්වා පැතිරි ඇති බව පෙනේ. 50 දශකයේ මුහුදු මත්සය නිෂ්පාදනයේ දැවැන්තයා ලෙස සලකන ලද්දේ මාදැලයි. එකල මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් 40‍්‍ර කට වඩා මාදැල් වලින් අල්ලා ගන්නා ලදී. එහෙත් අද තත්වය ඊට සම්පූර්ණයෙන්ම වෙනස් වේ. මාදැල් මගින් සමස්ත නිෂ්පාදනට ලැබෙන දායකත්වය 7‍්‍ර කටත් වඩා අඩු වී ඇත. ( ඒ. ඒ කුලතුංග - ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය 2013*
නූතනයේ මේවා ක‍්‍රමිකව ප‍්‍රතිපෝෂණය වී ඇතුවා මෙන්ම ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට ධීවර උපසංස්කෘතීන්හි ස්වභාවයද වෙනස්විය. ධීවර සමාජය පුළුල්වත්ම ප‍්‍රාදේශීයවද මෙලෙස වෙනස්වීම් වලට භාජනය විය.  එලෙස වෙනස්වීම් වලට ලක් වූ ගම්මානයක් ලෙස මිරිස්ස ගම්මානය හ`දුනාගත හැක.  දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ  වැලිගම නගරයට අයත් ග‍්‍රාමයක් ලෙස මිරිස්ස ග‍්‍රාමය හ`දුන්වාදිය හැක. මෙය ගාල්ල මාතර ප‍්‍රධාන මාර්ගයේ වැලිගම සිට මාතර දිශාවට කිලෝමීටර 10ක් පමණ වන්නට මාර්ගය අයිනේම පිහිටා ඇති පාරම්පරික ධීවර ග‍්‍රාමයකි. මෙය කොළඔ සිට කිලෝ මීටර 240ක් පමණ දුරකින් යුක්තව දකුණු දිශාවෙන් පිහිටා තිබේ. මෙම ග‍්‍රාමයේ මුළු ධීවර සංඛ්‍යාත්මකව ගත් කළ 2369කි. ධීවර පවුල් 1390කි. මෙම මිරිස්ස ධීවර ග‍්‍රාමයේ ධීවර ජනගහනය 5493කි. මාතර දිසුත‍්‍රික්කය තුල ධීවර පරීක්ෂක කාර්යාල 9කි. යාත‍්‍රා ප‍්‍රමානය 2891කි. ක‍්‍රියාකාරී ධීවර කාර්මිකයින් ගණන 13950කි. ධීවර පවුල් සංඛ්‍යාව 13600කි. දිස්ත‍්‍රික් ධීවර කාර්යාල 15ක්ද ධීවර පරීක්ෂක කාර්යාල 148ක්ද සොදිස් මෙහෙයුම් මධ්‍යස්ථාන 21ද පවතී. ( මාතර ධීවර හා ජලජ සම්පත් දිස්ත‍්‍රික් කාර්යාලය*
 මේ අනූව වර්තමානයේ  මිරිස්ස ග‍්‍රාමයේ පාරම්පරික ධීවර ක‍්‍රමයන් බොහෝ සෙයින් අඩු වී ඇති බව මෙහි ධීවරයන් පවසයි. මෙහිදී වැඩි වශයෙන් යනු ලබන්නේ බහුදින යාත‍්‍රාය. එම යාත‍්‍රා එක් එක් ප‍්‍රමාණයේ ඒවා පවතී. අඩි 40, 35, 34 වැනි ප‍්‍රමානයන්ගෙන් මෙම යාත‍්‍රා යුක්ත වේ.


මිරිස්ස ග‍්‍රාමයේ පැවති පාරම්පරික ධීවර ක‍්‍රම රාශියක් වර්තමානය වන විට වියැකී ගොසිනි. වර්තමානය වන විට මිරිස්සේ
ෂඵඹඛ :ෂබඑැරබ්එසදබ්ක ඵමකඑසා්හ ඊද්එ* බහුදින යාත‍්‍රා 192.
ෂෘ්ශ :ෂභ ඊද්රා ධබැ ා්හ ඊද්එ* එක් දින යාත‍්‍රා 25.
ධත්‍ඡුඍ : ධමඑ ඊද්රා ත්‍සඉැර ඍැසබදෙරජැා ඡුක්ිඑසජ *පිටත එන්ජිම සහිත ෆයිබර්ග්ලාස් යාත‍්‍රා 167.
කුඩා බොට්ටු ( කෝස් ඹරු* 60.
හබල් ඔරු 113.
වල්ලම් ඔරු 8 ක් 9
යාන්ත‍්‍රික ඔරු ඵඔඍඊ 60 .
එන්ජින් රහිත ඔරු 113 : භධභ ඵෑක්‍්‍ය්භෂ’ෑෘ ඔඍ්ෘෂඔෂධභ්ඛ ඊධ්ඔ*
තල්මසුන් පෙන්වීම ස`දහා  බෝට්ටු 40
යන ප‍්‍රමානයන්ගෙන් යුත් යාත‍්‍රා  සංඛ්‍යාත්මක වශයෙන් ධීවර කර්මාන්තයේ නියැලෙයි. ධිවර කර්මාන්තයට අමතරව සංචාරකයන් හට තල්මසුන් පෙන්වීමටද මෙම යාත‍්‍රා භාවිතා කරන අයුරු පෙනේ.
මෙම ප‍්‍රස්ථාරය මගින් මිරිස්ස වරාය ආශ‍්‍රිතව වැඩි වශයෙන් ධීවර කර්මාන්තය ස`දහා යොදාගනු ලබන්නේ බහුදින යාත‍්‍රා බව පෙනේ. ඉන්පසුව පිටත එන්ජිම සහිත එක්දින යාත‍්‍රා වැඩි වශයෙන් භාවිතා කරයි. පැරණි වල්ලම් ඔරු භාවිතය වර්තමානය වන විට ඉතාම පහල මට්ටමක පවතින බව හ`දුනාගත හැක.  එමෙන්ම දැනට මුළු මාතර ප‍්‍රදේශයටම ඇත්තේ මාදැල් 6ක් පමණක් බවත් මිරිස්ස ආශ‍්‍රිතව වර්තමානයේ මාදැල් කර්මාන්තය වියැකී ඇති බවත් මාතර දිස්ත‍්‍රිත් ධීවර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සුමිත් කුමාර මහතා පවසයි. ඒ මාදැල් ඇදීම ඉතා වෙහෙසකර කාර්යයක් වන නිසාද මාදැලක් ඇදීම ස`දහා මිනිසුන් 50 - 60 ක් වැනි ප‍්‍රමාණයක් අවශ්‍ය වන නිසාද මෙයට විශාල වියදමක් වැය වන නිසාද මෙලෙස මාදැල් කර්මාන්තය වියැකී ඇති බව ඔහු පවසයි. රිටිපන්න කර්මාන්තය සිදු කරන්නන් මිරිස්සේ බන්ඩරමුල්ල ප‍්‍රදේශයේ 5ක් පමණද කප්පරතොට ප‍්‍රදේශයේද ක‍්‍රියාත්මක වන බව පවසයි. මීට අමතරව මිරිස්ස ග‍්‍රාමය ආශ‍්‍රිතව විසිදැල් භාවිතයට අමතරව කුඩා පන්න ක‍්‍රම භාවිතය සිදු වේ.

මිරිස්ස ග‍්‍රාමය ආශ‍්‍රිත වර්තමානයේ වැඩි වශයෙන් ක‍්‍රියාත්මක වන්නේ බහුදින ධීවර කච්චියයි. මෙහිදි ධීවරයන් 4ක් පමණ මෙම ගමණට සහභාගීවේ. කරවල කරන්නටද යනවානම් 5ක් සහභාගී වේ. මෙහිදී සාගරය තුළ මාස 1 ඃ , 2ක් වැනි කාලයක් ගත කරනු ලබයි. මෙම යාත‍්‍රා එක් එක් ප‍්‍රමාණයන්ගෙන් යුක්ත වේ. අඩි 40, 35, 34 වැනි ප‍්‍රමාණයන්ගේ බහුදින යාත‍්‍ර තිබෙන අතර මිරිස්ස ග‍්‍රාමයේ වැඩි වශයෙන් භාවිතා කරන්නේ අඩි 40 යාත‍්‍රාය. මෙහිදීද මරක්කලහෙයි ( මෙම බෝට්ටුවේ ප‍්‍රධානියා* විසින් මෙම යාත‍්‍රාවේ සියලූ කටයුතු සොයා බලනු ලැබේ. මෙම බොට්ටුවේ ප‍්‍රධානතම ස්ථානය උයැැක යදමිැ ය. එනම් නියමුවා විසින් බොට්ටුව මෙහෙයවනු ලබන ස්ථානයයි.  ඔහුට මහන්සි දැනුන විට තවත් කෙනෙකුට බෝට්ටුව හැසිරවීමට ලබා දෙයි.  මාළු අල්ලාගෙන ඒවා බේරා ගැල් වලට දමා අයිස් කාමරවලට දමනු ලබයි. මෙලෙස එක් බොට්ටුවක අයිස් කාමර දෙකක් හෝ තුනක් පවතින බව පැවසේ. මීට අමතරව ”හැව් එක” ලෙස යොත් ආම්පන්න දැමීමට වෙනම කාමරක් ඇත.
 බොහො විට මෙම යාත‍්‍රවේ තුළ මෙම බෝට්ටුවේ අයිතිකරු යන්නේ නැත. ඔහුගේ ගොලයන් විසින් මෙලෙස මාස ගණන් සාගරයේ සිට මසුන් අල්ලාගෙන පැමිණේ. එමගින් ලැබෙන ලාභයෙන් ඔවුන්ට මුදල් ගෙවනු ලැබේ. එහිදී ස්ථිර ගොලයන් නොමැත. ගෝලයන් මාරු වීමද සිදු වේ. මෙලෙස ඔවුන් සතියක් දෙකක් විවේක සුවයෙන් ගත කර  මත්ස්‍ය අස්වැන්න විකුණා දැල් ආදිය නැවත ප‍්‍රතිසංස්කරණය කොට බොට්ටුවේ සියල්ල ප‍්‍රතිසංස්කරණය කර ගමනට අවශ්‍යය  දැ සම්පාදනය කරගෙන නැවතත් සිය කර්මාන්තයේ නියැලේ. එහිදී මොවුන් ජාත්‍යන්තර සීමාවද ඉක්මවා යමින් මාළුන් සිටින මුහුදු කරා ගමන් කිරිම සිදු කරයි. එහිදී වැඩි වශයෙන්ම  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව වැනි ජාත්‍යන්තර මුහුදු සීමාවන් කරා ගමන් ගන්නා බව මොවුන් පවසයි. නීති විරොධී බව දැන දැනත් ඔවුන් මසුන් පසුපස හඹා යාමේදී නීති රීති අමතක වන බව පවසයි. මොවුන් වැඩි වශයෙන් විදේශ විනිමයක් ඉපයිය හැකි බලයන්, කෙළවල්ලන් අදී මසුන් පිටුපස හඹා යයි. වර්තමානයේ මොරුන් ඇල්ලීම තහනම්ය. නමුත්  ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ සිට දැලක පැටළුනහොත් ගේනෙන්නට ඉඩ ලබා දෙයි.
 පිටත එන්ජිම සහිත ෆයිබර්ග්ලාස් යාත‍්‍රා මගින් සිදු කෙරෙනුයේ එක්දින ධීවර කර්මාන්තයයි. මෙම යාත‍්‍රා වැඩි වශයෙන් අඩි 19 යාත‍්‍රාය. කට්ටමරන් හාල්මැස්සන් පැන්නෝ ආදිය මොවුන් අල්ලා ගනී. රාත‍්‍රී රැුකියාවේ යෙදේ නම් ආලෝකය ආධාරයෙන්  ඉස්සෝ, දැල්ලෝ, ගල් මාළු වැනි මත්‍යසයින් අල්ලනු ලැබේ. සාම්ප‍්‍රදායික මිරිස්ස සමාජයේ ඉසුසො කොටු තිබූ බවද වර්තමානය වන විට මිරිස්සේ ඉස්සන් හි`ග බවත් උන් සිටින්නේ කාලයකට බවත් අල්ලා ගැනීම ඉතා අපහසු බවත් මෙම ධීවරයන් පවසයි. තවද මෙම එක්දින කර්මාන්තයේදී පොකිරිස්සන් දැල්ලන් යන දෙවර්ගය වැඩි වශයෙන් අල්ලනු ලබයි. එහිදී මාස්ක් දමාගෙන ස්නොකර් දමාගෙන ජලය ගැඹුර වැඩිනම් ඔක්සිජන්ද රැුගෙන යන බව පවසයි. මේ අනූව පෙනී යන්නේ ඔවුන්ගේ වාග් මාලාව තුළට වර්තමානය වන විට වැඩි වශයෙන් ඉංග‍්‍රීසි වචන පැමිණ ඇති බවයි.
ධීවර යාත‍්‍රා පිළිබ`දව ස`දහන් කිරීමේදී ඹවුන් වැඩි වශයෙන් එන්ජින් සහිත බෝට්ටු භාවිතා කරන බව පවසයි. එහිදී ඔවුන් තුළ මෙම එන්ජින් පිළිබ`දවද මනා අවබෝධයක් ඇති බව පෙනේ. ”ටාටා එන්ජින් ඉන්දියාවෙන් ගෙන්නන්නේ  ඬේවුඞ් එන්ජින් කොරියාවෙන් ගෙන්නන්නේ ඉස්සර ගෙන්නුවේ 4 , 3 වගේ  ිචැැා තියෙන ඒවා ඩැන් ගෙන්නන්නේ 6  ිචැැා එක. සමහරු යමහ , මිට්යුබිෂී වගේ එන්ජිනුත් පාවිච්චි කරනවා. මේවා ඉස්සර ලක්ෂ 12 , 14 වගේ තිබුනේ දැන් එන්නේ ලක්ෂ 20,26,27 ගණන් වලට” යනුවෙන් මෙම ධීවරයන් ප‍්‍රකාශ කරයි.  මෙලෙස එන්ජින් ගන්න බොහෝ මිනිසුන් බැංකුවලින් ණය ලබා ගන්නා බවද ගෙවල් දොරවල් පවා උකස් කරණ බවද පවසයි. මේ අනූව සම්පූර්ණ බොට්ටුවක් ස`දහා කෝටි 1 ඃ මුදලක් වැයවන බව පැවසේ.
මේ ආකාරයට ඉහතින් දැක්වූ යාත‍්‍රා හරහා දැල්, යොත් , ඇම්, බිලී කටු ආධාරයෙන් වර්තමාන මිරිස්ස ග‍්‍රාමයේ ධීවර කටයුතු සිදු වන අතර වර්තමානයේ මෙය එතරම් අමාරු කාර්යයක් නොවන බවද ධිවරයන් පවසයි.

No comments: